වසර 25 කට පසු යාපනය අර්ධද්වීපය ජාතික විදුලිබල පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුකෙරේ.
වවුනියාවේ සිට කිලිනොච්චි දක්වා ව්‍යාප්ත වුණු කිලෝ වෝල්ට් 132 අධි සම්පේ‍්‍රෂණ රැහැන් මාර්ගය කිලිනොච්චියේ ඉදිකළ ග‍්‍රිඞ් උපපොල මඟින් බලගැන්වීමද හෙට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
මෙම සම්පේ‍්‍රෂණ පද්ධතිය කුලුනු 238 කින් සමන්විතය. ප‍්‍රධාන උත්සවය වවුනියා-යාපනය ඒ9 මාර්ගයේ කිලිනොච්චි නගරයට ආසන්නයේ ඉදිකර ඇති කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොලේදී සිදුකිරීමට කටයුතු සංවිධාන කර ඇත.
වසර 25 කට පසු උතුර දකුණ එකම විදුලිබල පද්ධතියකින් සම්බන්ධ කෙරෙනුයේ කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොලේ සිට යාපනය දක්වා දිවෙන කිලෝ වෝල්ට් 33 සීඝ‍්‍රගාමී අධි සම්පේ‍්‍රෂණ රැහැන් පද්ධතියක් ආශ‍්‍රයෙනි.
මෙම ව්‍යාපෘතිය සඳහා සහන පොළී මත ණය ආධාර සපයා ඇත්තේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියයි. ලබා ඇති ණය මුදල රු. මිලියන 3200 කි.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොලේ සිට චුන්නාකම් දක්වා කිලෝ වෝල්ට් 132 අධි සැර මාර්ගයක් ස්ථාපිත කෙරේ. මේ වනවිට එහි ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
රත්වත්තේගේ මඩිස්සලේට තමා විනේ .