බස් කරදර ඉවරයි

September 4, 2012 at 10:51 am | Lanka C News.

බස් කරදර ඉවරයි

අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා බස්රථ සම්බන්ධයෙන් මගී ජනතාවට ඇති සියලු ම ගැටලුකාරී තත්ත්වයන් මෙම වසරේ දෙසැම්බර් 31වනදා වන විට අවසන් කරනු ලබන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මගී බස් රථ නියමිත වේගයට වඩා අඩු වේගයකින් ගමන් කිරීම, ටිකට් පත් නිකුත් නොකිරීම, මගී ජනතාවට නිසි අයුරින් ඉතිරි මුදල් ලබා නොදීම් ආදී ගැටලු රැසක් විසදීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටින බව සභාපතිවරයා තවදුරටත් පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මේවන විට ලියාපදිංචි අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා බස්රථ සංඛ්‍යාව 3,100ක් වන බව පෙන්වා දුන් සභාපතිවරයා තවදුරටත් පැවසුවේ , විශේෂයෙන් බස්රථවල ගමනාගමනයට මගී පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඉදිරි කාලයේ දී හඳුන්වා දීම තුළින් බහුතරයක් ගැටලු අවසන්වනු ඇති බවයි.

පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යසී. බී. රත්නායක මහතාගේ උපදෙස් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම වැඩසටහන් ක්‍රියානට නංවනු ලැබේ.

3,907 Viewers

4 Comments to “බස් කරදර ඉවරයි”

  1. කුමාර් says:

    මම හිතන්නෙ අන්තර් පලාත් බස් කියන්නෙ පලාත් දෙකක් අතර ගමන් ගන්නා බස් වෙන්න ඕන

    අම්පාර කොළඹ කියන්නෙ නැගෙනහිර පලාත හා බස්නාහිර පළාත අතර යන බස් ඒ බස් යන්නෙ රෑට විතරයි යුද්දෙ තිබ්බ කාලෙ බස්වල වැඩිය සෙනග හිටියෙ නැහැ ඒ වුනාට දැන් ඉතාමත් අධික ලෙස සෙනග ඒ බස් වල ඉන්නව. සති මැද දවස්වලත් බස් යන්නෙ ෆුල් ලෝඩ් කරල. ඒ වුනාට සෙනග වැඩි වුනාට බස් වැඩි කරල ගමන් වාර ප්‍රමාණය වැඩි කරල නැහැ අනේ කරුනාකරල දවසකට තවත් ගමන් වාර 3 ක් වත් වැඩි වෙන විදිහට බස් වැඩි කරනවනම් ලොකු දෙයක්.

  2. සුලෝචනා says:

    මගීන්ට කරන තවත් සේවාවක් තමයි ඉන්දියන් ලඩි වල හයි කරල තියෙන අලි එලවන නලා තහනම් කරන එක,සීට් තුනේ පේලි තියෙන බස්වලවත් පහසුවෙන් ඉඳගෙන යන්න පුලුවන් විදිහට ඉඩ වැඩි කරන එක. ලංවෙලා හිරවෙලා යනකොට විළි හිරි බිඳෙනවා. කාන්තාවන්ට වෙනම එක් පැත්තක ආසන වෙන්කිරීම මගින් මේ රට මාතෘ මූලික සමාජයක් බව තහවුරු කිරීම. අධික ශබ්දවලින් යුතු බෆල් සවි කරන්නේ නැතුව නිසි ප්‍රමිතියකින් යුතු හඬක් මිනිස් කණට ඇහෙන සේ සවිකරන්න උපදෙස් දීම. නිල ඇඳුම පිරිසිඳුව තබා ගැනීම හා ‘ඩ්‍රෙස් කෝඩ්’ එකක් තිබීම,’ගෘමින්ග්’ තිබීම විශේෂයෙන් ක්‍රියාත්මක කලයුතු දෙ විය යුතුයි. නැත්නම් ඊළගට පත්වෙන ඇමැටි කොරනකල් බලං ඉන්න සිද්ධ වෙනවා.

  3. FULL KOTA UDA says:

    “kathawa dolawen gamana payin” thawath ekthara warthawak pamani. bas magin wana apita thawath karadara wedi wevi. mokada 31 wenakota thiyena bas tika “aluth” wenne nene thawath abalanwenawa misak. – JAYAWEWA.

  4. සෝමේ says:

    193,154,155,177,175 ගැන මොකද කියන්නේ ?

Leave a Comment