ඊබට් සිල්වා හොලිඩේස් ආයතනය ඉකුත්දා පස්‌වන වතාවට පත්වන්නට යෙදුන ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී “වඩාත් වැඩි දියුණු කරන ලද සංචාරක ව්‍යාපෘතිය” සඳහා වන සම්මානය එම සමාගම මගින් මෙහෙය වන “කළම්බෝ සිටි ටුවර්” ව්‍යාපෘතිය සඳහා දිනා ගන්නා ලදී.
“කළම්බෝ සිටි ටුවර්” ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දියත් කරන ලද විවෘත උඩුමහල සහිත දෙමහල් බස් රථයකින් කෙරෙන නගර සිරි නරඹන සේවයයි. මෙය ලොව වටා ප්‍රමුඛ රටවල සෑම ප්‍රධාන නරගයකම වාගේ දක්‌නට ලැබෙන සංචාරක අංගයකි.