සියදිවි නසාගැනීම වැළැක්වීමට ජනාධිපති කාර්යසාධක බලකායක්

සියදිවි නසාගැනීම වැළැක්වීමට ඒ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගිවෙමින් මේ බව පැවසීය.ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය අදට යෙදී ඇත.ඒ වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණය, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා, එදා පැයකට එක් අයකු සියදිවි නසාගත් නමුත් අද දිනකට එය 11 දක්වා අඩු කරගැනීමට අපට හැකි වී තිබෙනවා.නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය,ආගමික සංස්ථාව ඇතුළු සියලු අයගේ දායකත්වය නිසා මේ සංඛ්‍යාව අඩුකරගැනීමට හැකිවුණා.අද සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ  සෑම රෝහලකම මානසික සෞඛ්‍ය අංශ පුළුල් වීමත් මෙයට හේතු වෙලා.

බෞද්ධ දේශනයෙත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියා දී තිබෙනවා.අද ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම දන්නා නිසා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

1,900 Viewers

6 Comments to “සියදිවි නසාගැනීම වැළැක්වීමට ජනාධිපති කාර්යසාධක බලකායක්”

  1. පරවියා says:

    ඉස්සල්ලා මිනිස්සුන්ට කන්න අඳින්න පුලුවන් වටපිටාවක් හදන්න. එතකොට මේක ඉබේම ඇරෙයි

    • Machan says:

      eka weradiyi.

    • kalawedda says:

      dumb ass ! මිනිස්සු suicide කරන්නෙ කන්න බොන්න නැති කමට නෙවෙයි පුද්ගලික ප්‍රශ්නවලට. කාටවත් පුලුඅන්ද ඒව විසඳන්න

  2. මාරයා says:

    අනේ ගොනෝ… එතකොට මේ ලව් සීන් වලටයි, විභාගේ fail උනාටයි, කොටු පැනල අහු උනාමයි හැම එකටම සියදිවි නසාගන්න එකත් නවතිනවද… මාරයා

  3. Lashantha says:

    Pareviyoo..

    Kawuda kiyanne minissunta kanna andinna nehe kiyalaa.
    Dekke nedda … Palath Saba chande… Kanna andinna nehe kiyanne UNP ekayii JVP ekayii witharayii…

Leave a Comment