පළමු වතාවට ජාත්‍යන්තර රන්භාණ්ඩ සමාගමක් ශ්‍රී ලංකාවට

ඩුබායි මුලස්ථානය වු ස්වර්ණාභරණ සඳහා පිළිගත් සම්මානනීය, අන්තර්ජාතික පියෝගෝල්ඩ් සමාගම (Pure Gold Group) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ඇරඹීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍යාංශය පවසයි.

“අපි පියෝගෝල්ඩ් සමාගම ඉතා ආදරයෙන් ශ්‍රී ලංකාවට පිළිගන්නවා. ඔවුන් ඇ.ඩො. මිලියන 50 ක ($50 Mn- රු.බිලියන 6.6) ආයෝජනයකට සූදානම්” යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි  හී “පියෝගෝල්ඩ්” සමාගමේ සභාපති පිfරොස් මචන්ට් (Firoz G. Merchant) මහතා සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

“පියෝගෝල්ඩ් සමාගම ලංකාවට පැමිණිමෙන් අපගේ මැණික් හා ස්වර්ණාභරණ අපනයන තත්වය ඉහළ යනු ඇත. එමෙන්ම අපගේ ස්වර්ණාභරණ  කර්මාන්තයට ජාත්‍යන්තර වටිනාකමක් ලබාදී ඉන් අපගේ අපනයන මට්ටම උසස් කිරිමට ද  හැකිවනු ඇතැයි අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවසීය.

2011 ශ්‍රී ලංකා අපනයන දත්ත අනුව, අපගේ ස්වර්ණාභරණ,දියමන්ති හා මැණික් නිෂ්පාදකයන් ඒවායේ වටිනාකම වැඩිකිරිමට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දෙමින් අපනයනය සංවර්ධනය කර ඇත.“පියෝගෝල්ඩ්” සැපයුම් ජාලය අපගේ ස්වර්ණාභරණ අපනයන කර්මාන්තයට සම්බන්ධ වීම ගැන සතුටු වන අතර,අපනයන කර්මාන්ත කරුවන්ට ඔවුන්ට අවශ්‍ය රත්‍රං වඩා තරඟකාරී මිලකින් ලබා ගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ වර්ථමාන රන් අවශ්‍යතාව සම්පුර්ණයෙන් සැපෙයන්නේ ආනයන මඟිනි.වාර්ෂික රන් ආනයනය ඩො. මිලියන 30 (හා ඊට වැඩි) වන අතර මෙට්‍රික් ටොන් 6 ට වැඩි වාර්ෂික රන්ආනයන ප්‍රමාණයක් රටේ ජන පරිභෝජනයට සහ අපනයන නිෂ්පාදන වලට අමුද්‍රව්‍ය ලෙස භාවිතාවට ගැනේ.

3,239 Viewers

5 Comments to “පළමු වතාවට ජාත්‍යන්තර රන්භාණ්ඩ සමාගමක් ශ්‍රී ලංකාවට”

  1. Gunapala says:

    Where are the stupid fellows who always make hostile comments against Muslims and Arabs???????????

  2. ටාටා says:

    බොදු බල සේනාව කකුස්සි වලේ ඔලුව ඔබාගෙන ඇති ලැජ්ජාවටත් එක්ක.

    • පරවියා says:

      උඹට බොදු බල සේනාවත් එක්ක තියෙන්නේ මොකද්ද ?
      හම්බයො කොච්චර ව්‍යාපාර දැම්මත් සිංහල එවුන් ඒකට යන්නේ නෑ.
      ඕන බංකොලොත් වෙයි

  3. saradiel says:

    SRILANKA GOING TO LOOSE ALL GOLD IN CENTRAL BANK

  4. saradiel says:

    NOW THEY GOING TO DO OIL FOR GOLD

Leave a Comment