ලබන 08 වැනි දින පැවැත්වීමට නියමිත සබරගමුව, උතුරු මැද හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සිදුකිරීමට ලබා දී තිබූ කාලය අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ අනුව පක්‍ෂ කාර්යාල හැර සෙසු ප්‍රදේශවල හා වාහනවල ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක දැන්වීම් ද අද සිට ඉවත් කල යුතුය.
එමෙන්ම හෙට (06) සිට මැතිවරණය අවසන් වන තෙක් දේශපාලන උද්ඝෝෂණ, පෙළපාලි, රථ පෙරහැර, සංගීත සංදර්ශන ආදී වැඩසටහන් මැතිවරණ බල ප්‍රදේශවල පැවැත්වීම සපුරා තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලුම දේශපාලන පක්‍ෂ වෙත දැනුම් දී ඇත.