කොරතොට රජමහා විහාරයේ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීම

කඩුවෙල, කොරතොට, ඵෙතිහාසික රජමහා විහාර භූමියේ කඳු මුදුනේ ඉඳිවෙන අඩි 108 ක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුන්‍ය මහෝත්සවය හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, සද්ධම්ම  කීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී සාමවිනිසුරු, කොරතොට රජමහා විහාරාධිපති ගරු පූජ්‍යපාද හබරකඩ සෝභිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගිත්වයෙන් අධි බිනර මස පුන් පොහෝ දින පෙ.ව. 9.42 ට යෙදුණ සුභමොහොතින් සිදුකෙරිණ.

ක්‍රි. පූ 1 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් කඩුවෙල කොරතොට රජමහ විහාරය දෙවන පෑතිස් රජ සමයට අයත් බ්‍රාහ්මීය අක්ෂර ආරක්ෂා වි ඇති  කොළඹ දිස්ත්‍රික්කයේ ඇති එකම පුරාවිද්‍යා ස්ථානය වශයෙන් ප්‍රකටවේ. කොරතොට රජමහා විහාරයේ  අභිනවයෙන් ඉදිවන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ  කොළඹ දිස්ත්‍රික්කයේ අඩි 108 කට අධික උසින් යුත් එකම  බුද්ධ ප්‍රතිමාව වශයෙන්ද හැඳින්වේ. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බැතිමතුන්ගේ මළුව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 300 කට අධික මුදලක් වැයවෙතයි අපේක්ෂා කෙරේ.

කඩුවෙල කොරතොට රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පිවිසෙන පඩිපෙළ විවෘත කිරීමද විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් සිදුවිය. අතිගරු ජනාධිපතිතුමාගේ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ජනසෙවණ  සසුනට සවිය” වැඩසටහන යටතේ මෙම පඩිපෙළ ඉදිකර තිබේ. කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා විසින් රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් මේ සඳහා වැයකර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, සරත් සුමනසේකර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් කඩුවෙල නාගරික මන්ත්‍රීවරුන් වන සමන් කුමාර, සරත් අලවල, චන්දික අබේරත්න, යන මහත්වරුන් හා නවගමුව පොලිස් ස්ථානාධිපති, මහා සංඝරත්නය හා බැතිමත්හූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

3,540 Viewers

3 Comments to “කොරතොට රජමහා විහාරයේ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීම”

  1. සුන්දරා says:

    බුදු හාමුදුරුවෝ සමාදිය වලා නිවන් දැකලත් ඉවරයි .තොපි තමන් හිත හදාගන්නේ නැතුව රටපුරා බුදු පිළිම හද හද
    මෝඩ පවුකාර තකතිරුවෝ ඒවා විවුර්ත කර කර දුප්පතුන්ට වියදම් කරන්න තියෙන සල්ලි නාස්ති කර කර තොපි කරපු
    පවු කාරකම් වැහෙන්නද බෝල මෙතරම් පිළිම හදන්නේ .මෝඩ හැත්තෑ අප්පයේ යන්න ඉක්මන්වෙලාද තොපිට ?

  2. saradieal says:

    UBALA KALITA ASARANA SATTHU BILLIDENNE MONA PISSUWADATHA KALAKANNI DEMALA HATTHA

Leave a Comment