ඩෙංගු මඩින්න තරගයක්

September 25, 2012 at 11:18 am | Lanka C News.

ඩෙංගු මඩින්න තරගයක්

දෙහිවල – ගල්කිස්ස අධ්‍යාපන කොට්ඨාසය තුළ ඩෙංගු රෝගය මැඩලීමේ අටියෙන් පාසල් පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමේ තරගයට අනුව ජයගත් සංවිධානවලට තෑගි පිරිනැමීමේ උත්සවය අද (25) පස්වරු 3.00ට දෙහිවල එස්. ද එස්. ජයසිංහ සමරු ගොඩනැගිල්ලේදී පැවැත්වේ.

පළවෙනි, දෙවෙනි හා තුන්වෙනි ජයග්‍රාහකයන්ට සහ තවත් දස දෙනෙකුට මුදලින් තෑගි පිරිනැමේ.

පළාත් සභා මන්ත්‍රී කීර්ති උඩවත්ත ජනසහන පදනමේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග කේසරලාල් ගුණසේකර මහත්වරුද සහභාගි වනු ඇත.

785 Viewers

Leave a Comment