Lanka Cyber News - Logo
Sinhala | English
Lanka Cyber News - Logo
home facebook twitter

බන්ධනාගාර කෞතුකාගාරයක්

September 8, 2012 at 11:53 am | Lanka C News.

බන්ධනාගාර කෞතුකාගාරයක්

යටත් විජිත සමයේ ආරම්භ කෙරුණු බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව ඉතා වටිනා මෙන්ම ඓතිහාසික සනිටුහන් රැසක් වන අතර ඒවා විනාශ නොවී සංරක්ෂනය කිරීමටත් , අනාගත පරපුර ඒවා දැකබලා ගැනීමටත් බන්ධනාගාර කෞතුකාගාරයක් පිහිටුවීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රත්සංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් මත පිහිටුවන මෙම කෞතුකාගාරය සඳහා ‍බන්ධනාගාර ඓතිහාසික ස්ථාන සහ භාණ්ඩ, නිර්මාණවල ලේඛනයක් සකස් කිරීම සිදුවෙයි.

1870 ගණන්වල සිට ක්‍රියාත්මක බන්ධනාගාර ලොන්ඩරියද මේ සඳහා කදිම නිදසුනක් වන අතර එය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ දක්ෂතාවයෙන් සිදුකෙරුණු අලුත්වැඩියාවන් මත යළිත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බවත් එවැනනි ඓතිහාසික වටිනා කමින් යුතු දේපළ රැසක් බන්දනාගාර සතුවන බවද පෙන්වා දෙන ඇමැතිවරයා මේවා සංරක්ෂණය කිරීම තම අමාත්‍යශයේ වගකීම බවද පෙන්වා දෙයි.

2,099 Viewers
Print

One Comment to “බන්ධනාගාර කෞතුකාගාරයක්”

  1. Original Helaya says:
    September 8, 2012 at 7:19 pm

    Meketh kadu thibbothnam mekath iwarai

    Reply
‍

Leave a Comment

Click here to cancel reply.

—-

 photo enethlankaad1.gif

 

—

2011 Lanka C News

Get Sinhala | RSS | පසු ගිය පුවත්
සිංහල | English