කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු ක්‍ෂෙත‍්‍රය සම්බන්ධයෙන් යෞවන කටයුතු හා නිපුනත සංවර්ධන අමාත්‍යංශය හා ඒ යටතේ ඇති ආයතනයන් එක්ව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනයන් සහභාගී කර ගනිමින් ,නිපුනතා නව නිපැයුම් තරගය හා අධ්‍යාපනික ප‍්‍රදර්ශනය 2012, සංවිධානය කිරීමට නටයුතු යොදා ඇත.
යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති පුහුණු ආයතන වලින් පුහුණුව ලබන හෝ පුහුණුව සාර්ථකව අවසන් කර ඇති හෝ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි රාජ්‍ය, පෞද්ගලික හා පෞද්ගලික නොවන අංශයේ පුහුණු මධ්‍යස්ථාන වල පුහුණුව ලබන හෝ පුහුණුව සාර්ථකව අවසන් කර ඇති හෝ NVQ සහතික ලබා ඇති 2012 දෙසැම්බර් මස 31 වන දිනට වයස අවුරුදු 17 – 35 අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කල හැක.
කොන්ඩා සැකසුම් කලාව, විලාසිතා, සූපවේදය, පරිඝනක ග‍්‍රැෆික් නිර්මාණ, බේකරි, ස්වර්ණාභරණ නිර්මාණ, ඉලෙක්ට්‍රොනික්, වාහන අලූත් වැඩියා, ජලනල කාර්මික, වෙබ් නිර්මාණය, වෙල්ඩින්, භෝජනාගාර සේවා, වඩු කර්මාන්තය, ටයිල් කර්මාන්තය, විදුලි ස්ථාපනය, පෙදරේරු, ජාල තාක්‍ෂණ ශිල්පී,ව්‍යාපාර සඳහා මෘදුකාංග නිර්මාණය, තොතුරු තාක්‍ෂණ පරිපථ පරිපාලනය යනාදී අංශ ඔස්සේ මෙම තරගාවලිය පැවැත්වේ.
ප‍්‍රථම ස්ථානය සඳහා මුදලින් රු. 2,50,000/- දෙවන ස්ථානයට රු. 1,50,000/- තුන්වන ස්ථානයට රු. 100,000 බැගින් මුදල් ත්‍යාගයන්ද, තෝරා ගන්නා තරඟකරුවන්ට 2013 වසරේ ජර්මනියේ පැවැත්වෙන World Skills තරඟයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට ඇතුලත්වීමේ අවස්ථාව හිමිවේ.
නිපුනතා නව නිපැයුම් තරඟය පිළිබඳව විස්තර හා අයදුම්පත් කොළඹ 05, නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට පැමිණීමෙන් හෝ දුරකතන අංක 0115 849069/0773 167113 හෝ www.youthskillsmin.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.