ශ්‍රී ලංකාවේ මාර්ග ඉදිකිරීමේ වැඩසටහනට අතිරේක ඩොලර් මිලියන 98ක් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර ඇත.
මේ අනුව ජාතික සහ ප්‍රදේශීය මට්ටමින් තවත් කි.මී. 230ක මහාමාර්ග ද උතුරු සහ උතුර මැද පළාත්වල කි.මී. 300ක මාර්ග පුනරුත්ථාපනය කිරීමට මේ යටතේ හැකි වනු ඇත.
දකුණු සහ බටහිර පළාත් යා කෙරෙන දක්ෂිණ අධිවේගී මහා මාර්ගයට ප්‍රවේශ මාර්ග 06ක් අයත් වන පරිදි තවත් අමතර කි.මී. 62 මහා මාර්ග ද මේ අනුව වැඩි දියුණු කෙරෙනු ඇත. මෙම වැඩසටහන නිමාවත් ම අගනුවර වන කොළඹ ඇතුළු දකුණට වේගයෙන් ප්‍රවේශවීමට ජනතාවට හැකි වීමෙන් ප්‍රවාහනය සඳහා වන ගාස්තු අඩු වීම ද ආර්ථීක සහ රැකියා අවස්ථා පුළුල්වීම ද සිදු වේ.
මේ පළාත් දෙකෙහි ජීවත් වන මිලියන 1.86ක ජනතාවට මේ නිසා සෙත සැලසෙනු ඇත. මේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 2010 පැවති මට්ටම සසඳන විට එම පළාත් දෙකට ම යාමට ගත වන කාලය 20% අඩු කිරීමයි.
අපිට ගොඩයමක් ඇත්තෙම නැත්දෝ .
MAMA GODA – 10%
මෙය අලුත් දෙයක් නොවේ. 1980 ගණන් වල ඇරඹුන ආසියානු මාර්ග ජාල ව්‍යාපෘතියේ ඊළඟ කොටසයි. UNP ආණ්ඩු, චන්ද්‍රිකා ආණ්ඩුව හා මේ ආණ්ඩුව අතර වෙනස ණය ලබා ගැනීමේ හා වියදම් කිරීමේ වේගය පමණි.
aluth deyak nemei kiyala kiwweth nahane.mokada irshiyaida parawal hadenawata.rata wegayen sanwardanaya weema gana adambara wemu.anikuth ratawal dan yanne rimeken.ape rate mona prashna awath hoda shakthimathwa nagigena ena eka narakada?
mewage parawal issara apita sihina wela thibune.ape sihina saba weegena enawa hari sathutui.