ලංකා සයිබර් නිවුස් » විශේෂ ලිපි

පුද්ගලිකවම යුධ අපරාධ චෝදනාවලට ලක්වෙමින් රට බේරා ගත් ජනපතිතුමනි,
මෙහි දැක්වෙන්නේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා වෙත උතුරේ ඡුන්දයට පෙර ව්‍යවස්තාවෙන් බෙදුම්වාදී බලතල ඉවත් කරන්නැයි ඉල්ලා යොමු කර ඇති ලිපියයි.

අතිගරු ජනාධිපතිතුමනි,

උතුරේ ඡන්දයට පෙර ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදී බලතල ඉවත් කිරීම

මේ වන විට රජයේ ප‍්‍රබලයන් විවිධ අවස්ථාවල කරන ලද ප‍්‍රකාශ වලින් තහවුරු වන්නේ උතුරේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට පෙර 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කෙරෙන බවය. පමාවී හෝ එවැනි ස්ථාවරයකට පැමිණීම පිළිබදව ජාතික ව්‍යාපාරයේ ගෞරවය රජයට හිමිවේ. එහෙත්් යම් පාර්ශ්ව විසින් පොලිස් බලතල වලින් කොටසක් පමණක් ඉවත් කරන ලෙස රජයට බල කරන බවද දැනගන්නට ලැබී ඇත. පොලිස් බලතල වලින් කොටසක් හෝ ඉතිරි කළහොත් එසේ ඉතිරි කරන බලතල යටතේ හෝ පළාත් පොලීසියක් පිහිටුවීමට බෙදුම්වාදී බලවේග කටයුතු කරනු ඇත.

ඉන්පසු එසේ ලබාගත් ‘‘අඩු පොලිස් බලය’’ නීතිවිරෝධීව සීමාව ඉක්මවා භාවිතා කිරිමට බෙදුම්වාදීන් කටයුතු කරනවා ඇත. ඒ මගින් මධ්‍යම රජය හා පළාත් ආණ්ඩුව අතර පොලිස් බලයට අදාළ ගැටුම් වර්ධනය කිරිමට අවස්ථාව ලැබේ. බෙදුම්වාදීන්ට දැන් මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කුමන හෝ මට්ටමකට ව්‍යවස්ථාමය බලයක් ලබාගෙන ඒවා ඉක්මවා යාම මගින් ගැටුම් ඇතිකර ගැනීමය. ජාත්‍යන්තරයට මැදිහත්වීම සදහා අවස්ථාව නිර්මාණය  වන්නේ  එම ගැටුම තුළය. එම නිසා පොලිස් බලයෙන් කොටසක් හෝ දීම යනු ආණ්ඩුව උගුලකට හසුකර ගැනීමක් බවට විවාදයක් නැත. රජය මෙම උපක‍්‍රමයට හසු කර ගැනීමට උත්සාහ කරන පිරිස එය සාධාරණී කරණය කරන්නේ ටී.එන්.ඒ පක්‍ෂය විසින් ඡුන්දය වර්ජනය කිරිම වළක්වා ගැනීම නැමති තර්කය යටතේ බව පෙනේ.

අතිගරු ජනාධිපතිතුමනි

පොලිස් බලයෙන් කොටසක් ලබාදීම පිළිබදව කථා කිරිම සහ ඉඩම් පොලිස් බලතල ඉවත් කළහොත් ඡන්දය වර්ජනය කිරීමට තර්ජනය කිරිම අතර පැහැදිලි සම්බන්ධ කමක් ඇත. එම කථිකාව තුළ බෙදුම්වාදීන් සහ ඔවුනට හිතවාදී පිරිස් තවත් වාසියක් අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව පෙනේ. ඒ ඉඩම් හා පොලිස් බලයට අමතරව 13 වැනි ව්‍යවස්ථාව තුළ අඩංගු අනෙක් භයානක බෙදුම්වාදි ලක්‍ෂණ පිළිබදව සංවාදය යටපත් කිරිමයි. එම නිසා පොලිස් සහ ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට හෙවත් පළාත් ලයිස්තුවෙන් ඉවත් කිරිමට අමතරව පහත සදහන් මූලික බලතල හතරක්ද ඉවත්කළ යතු බවට අපි ඔබතුමාගේ අවධානය යොමු කිරිමට කැමැත්තෙමු.

01. පළාත් දෙකක් ඒකාබද්ධ වීමට සහ ඊට අදාළව ජනමත විචාරණය පැවැත්වීම සදහා නීති සෑදීම සදහා පාර්ලිමේන්තුවට බලය දෙන 154 A -3 වගන්තිය ඉවත් කිරිම. දැනටමත් ඒ සදහා නීතිමය ප‍්‍රතිපාදන පවතින බැවින් ඒ සියල්ල බල රහිත නොකළහොත් අනාගතයේදී උතුරු නැගනහිර ඊනියා පළාත් සභාව වෙන් කිරිම සදහා ජාත්‍යන්තර මැදිහත්වීම මත පැවැත්වීමට නියමිත සුඩාන පන්නයේ ජනමත විචාරණය ඒ මගින් සාධාරණී කරණය වේ.

02. 154 D – 2 වගන්තිය යටතේ පළාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පළාත් සභාවේ නියෝජනය වීමට සහ ඡුන්දය පාවිච්චි කිරිමට ලබාදී ඇති බලය ඉවත් කිරිම ඒ මගින් සමස්ත පාර්ලිමේන්තුවේ බලයට පිටින් එක් පළාතක නියෝජිතයින්ට පළාත් සභාවේ බල තුලනය වෙනස් කිරිමට ඉඩ ලැබේ. එය පරමාධිපත්‍යයට අදාළ මූලික මූලධර්ම වලටද පටහැනි තත්වයකි.

03. 154 G – 3 වගන්තිය මගින් පළාත් සභාවේ විෂය පථයට අදාළව පාර්ලිමේන්තුව විසින් නීති පැනවීම ස`දහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරිම. ඒ අනුව පාර්ලිමේන්තු පනත් සදහා පළාත්සභා සියල්ලෙන්ම අනුමැතිය ලබා ගතයුතු බවට පවතින ප‍්‍රතිපාදනය වෙනස්කොට ඉන්දියානු ව්‍යවස්ථාවේ පවතින ආකාරයට පළාත්සභාවලින්       දෙකෙන් පංගුවක අනුමැතිය ලබාගත යුතු බවට නියම කළ යුතුය.

04. පළාත් විෂය ලයිස්තුව හෙවත් පළමු ලයිස්තුවේ 4.2 වගන්තිය අනුව ප‍්‍රාදේශීය සභා විසුරුවා හැරිම සදහා පළාත් සභාවලට ලබාදී ඇති බලය අහෝසි කිරීම. පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති වලට අනුකූලව මහජන ඡුන්දයකින් පත්වී ඇති ආයතනයක් විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුවට පරිබාහිර අයතනයකට ලබාදීම යනු  ජනමතය විකෘති කිරිමකි. ඊට අමතරව ඒ මගින් උතුරු නැෙගනහිර ප‍්‍රදේශවල සිංහල සහ මුස්ලිම් බහුතරය සහිත ප‍්‍රාදේශීය සභා අකර්මණ්‍ය කිරීමේ බලය බෙදුම්වාදීන් අතට පත්වේ.

අතිගරු ජනාධිපති තුමනි,

ඔබතුමා පුද්ගලිකව යුද අපරාධ චෝදනාවලට පවා ලක්වෙමින් සහ දහස් ගණන් විරුවන් ජීවිත පරිත්‍යාග කරමින් දිනාගත් දේශය බන්දේසියක තබා නැවත බෙදුම්වාදීන්ට පූජා කළයුතු බවට බල කිරිමේ අයිතියක් කිසිවකුට නැත. උතුරේ ඡන්දය නොපැවැත්වීම එම ප‍්‍රදේශයේ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කිරීමක් ලෙස යමකු විසින් අර්ථ දැක්විය හැක. එහෙත් ඒ ජනතාවගේ නාමයෙන් රට දෙකඩ වන තත්වයක් නිර්මාණය කරන්නැයි බල කිරිමට කිසිදු පක්‍ෂයකට, රටකට හෝ ආයතනයකට බලයක් හෝ අයිතියක් නැත. එම නිසා අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට පමණක් නොව අවසානයේදී පුද්ගලිකව ඔබ තුමාටද සාධාරණය ඉටුකිරිම සදහා නිර්භීතව අවම වශයෙන් ඉහත සදහන් කළ බෙදුම්වාදී බලතල 6, ව්‍යවස්ථාවෙන් ඉවත්කොට උතුරේ ඡුන්දය පවත්වන ලෙසය.

ඒ සදහා ධෛර්ය සැපයීමට මේ රටේ අතිබහුතරයක් ජනතාව ඔබතුමා වටා පෙළගැසෙන බවට කිසිදු සැකයක් නැත. එමෙන්ම පළමු වටයේ දි බෙදුම්වාදී බලතල ඉවත් කිරිමෙන් පසුව ප‍්‍රාදේශීය සභා ශක්තිමත් කළහොත් පළාත් සභා සුදු අලියා ඉවත්කරන ලෙස සාමාන්‍ය දෙමළ ජනයා විසින්ම ඉල්ලා සිටිනු ඇත.

ඔබ තුමාට ජය,

මෙයට විශ්වාසී,

ආචාර්ය ගුණදාස අමරසේකර,

සභාපති, දේශහිතෛශී ජාතික ව්‍යාපාරය.

ශ‍්‍රී ලංකාව ඔත්තු සේවා යුද පිටියක් වේ
ලෝකයේ රටවල් වල ඔත්තුසේවා වලට වැඩි වශයෙන් වැඩ සහ මුදල් ලැබෙන්නේ ඔවුන්ගේ ඉලක්ක ගත රටවල දේශපාලන අර්බුද වර්ධනය වන තරමටය. ඒ නිසාම ඔවුන් කාටත් වඩා ඒ අර්බුද ආරක්ෂා කරන ඔබටද මතයක් ඇත. ඒ අර්ථයෙන් ගත් විට කලාපයේ සහ ඉන් බාහිර රටවල් කිහිපයක ඔත්තු සේවා තමාගේ මව් රටවලට වඩා ශ‍්‍රී ලංකාවේදී සක‍්‍රියව  ක‍්‍රියාත්මක වන බවට සැකයක් නැත. විශේෂයෙන්ම ඉන්දියාව, ඇමෙරිකාව, චීනය, පකිස්ථානය සහ ජපානය ශ‍්‍රී ලංකාව තුළ මෙම ’’ ඔත්තු සේවා යුද්ධයට ’’ අවතීර්ණ වී ඇත. මේ වන විටත් ඉන්දියාවේ ඔත්තු සේවාව වන ’’රෝ’’ සංවිධානය ශ‍්‍රී ලංකාවට අදාලව ඉන්දියාව තුළදී විශාල මෙහෙයුමක් දියත් කොට ඇති බවට විවිධ දේශපාලන විචාරකයින් මත පල කරති. ඒවාට අනුව රෝ සංවිධානය එදා 80 දශකයේදී සිදු කළ ආකාරයටම නොවුණත් අනාගතයේදී ශ‍්‍රී ලංකාවට එවීම සඳහා යම් පිරිසක් පුහුණු කරමින් සිටින බව වාර්තා වී ඇත. ඊට  අමතරව පසුගිය දිනවල ඉන්දියාවේදී දියත් වු විවිධ උද්ඝෝෂණ සහ කැමරා ඉදිරිපිට භික්ෂුන් වහන්සේලාට පහරදීම ආදී සිදුවීම් පිටුපස එම සංවිධානය සිටින බවට සැක කෙරේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන ඔත්තුසේවා අතුරින් රෝ සංවිධානයට ඇමෙරිකාවේ සි.අයි.ඒ. සංවිධානය තරමටම වන අපකීර්තිමත් ඉතිහාසයක් ඇත.

තම රටේ භූදේශපාලන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තොරතුරු රැස් කිරීමට සහ ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අවශ්‍ය පියවර ගැනීමට  ඕනෑම රටකට අයිතියක් ඇත. නමුත් ඔත්තු සේවාවල ඉතිහාසය විමසා බැලීමේදි ඉතා හොඳින් පෙනී යන්නේ ඔවුන් තම රටේ ආරක්ෂාව තහවුරු කිරීම මුවාවෙන් ආර්ථික සහ දේශපාලන අරමුණු වෙනුවෙන් අනෙක් රටවල සිතාමතා අර්බුද  සහ ගැටුම් නිර්මාණය කරන බවය. ඒ තුළ ශ‍්‍රී ලංකාවට සොභාවධර්මය විසින් ලබා දී ඇති භූදේශපාලන වැදගත්කම අද එක්තරා ආකාරයක අවාසනාවක් බවට පත් වී ඇත. අප රටේ ඔත්තු සේවා කිසිදු අසල්වැසි රටක අර්බුදයක් හෝ ගැටුමක් ඇති කළා යයි කිසිදු චෝදනාවක් ජාත්‍යන්තරව එල්ල වී නැත.

නමුත් රෝ සංවිධානය ශ‍්‍රී ලංකාවේ ජනතාවට සාපය කැදවීම සඳහා වසර 40 කට අධික කාලයක් දැවැන්ත ක‍්‍රියාන්විතයක නියැලී සිටින බව රහසක් නොවේ. එදා කොටි සංවිධානයට පුහුණුව ලබා දුන් රෝ ඒජන්තවරයකු දැන් ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වී ඇත. නමුත් අප රටේ ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රෝ සංවිධානයේ අවසාන අරමුණ පිළිබඳව ගැඹුරු අවබෝධයකින් කටයුතු කරන බව නොපෙනේ. එයට බොහෝ විට හේතුවිය හැක්කේ රෝ සංවිධානය වෙනත් කිසිදු ඔත්තු සේවාවකට වඩා මුදල් මගින් බොහෝ දේශපාලන පක්ෂවල නායක මට්ටමේ පිරිස් බිලිබා ගැනීමට කටයුතු කිරීමය. ශ‍්‍රී ලංකාවේ විප්ලවවාදී යයි කියා ගන්නා දේශපාලන පක්ෂ පවා ඡුන්ද වලදී එසේ මුදල් ලබා ගනිති. එවැනි තත්වයක් තුළ අනෙකුත් දේශපාලන පක්ෂ පිළිබඳව කවර කථාද?

ජ.වි.පෙ. විනාශ කිරීම සඳහාද රෝ ඔත්තුකරුවකු ක‍්‍රියාත්මක වු බවට ප‍්‍රබල මතයක් ඇත. ජ.වි.පෙ.න් ඉවත්ව ගිය එක්තරා සුවිශේෂී නායකයකු රටින් පිට කිරීම සඳහා  ඕස්ටේ‍්‍රලියාව මැදිහත් වී පාස්පෝට් සකස් කළ ආකාරය සහ ඊට මැදිහත් වු සුවිශේෂී ආකාරය අනුව ඔහු ජාත්‍යන්තර ඔත්තුසේවා වලට ඉතා වැදගත් පුද්ගලයකු බව  ඔප්පු විය. ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ඇති සුදු ජාතිකයකු වුවත් ව්‍යාජ පාස්පෝට් එකක් භාවිතා කොට නීතිමය ක‍්‍රියාදාමයක පැටලූණහොත් ඔවුන් ඒ ආකාරයට ක්‍ෂණිකව ක‍්‍රියාත්මක වන්නේ නැත. පසුගියදා ඇමෙරිකාව එවැනි සුවිශේෂී මැදිහත්වීමක් සිදු කොට මැලේසියානු ජාතිකයකුට  ඇමෙරිකානු පාස්පෝට් එකක් සකස් කොට රටින් පිටමන් කළේ සී.අයි.ඒ. සංවිධානයේ මැදිහත් වීමෙන් බව ඇමෙරිකානු මාධ්‍යවල පළ විය. කෙසේවෙතත් කොපමණ අතු කැපුවත් නැවත දළු දැමීමට සමත් වු ජ.වි.පෙ. වැනි පක්ෂයක් එක ලේ බිඳක්වත් නොසොල්වා එක පුද්ගලයකු හරහා මුල කුණු කොට  විනාශ කිරීමට සමත්වීම තුළ ඔත්තු සේවා වලට රටක ඉතිහාසයද වෙනස් කිරීමේ බලයක් ඇති බව පෙන්වා ඇත.

ඔත්තු සේවා වල  පඩි ලැයිස්තුවේ නම තිබෙන නායකයින් සිටින දේශපාලන පක්ෂ කියා සිටින්නේ රෝ  සංවිධානය සහ සී.අයි.ඒ. සංවිධානය එකිනෙකාට සතුරු මෙහෙයුමක නිරත වී සිටින බවය. ඔවුන් කියන්නේ ඉන්දියාව බෙදා වෙන් කිරීමට ඇති ඇමෙරිකානු උවමනාව නිසා ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කිරීමට ඉන්දියාව ක‍්‍රියාත්මක නොවන බවය. එම පිළිගැනීම රෝ ඔත්තුසේවාව කලාපයට අදාලව පවත්වාගෙන යන මුලික උපාය මාරිගික ප‍්‍රතිපත්තියට පටහැනි වේ. කලාපයේ රටවල් විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම මගින් දුර්වල කිරීම සහ දීර්ඝ කාලීන ගැටුම් ඇති කිරීම රෝ ඔත්තු සේවාවේ ප‍්‍රධාන භූමිකාවක් බව  ඕනෑවටත් වඩා හොඳින් ඔප්පු වී ඇත. ඊට අමතරව ශ‍්‍රී ලංකාවට අදාලව චීනය සිදුකරනු ඇතැයි උපකල්පනය කරන අත්පත් කර ගැනීම් වලට එරෙහිව ත‍්‍රිකුණාමලය මුල් කර ගත් උපාය මාර්ගික සැලසුමක්ද ඉන්දියාව සතුව ඇත. ත‍්‍රිකුණාමලය ඇතුළත් වන ලෙස ඉන්දියාවට හිතවාදී රූකඩ පාලනයක් සහිත ඊළාම් රාජ්‍යයක් පිහිටු වීම එම සැලසුමේ මුලික අංගයකි. නමුත් රෝ ඔත්තු සේවාව ඉන්දියාව තුළ බෙදුම්වාදී ව්‍යාපාර බිහිවීමට එරහිව දැවැන්ත ස්ථීරසාර සහ දීර්ඝකාලීන මෙහෙයුම් දියත් කොට ඇත. ඔවුන්ගේ ස්ථාවරය වන්නේ ඉන්දියාව සතු මහා හමුදා ශක්තිය යොදා ගනිමින් එරට තුළ බෙදුම්වාදය මර්ධනය කළ හැකි බවය.

එදා සීතල යුද්ධය සමයේදී ඇමෙරිකානු හිතවාදී පකිස්ථානයෙන් බංගලාදේශය කඩා වෙන් කිීරීම සඳහා  රෝ සංවිධානය දැවැන්ත මෙහෙයක් ඉටු කළේය. රෝ ඔත්තු සේවාව 1968 දී බිහි වන්නේම 1962 ඉන්දු-චීන යුද්ධය සහ 1965 ඉන්දු-පාකිස්ථාන් යුද්ධවලදි ඇති වු පසුබෑම් වලට අනාගතයේදී සාර්ථකව මුහුණ දීම අරමුණු කොට ගෙනය. කලාපයට අදාල ඔවුන්ගේ පළමු සාර්ථක මෙහෙයුම බංගලාදේශ-පකිස්ථාන් යුද්ධය ඇවිලවීම සහ එය සාරථකව කළමනාරණය කිරීමය. බංගලාදේශ බෙදුම්වාදී ව්‍යාපාරය ආරම්භ වන්නේ රෝ සංවිධානය විසින් පුහුණු කොට පෝෂණය කළ ‘‘ මුක්ති භහානි ’’ නැමැති ගරිල්ලා සංවිධානයේ නායකත්වයෙනි. ශ‍්‍රී  ලංකාවේ දෙමළ ඊළාම් බෙදුම්වාදී ගරිල්ලා සංවිධාන පුහුණු කොට යුද ගිනි ඇවිල වීම සඳහා රෝ සංවිධානය ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වන්නේ බංගලාදේශයේ අත්දැකීම් මත පදනම්වය.

එදා විමුක්ති අරගලයක් හෙවත් නිදහස් සටනක් ලෙස හැඳින්වු බංගලාදේශ බෙදුම්වාදී ව්‍යාපාරයේ නායකයා වු මුජිබර් රහ්මන් මරා දමන්නේ පකිස්ථානය දෙකඩ වී ඉතා කෙටි කලකිනි. පකිස්ථානය දුර්වල කිරීම සඳහා බංගලාදේශයේ බෙදුම්වාදය පෝෂණය කළත් මුජිබර් රහ්මන් වැනි ප‍්‍රබල පෞර්ෂයක් සහිත නායකයකු තබා ගැනීමට රෝ සංවිධානය සතුටු නොවීය. එසේ වන්නේ මුජිබර් රහ්මන් ඉතා දැඩි ඉන්දියානු හිතවාදියකුව සිටියදීය. ඔහු තම පවුලේ සාමාජිකයින් 40 කට අධික පිරිසක් සමඟ මරාදැමු විට රෝ සංවිධානය ඒ පිළිබඳව දැන සිටියා යයි චෝදනා එල්ල විය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රභාකරන්ට ඉන්දියාව මුල්වටයේදී පුහුණුව , මුදල් සහ ආයුධ ලබා දුන්නද පසුව විරසක වන්නේ රෝ සංවිධානයේ විවිධ පුද්ගලයින් සමඟ ඇති වන පෞරුෂ ප‍්‍රශ්න නිසා බවටද කටකථා පැතිරී ඇත.  කෙසේවෙතත් ප‍්‍රභාකරන්ගේ රෝ විරෝධය නිසා අවසානයේදී ඉන්දියාවට ඉතා විශාල  වන්දියක් ගෙවීමට සිදුවිය. නමුත් ඉන්දියාවේ ප‍්‍රභාකරන් විරෝධය කිසිවිටෙක ඊළාම් විරෝධයක් බවට පත් නොවීය. ඉන්දියාවට අවශ්‍ය වුයේ ප‍්‍රභාකරන් නැති ඊළමකි. අද රෝ සංවිධානය වැඩ කරන්නේ ඒ අරමුණේ අවසන් අදියර සාර්ථකව නිම කිරීම සඳහාය.

ශ‍්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයට රෝ සංවිධානය අත ගසන්නේ සීතල යුද්ධය පැවැති සමයේදී වුවත් 1987 ඉන්දු ලංකා ගිවිසුම අවසන් කරන අවස්ථාව වන විට එම මෙහෙයුම රෝ – සී.අයි.ඒ. ඒකාබද්ධ මෙහෙයුමක් බවට පත්විය. එදා එම ගිවිසුම අත්සන් කළ සැනින් ඊට ප‍්‍රථමයෙන් සුභ පතන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවය.  ඉන්දියානු හමුදාව ශ‍්‍රී ලංකාවට ඇතුල්වීම පිළිබඳව ඇමෙරිකාව සතුටු වන්නේ ශ‍්‍රී ලංකාවට අදාල චීන අපේක්ෂා බිඳ හෙළීම සඳහාය. කෙසේ වෙතත් ඉන්දියානු හමුදාව ශ‍්‍රී ලංකාව තුළ අසාර්ථක වන්නේ රෝ සංවිධානයේ දුර්වලතා නිසා බවට ප‍්‍රභල මතයක් ඇත. රෝ සහ සාම හමුදා ලොක්කන් අතරද ගැටුමක් පැවති බව වාර්තා වී ඇත. බොහෝ විට ඊට ඩික්සිත් වැනි ප‍්‍රභල පෞරුෂයක් හේතුවුවා විය හැක. එම ගැටුම 2005 ජනාධිපතිවරණය දක්වාම තිබුණ බවට සාධක ඇත. එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා ජය ගන්නවා යන පදනමින් රෝ සංවිධානය ක‍්‍රියාත්මක වු අතර විදේශ අමාත්‍යාංශය එසේ නොවන පදනමින් ක‍්‍රියාත්මක වී ඇත. එම ගැටුමෙන් රෝ සංවිධානයට ජය අත් වි ඇති අතර මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ තානාපති අංශ වලට වඩා රෝ සංවිධානය ඉහලින් සිටින බව වාර්තා වේ.

ඉන්දියාවේ විවිධ දේශපාලන විචාරකයින් රෝ ඔත්තුසේවා හාස්‍යයට ලක් කරන්නේ එය අසමමිතිකව වැඩුණු යෝදයෙක් ලෙසය. එහි විවිධ මට්ටම්වල නායකයින් දුෂිත බවටද චෝදනා එල්ල වී ඇත. ඔවුන් විශාල වශයෙන් මුදල් විසි කර දේශපාලකයින් බිලිබා ගන්නා ප‍්‍රතිපත්තියක සිට ක‍්‍රියාත්මක වන බැවින් එසේ දුෂණයට ගොදුරු වීම පිළිගත හැකි තත්වයකි . එම විචාරකයින්ට අනුව රෝ සංවිධානය රහසිතග ක‍්‍රියාන්විත වලට දක්ෂය. එහෙත් තොරතුරු රුස් කිරීම පැත්තෙන් දුර්වලය. එසේම ඔවුන් තාක්‍ෂණික ඔත්තුසේවා පැත්තෙන් ඉහලින් සිටියත් මානව ඔත්තුසේවා පැත්තෙන් දුර්වල තත්වයක සිටියි. එසේම ඔවුන් දත්ත රැුස්කිරීමට දක්‍ෂ වූවත් ඒවා විශ්ලේෂණය කොට දේශපාලන තොරතුරු බවට පරිවර්තනය කිරීමේදී දුර්වල බවද කියවේ. තවද, ඔවුන් සිදුවීම් විමර්ෂණයේදී දක්‍ෂ වූවත් සිදුවීම් වලක්වා ගැනීමේදී දක්‍ෂ නැති බව කියවේ. ඊට අමතරව ඔවුන් අර්බුද කළමනාකරණයට දක්‍ෂ වූවත් ඒවා වලක්වා ගැනීමට දක්‍ෂ නැත.

එසේම එම සංවිධානය තුල ජනකොටස් නියෝජනයේ අසමමිතික බවත් පැවතීමද ගැටළුවක්බව ඔවුන් විසින්ම ප‍්‍රකාශ කොට ඇත. රජිව් ගාන්ධි වැනි ලෝක දේශපාලනයේ සුවිශේෂී සාධකයක් ඉන්දියාවට අහිමි වන්නේ රෝ සංවිධානයේ මෙම දුර්වලතා නිසා බව පැවසේ. කෙසේවෙතත් එය සී.අයි.ඒ.- රෝ ‘‘ ඩබල් ගේමක් ‘‘ විය හැකි බවටද මතයක් ඇත. එවැනි මතයක් ඇති වීමට ප‍්‍රධාන හේතුව ප‍්‍රභාකරන් එම සංවිධාන දෙක සමඟම එක විට ගනුදෙනු කිරීමය. එසේ නැතහොත් එම සංවිධාන දෙකම වෙන් වෙන්ව සහ එක්ව ඔහු මෙහෙයවූ බව පිළිගැනීමට සිදුවේ.

ශ‍්‍රී ලංකාව තුල රෝ – සී.අයි.ඒ. ක‍්‍රියාකාරීත්වය වර්ධනය වීමට සාපේක්‍ෂව චීන සහ පකිස්තාන් ඔත්තුසේවා වල ක‍්‍රියාකාරීත්වයද වර්ධනය වෙමින් ඇති බව වාර්තා වේ. පකිස්ථානයේ අයි.එස්.අයි ඔත්තුසේවාව මෙන්ම චීනයේ එම්.එස්.එස්. ඔත්තුසේවා රෝ – සී.අයි.ඒ මෙහෙයුමට ප‍්‍රති මෙහෙයුමක් දියත්කරන බව විවාදයකින් තොරව පිලිගත හැකි කාරණයකි. පකිස්ථානය චීනයෙන් න්‍යෂ්ටික තාක්‍ෂණය ලබාගන්නේ චීනය විසින් ඉන්දියාවට එරෙහිව පකිස්ථානය මෙහෙයවීමේ දීර්ඝකාලීන වැඩපිලිවල තුලය. කෙසේවෙතත් එම ඒකාබද්ධ මෙහෙයුම මෙන්ම වෙන් වෙන්ව සිදුවන චීන සහ පකිස්ථාන මෙහෙයුම් ශ‍්‍රී ලංකාවට වඩා හිතවාදී වන බවට සැකයක් නැත. රෝ ඔත්තුසේවාව මෙන් නොව අයි.එස්.අයි සහ එම්.එස්.එස් ඔත්තුසේවා ඉතා දියුණු සංවිධාන ලෙස සැලකේ.

චීනය මුදල් ගෙවා එක් එක් දේශපාලකයා දිනාගන්නවා වෙනුවට ආර්ථික ක‍්‍රියාකාරකම් හරහා සමස්ථ රජයේ ගමන තමා දෙසට හරවා ගැනීමට උනන්දු වේ. එසේම චීනය තොරතුරු ලබාගැනීම සඳහා වෙනත් කිසිදු ඔත්තුසේවාවකට වඩා පරිඝනක සහ සන්නිවේදන තාක්‍ෂණය යොදාගන්නා බව ප‍්‍රකටය. ඉන්දියානු රජය සහ සමාගම් චීනයේ නිෂ්පාදිත සන්නිවේදන උපකරණ සහ මෘදුකාංග භාවිතය උපරිමයෙන් සීමාකොට ඇත්තේ මෙම කරුණ නිසා බවට මතයක් ඇත. ඊට අමතරව චීනය තම ඔත්තුසේවා තුල විශාල වශයෙන් විද්වතුන් සහ විශ්ව විද්‍යාල සිසුන් යොදා ගැනීම නිසා ඉතා දියුණු පර්යේෂණ පදනමක් සහිතව ඔවුන් ක‍්‍රියාත්මක වන බවටද මතයක් ඇත.

පකිස්ථානයේ අයි.එස්.අයි ඔත්තුසේවාව ගත්විට එය ලෝකයේ ඉහලින්ම සිටින ඔත්තු සේවා තුන (3) අතරට වැටෙන බව කියවේ. එසේම පිරිස් බලය අතින් එම ඔත්තුසේවාව ලෝකයේ විශාලතම සහ ප‍්‍රභලම සංවිධානයක් ලෙස සැලකේ. එහි ස්ථීර සේවක පිරිස 10,000 කට අධික වේ. වෙනත් බාහිර ඔත්තුකරුවන් සහ තොරතුරු සපයන්නන්ද ඒ හා සමාන ප‍්‍රමානයක් සිටිනවා යයි උපකල්පනය කෙරේ. එම තත්වය තුල ශ‍්‍රී ලංකාව තුල කොපමණ අයි.එස්.අයි ඔත්තුකරුවන් පිරිසක් සිටිනවාද යන්න උපකල්පනය කිරීමේ අමාරුවක් නැත. චීනය සහ පකිස්ථානය තම රටවලට අදාල භූමිකාවෙන් විශාල කොටසක් ශ‍්‍රී ලංකාව තුලදී සිදුකරන බවට සැක කෙරේ. එසේ සැක කිරීම ඉතා සාධාරණ වන්නේ රෝ සංවිධානය සහ සී.අයි.ඒ. සංවිධානයද ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රබලව ක‍්‍රියාත්මක වීම නිසාය.

කෙසේවෙතත් අදවන විට ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුල සිදුවන ඉන්දු-ඇමෙරිකානු මෙහෙයුමට සහය දීම සඳහා ජපානයද ප‍්‍රභල ලෙස මැදිහත් වෙමින් ඇත. ජපානය ශ‍්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස සිට ප‍්‍රභල ලෙස මැදිහත් වන්නේ ඇමෙරිකාවේ උවමනාව මත චීන සාධකය මුල්කරගෙන බව පිළිගත හැක. චීනයට ශ‍්‍රී ලංකාව තුල තහවුරු වීමට ඉඩ නොදීම ජපානයේ සහ ඇමෙරිකාවේ ප‍්‍රමුඛතම උපායමාර්ගික අවශ්‍යතාවයකි. ජපානයේ අයි.ඒ.එස් ඔත්තුසේවාව ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වන බව මතු පිටට නොපෙනුනත් ඔවුන් තමා ඉදිරියට පැමිණෙන අවස්ථාවක් ඉතා කූඨ ලෙස සහ උපරිමයෙන් භාවිතා කරන බව පෙනේ. මේ වන විට ජිනීවා යෝජනා හරහා ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන පීඩනයට සමගාමීව ජපානය තම ඊනියා මිත‍්‍රත්වයේ දෑත් ශ‍්‍රී ලංකාවට දෙසට දිගු කරමින් ඇත.

ජපානය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනිමේ මෙහෙයුමක නිරත වී ඇති බව පෙනේ. එහිදි ජාත්‍යන්තරව රාජ්‍යතාන්ත‍්‍රික භූමිකාව එම ඉටු කිරීමේ වගකීම පැවරී ඇත්තේ යෂුසි අකාෂි මහතාටය. එදා යුද්ධය පැවති සමයේදී සමසභාපති මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් ඉන්දු- ඇමෙරිකානු උවමනාව ඉටුකිරීම සඳහා ඔහු ප‍්‍රභල භූමිකාවක් ඉටු කළේය. එදා සොල්හයිමිගේ මුහුණට කෙළ ගැසීමේ මනසක් ඇති ශ‍්‍රී ලාංකිකයා යෂුෂි අකාෂිට මදහස පෑවේ ඔහුගේ සුවිශේෂි පෞර්ෂය සහ රාජ්‍යතාන්ත‍්‍රික හැකියාව නිසාය. ඔහු දෙවෙනි වෙනවා නම් ඒ එදා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු මුලා කළ ජොන් ඩොයිලි නැමැති බි‍්‍රතාන්‍ය ජාතික ඔත්තුකරුවාට පමණි.

කෙසේවෙතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෑතකදී ජපානයේ සංචාරය කිරිමේදි ඔහුට අධිරාජ්‍යයකුට මෙන් සලකන්නේද යෂුෂි අකාෂිගේ නව භූමිකාවට සාපේක්‍ෂව බව පැවසේ. ඊට අමතරව ජපානය පසුගිය ජිනීවා මානවහිමිකම් සමුළුවේදි ශ‍්‍රී ලංකාවට එරෙහිවම ඡුන්දය දිමෙන් වැලකි සිටියේද ජපන්- ඇමෙරිකානු මෙහෙයවුමට අදාලව බව පැවසේ. යෂුෂි අකාෂි ජාත්‍යන්තර මාධ්‍ය වලට පවසා ඇති පරිධි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ප‍්‍රභල බෙදුම්වාදි අංග එසේම තිබියදී උතුරේ පළාත් සභා ඡුන්දය පැවැත්විමට තීරණය කිරිම විශාල ජයග‍්‍රහණයකි. එය කාගේ ජයග‍්‍රහණයක්දැයි ඔහු පවසා නැත. එහෙත් ඔහුගේ නව භුමිකාවට අනුව එය ඔහුගේද ්ජයග‍්‍රහණන්‍යක් බවට සැකයක් නැත. එම සංචාරය තුලදී ඔහු තමා ශ‍්‍රී ලංකාව සම්බන්ධටෙයන් ඇමෙරිකායව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය ලිහිල් කර ගැනීමට මැදිහත් වන බව පවසා ඇත.

යෂුෂි අකාෂි මහතා ඒ කොන්ත‍්‍රාත්තුව ඉටු කිරිම සඳහා පනවන කොන්දේසිය වන්නේ ශ‍්‍රී ලංකාව උතුරේ ඡුන්ද උගුලට පය තබා ඉන්දියාව දෙසට ඉදිරිපස සහ චීනය දෙසට පිටුපස හරවා සිටගැනීමය. එහිදි ඔහු ඡුන්දය කලින් සඳහන් කල දිනට පෙර පවත්වා ශ‍්‍රී ලංකාව පැත්තෙන් ඇමෙරිකාවට ධනාත්මක සංඥාවක් නිකුත් කරන ලෙසද ඉල්ලා ඇති බව වාර්තාවේ. පසුගිය දිනවල සුමන්තිරන් මන්ත‍්‍රිවරයාද ඒ ඉල්ලීම කරන්නේ යම් පොදු න්‍යාය පත‍්‍රයකට අනුව බව පෙනේ. එසේම ශ‍්‍රී ලංකාව කඩිමුඩියේ විශාල මුදලක් වැයකොට ඇමෙරිකාවේ මහජන සබඳතා සමාගම් සමග ගිවිසුම් අත්සන් කරන්නේද ඒ මෙහෙයුමට සාපේක්‍ෂාව බවටද තර්කයක් ගොඩනැගේ. එසේම විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා, මැදිහත්ව සාම්පුර් බලාගාර ප‍්‍රශ්නය ඉන්දියාව සතුටුවන ආකාරයට ‘‘විසදන්නේද’’ එවැනි යම් පුර්ව කොන්දේසියක් සැපිරිම සඳහා යයි තර්ක කල හැක. ඒ අනුව දැන් ‘‘සාමකාමීව’’ රටවල් වලට මැදිහත් වීමේ නව අධිරාජ්‍යවාදි න්‍යාය පත‍්‍රය තුල ඔත්තුකරුවන්ට ප‍්‍රභල භූමිකාවක් හිමි වී ඇත. එහිදි ඉන්දියාවට සහ ඇමෙරිකාවට වඩා ප‍්‍රභල භූමිකාවකට ජපානය අත ගසා ඇති බව පෙනේ. ඒ නිසා දැන් මෙතෙක් ශ‍්‍රී ලංකාව තුල බඩ පිනුම් ගැසු ඉන්දියානු, ඇමෙරිකානු, චීන සහ පකිස්තාන් ඔත්තුසේවා වලට වඩා ඉහලින් ජපානය උඩ කරනම් ගැසීමට පටන්ගනු ඇත. ඒ සඳහා ඔවුන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට යහමින් ආධාර ලබා දීමටද ඉඩ ඇත. ඩොලර් බඩගින්නේ සිටින ආණ්ඩුවද ඒ පැත්තට දිව දිගු කිරිමට වැඩි ප‍්‍රවනාතාවයක් පෙන්වනු ඇත.

ඊට අමතරව මේ වන විට සී.අයි.ඒ සංවිධානය තමා සතු මාධ්‍ය හැසිරවීමේ සුවිශේෂි දක්‍ෂතාවය පෙන්වමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව නව මෙහෙයුමක් ආරම්භ කොට ඇත. ඔවුන් කියා සිටින්නේ බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදින් ක‍්‍රියාත්මක වන්නේ ශ‍්‍රී ලංකාවේ සිට බවය. ඊට පෙරද ඔවුන් මැලේසියානු අල් කයිඩා සාමාජිකයකු ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට පැහැරගෙන යාම පිළිබඳව සුක්‍ෂම ප‍්‍රචාරයක් ගෙන ගියේය. එසේම රෝ ඔත්තුසේවාවද ඉන්දියාවේ යම් සිදුවීම් සහ ශ‍්‍රී ලංකාවේ සිට ක‍්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදි ව්‍යාපාරයක් පිළියඳව ප‍්‍රකාශ නිකුත් කළේය. මේ සුදානම් වන්නේ අවශ්‍ය විටෙක පකිස්තානයට පහර දෙන ඩ්‍රෝන ගුවන් ප‍්‍රහාරක යානා ශ‍්‍රී ලංකාව දෙසට හැරවීම සාධාරණිකරනය කිරිමේ උත්සාහයකට බව සැක කල හැක.

කෙසේ වෙතත් ජපානයේ ඔත්තුසේවා පිළිබඳව වැඩිම සහ දිර්ඝකාලිනව අත්දැකීම් ඇත්තේ චීනයටය. එම නිසා අලූත් තත්වය පිළිබඳව චීනය විසින් ප‍්‍රතික‍්‍රියාමාර්ග තෝරන බවට කිසිදු සැකයක් නැත. ශ‍්‍රී ලංකාවේ නව චීන තානාපති වරයා ජපානයේ වසර 11 අත්දැකිම් ඇත්තකු වීම අහම්බයක් ලෙස සැලකිය නොහැක. චීන ඔත්තුසේවා සෘජුව කොමියුනිස්ට් පක්‍ෂයට සහ විදේශ කටයුතු අංශ වලට සම්බන්ධ බැවින් ඔවුන්ගේ මෙහෙයුම් අනෙක් ඔත්තුසේවා වලට වඩා ඉදිරියෙන් සිටින බවටද පිළිගැනිමක් ඇත. ඒ තත්වය තුල ශ‍්‍රී ලංකාව නුදුරු අනාගතයේදි ඔත්තුසේවා යුධ පිටියක් බවට පත්වනවාට සැකයක් නැත.

වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

මහින්ද කවුද? – තෙමසක් ඇතුළත විසඳෙන රටේ ඉරණම
ප්‍රභාකරන්ගේ බෝම්බ පුපුරණ හඬ අද නැත. වැඩි සද්දයක් බද්දයක් නැතිව සිදුවන දෑ හඳුනාගැනුම පහසු නැත. අද සිදුවන්නේ දිය යටින් ගින්දර ගෙන යාමයි. එනිසා බොහෝ දෙනා ඉතා සරළ අර්ථකතන වලින් සිද්දීන් විස්තර කරමින් සිටිත්. නැතිනම් වෙනත් එදිනෙදා සිද්දීන්ට වැඩි අවදානයක් දෙමින් සිටිත්. නමුත් අද අප ජාතිය විශාල අභියෝගයකට මුහුණ පා ඇති බව අප වටහා නොගතහොත් ජාතියක් ලෙස අප ඉතා දුර්ධාන්ත ඉරණමකට මුහුණ පානු ඇති බව අප වැටහීමයි.

ප්‍රභාකරන් යනු බටහිටරයන් විසින් බිහි කර ඉන්දියාව විසින් කිරි පොවා උස් මහත් කළ දරුවෙකු විය. එම දරුවා විසින්ම ඔහුගේ බොහෝ බෙදුම්වාදී සහෝදරයන් විනාශ කර සම්බන්ධන්ලාද මරණ බියෙන් තැති ගන්වා තමන්ට යටත් කොට ගෙන බෙදුම්වාදයේ එකම දරුවා ලෙස පෙනී සිටි‍‍යේය. නමුත් බටහිරයන්ටත් ඉන්දියාවටත් එකා යකා විය. ප්‍රභාකරන්  වුනටද අවනත නොවීය. සැම විටම සුද්දන්ගේ සාම සාකච්ඡා ලණූව සිංහලයා ගිලින්නට ඔන්න මෙන්න තිබියදී, මේ මුරණ්ඩු දරුවා කොහේ හෝ බෝම්බයක් තබා තම දෙමාපියන්ගේ මහන්සිය ගඟට කැපූ ඉනි බවට පත් කළේය. මේ රටේ වාසනාවකට සාමය හරහා බිහිවන ඊළමකට මේ මුරණ්ඩු දරුවා බියවිය. ඒ සුද්දන් විසින් තමන් පාවිච්චි කරන්නේ සිංහලයන්ට සාම සාකච්ඡා ලණුව ගිල්ලවීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස පමණක් බව ප්‍රභාකරම් නිවැරදිව අවබෝධ කර ගෙන සිට් නිසාය. සාමය හරහා බිහිවන ඊළමේ තමා කෙරුමෙකු නොවන බව ඔහු වටහාගෙන සිටියේය.. තමා නායකයා නොවන ඊළමකින් ප්‍රභාකරන්ට පලක් නැත. ප්‍රභාකරන්ගේ මේ අකීකරු කම නිසා ලංකා රජය මගින් පහර දී හෝ ඔහුව මදක් දුර්වලකොට ප්‍රභාකරන්වත් සාම මේසයට ගෙන ඒම බටහිර අභිලාෂය විය. ගුටි කන විටදී විරාමයකට කැමති ප්‍ර්භාකරම් දකුණේ බෝම්බ තබා යුද්ධ‍යේ නිශ්පල බව සිංහලයන්ට ඒත්තු ගන්වා රජය සමඟ සාම මේසයට පැමිණියේය. ඒ සඳහා පසුබිම සකස් කරනු වස් බටහිරයන් විසින් ඔවුනගේ “විශේෂඥ” යුද දැනුම උපයෝගී කර ගෙන ගරිල්ලා නායකයකු වන ප්‍රභාකරන් කිසි දිනක යුද්ධයෙන් පැරදවිය නොහැකි බව අපට නිරතුරුව උගැන්‍වූහ. මෙරට සිටින රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා වැනි වත්මන් රජයේ සිටින ෆෙඩරල් වාදීන්ද එන්ජීඕ ඩොලර් නඩයද බටහිරයන් අනුකරණය කරමින් “ප්‍රභාකරන්  පරද්දන්න බෑ” යයි මොරදුන්හ. නමුත් මේ සියලු දුර්මත කීතු කීතු කරමින් ප්‍රභාකරන්  න්දිකඩාල් කලපුවෙහි බාවන්නට අපේ වීරෝධාර රණවිරුවන් සමත් විය.

මේ පුන්චි රට තම දරුවකු විනාශ කිරීම ගැන ඇමරිකාව බොහෝ සේ කිපුනි. බටහිර බස් නොඅසා එම සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ බටහිරයනට ඒකාධිපතියකු විය. අනෙක් අතට සිංහලයන් බියවැද්දවීම සඳහා තමන්ට සිටි සාම උත්ප්රේකයද දැන් නැත. ප්‍රභාකරන්  මා යටතේ තබා ගෙන සිටි අනෙක් බෙදුම්වාදී පාර්ලිමේන්තු දරුවන් සිටියද ඔවුනට සිංහලයන් බිය වැද්දවීමට හැකියාවක් නැත. එනිසා මේ බිය වැද්දවීමේ කාර්ය මෙතෙක් කල් සිටි තිරය පිටුපසින් ඉදිරියට පැමිණ තමන් විසින්ම තමන්ගේ සියලු සලු පිළි උනා දමා නිරුවතින්ම තමන්ගේම ‍යූ එන් ඕ වේදිකාව මතට නැග කිරීමට ඇමරිකාව තීරණය කළේය. තමන්ගේ නරුම උවමනා වෙනුවෙන් නිරුවත් වීම ඇමරිකානු අධිරාජ්යයාට මහ කජ්ජක් නොවේ. අධිරාජ්යයා හෙලුවෙන් සිටියද කවුරුත් “හූ” කියන්න යන්නේ නැතිවා මෙන්ම එම හෙලු ඇඳුමේ රූ වනන කවියන්ගෙන්ද අඩුවක් නැත. ජයලලිතාට මුවා වී ඉන්දියාවද සරම ගලවා විසි කළේය.

නිරුවත්වීම පාඩුවක් වුවද ප්‍රභාකරන්  විසින් කළ බියවැද්දීම තමන්ම බාරගත් විට ප්‍රභාකරන්ගේ මුරණ්ඩු ප්‍රශ්නය ඇමරිකාවට නැත. පාර්ලිමේන්තුවේ ඉන්නා බෙදුම්වාදී දරුවන් ඉතා කීකරු මෙන්ම තනිකරම බටහිර හා ඉන්දියාව මතම යැපෙයි. එනිසා පෙර මෙන් කල් යන්නේ නැත. කඩාකප්පල් කිරීමට තමන්ගේ තැන පිළිබද බියකින් පසුවන ප්‍රබාකරම් අද නැත. කරන දෙයක් වහ වහා කළ හැකිය. සැප්තැම්බර‍යේ උතුරු පළාත් සභාව යළි පදිංචි කිරීම් අවසන් නොකරම බෙදුම්වාදීන් අතට පත්කිරීමට එකඟ වීම මෙහි ප්‍රතිපලයකි.

යුද්ධයෙන් පසු මෙරට ජනතාව මේ රජයට තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දුන්නේ මේ රටට හිතකර හා අවැසි ව්‍යවස්ථාවක් සකසා ගනු පිණිසයි. එහි ඇති දුබලතා අකා මකා දමා ඒකීය රටකට නැවත තර්ජනයක් ඇති නොවන ලෙස රජිව් ගාන්ධි විසින් ජේ ආර්ට තරවටු කර බියවද්දා අපේ ව්යවස්ථාවට ඇතුල් කළ 13 ගලවා දැමීමටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයද එයට අනුකූලව මහජනයා ඉදිරි‍යේ හැසිරෙමින් ඡන්දය ඉල්ලා සිටි බව මහජනයාට අමතක වී නැති බව රට කරවන්නන් මතක තබා ගත යුතුය. 13 වන ව්යවස්ථා සංශෝධනය නමැති නියමිත කාලය පැමිණි විට පිපිරවීම සඳහා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප  ව්‍යවස්ථාව  තුළ අටවා තැබූ කාල බෝම්බය පිපිරීමට කාලය ලංව ඇත. එය නිෂ්ක්‍රිය කර රට සුරක්ෂිත කිරීම සඳහා දෙවන වර ජනතා වරම ලද රජය ලව්වා එම ජනතා අභිලාශයන් පසෙකින් තබා කටයුතු කරවා ගැනුමට ඇමරිකාව සමත් වී තිබේ. අවාසනාවකට මෙන් මේවා මතක් කර දීමට ජනතා දේශපාලන‍යේ නියැලෙන විපක්ෂයක් වෙනුවට අපට ඇත්තේ බටහිර තානාපති කාර්යාල සමඟ දේශපාලනය කරන විපක්ෂයකුයි.

ඇමරිකාවට හා බටහිරයන්ට යම් රටක නායකයකු ඒකාධිපතියකු වන්නේ ඔවුන්ගේ සිතැගි පරිදි එම රටේ නායකයා කටයුතු නොකරන්නේ නම්ය. මෙරට පොදු ජනයාගේ අභිලාශයන්ට අනුව යමින් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ ඔවුනට ඒකාධිපතියෙකි. ඒ ත්‍රස්තවාදය නමැති තමන්ගේ දරුවා නැති කළ බැවිනි. පාර්ලිමේන්තුවටත් හොරෙන් ප්‍රභාකර්ම් සමඟ ගිවිසුම් ගැසූ රනිල් මහතා කිසිදිනක ඒකාධිපතියකු ලෙස පෙනෙන්නේ නැත. ඒ මහතා තමන් සිතැගි ඉටු කරන්නේ නම් ඒකාධිපතියකු වනු කෙලෙස?

දැන් උතුරු පළාත් සභාව සැප්තැම්බරයේ සිට බෙදුම් වාදීන් අතට පත් වනු ඇත. මේවා කඩාකප්පල් කර දැමීමට ප්‍රබාකරම් අද නැත. බටහිර බලපෑමට යටව මේ අන්තරාය සිදු වන්නට ඉඩහැර බලා සිටියහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරට පොදු ජනතා වරම කුණු කූඩයට විසි කළ ඒකාධිපතියකු  වනු ඇත. එසේ සිදු වුවහොත් ප්‍රබාකරම්ගේ අවි ත්‍රස්තවාදය පැරද වූ අපි සම්බන්ධන්ලාගේ දේශපාලන ත්‍රස්තවාදයට පැරදී විනාශ වනු ඇත. මහින්ද රාජපක්ෂ යනු රණ විරුවන්ගේ ජීවිත පරිත්යාගයන් නිෂ්පල කළ ද්රෝහී නායකයකු ලෙස ඉතිහාසයට එක්වීම වැළැක්වීම උගහටය. විරුවන්ව සිටි අය ඇමරිකානු හස්තයට හසුව දැනුවත්ව හෝ නොදැනුවත්වම රටට ද්‍රෝහීන් වූ අවස්ථා ඉතා මෑතකදීත් අපි අත් දැක ඇත්තෙමු.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බහුතර ජන මතය සමඟ සිට ගනිමින් අධිරාජ්යවාදීන්ට නොබියව මේ අවස්ථාවේ ඉඩම්, පොලිස් බලතල, පලාත් සභා දෙකකට එක්වීමට ඇති හැකියාව හා පලාත් සභාවල සමගාමී ලයිස්තුවට අදාළ විෂයයක් සම්බන්ධ වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සියලු පළාත්සභාවල අනුමැතිය අවශ්‍යය යන ශිරාණි බණ්ඩාරනායක මැතිණිය විසින් මෑතකදී ලබා දුන් තීන්දුවත් අහෝසි කළ යුතුය. එසේ කළ මහින්ද රාජපක්ෂයන් යනු ලංකාවේ එක් යුගයක වූ එක් ප්‍රධාන ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම පාහේ විසඳූ නිර්භීත දූරදර්ශී නායකයකු, යුග පුරුෂයකු වනු ඇත.

තව තෙමසක් ගත වන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට අධිරාජ්යවාදීන්ට නොබියව රටත් ජාතියත් බේරාගත් යුග පුරුෂයකු හෝ අධිරාජ්යවාදීන්ට බියව රණ විරුවන්ගේ ජීවිත පාවා දුන් ඒකාධිපති ද්‍රෝහියකු හෝ විය හැක. දැන් මේ රටේ සම්පූර්ණ අනාගතය රැදී පවතින්නේ මේ මතය. මේ ගතවන නිමේෂය එතරම්ම තීරණාත්මකය.

එතුමා ද්‍රෝහියකු බවට පත් කර ගැනුමට කැස කවමින් සිටින්නේ විපක්ෂය පමණක් නොව, ආණ්ඩුව තුළම ඒ සඳහා කේවට්ටයන් නම් ඕනෑ තරම් ඇත. අනෙක් වැඩි හරිය එහෙයියන්ය. අඩුවෙන්ම ඇත්තේ එතුමා සැබෑ ජනතාවාදී නායකයකු කරවීමට තැත් දරන්නන්ය.

ලංකාව දැන් පසු වන්නෙ සංක්‍රාන්ති  සමයකයි. සංක්‍රාන්ති සමයක් යනු යුග දෙකක් අතර පවතින තීරණාමත්මක කාල පරිච්ඡේදයකි. එක යුගයක් මිය ගොසින් නව යුගයක් ඉපැදීමට පොපියමින් සිටියි. මෙම සංක්‍රාන්ති   සමය තුළ මහින්ද රාජපක්ෂයන්ගෙ ගමන් මග දෙස ඉතිහාසය නමැති විනිශ්චය කරුවා දැඩි උනන්දුවෙන් බලා සිටියි. එතුමා රටට ද්‍රෝහී නොවී, යුග පුරුෂයකු ලෙස කටයුතු කර රටත් ජාතියත් බේරාගනු දැකුම අපි කාගේත් අභිලාෂයයි. ඒ සඳහා මෙම තීරණාත්මකම නිමේෂයේ එතුමාට බල කිරීමට පෙරට පැමිණීම රණවිරුවන් දිවි පිදු අරමුණ පාවා දිය නොහැකි සියලු ජාතිමාමක මිනිසුන්ගේ අනිවාර්ය යුතුකමයි.

-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය :  yuthukama.com

සිංහල බෞද්ධයා මුස්ලිම් මිනිහාගෙන් බේරා ගැනීමට නොර්වේකාරයාට ඇති රුදාව මේකයි
බෙදුම්වාදී බලතල සහිතව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඊට එරෙහිව දිවි හිමියෙන් සටන් කිරීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම් බවත් ඒ සටන වෙනුවෙන් තම ඇමතිකම වුවද  ඕනෑම මොහොතක කැප කිරීමට සූදානම් බවත් එහි නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙසේ අවධාරණය කළේ තම පක්‍ෂයේ මංගල මැයි දින රැලිය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘ජාතික නිදහස් පෙරමුණ පළමුවරට මැතිවරණයකට තරග වැදුණේ පසුගිය නැගනහිර පළාත් සභා ඡුන්දයේදී ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට. එහිදී පංචායුදය ලකුණින් තරග වැදිලා ජයන්ත විජේසේකර මැතිතුමාව මන්ත‍්‍රීවරයකු කරන්න පුළුවන් වුණා. ඒ වගේම, ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ පළමුවැනි මැයි දින පෙළපාලියත් රැලියත් දසදහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක අන්දමින් පවත්වන්න පුළුවන් වුණා කියන එක මම තමුන්නාන්සේලාට අවධාරණය කරන්න කැමැතියි.

ඒ කියන්නේ වැඬේ නරක නැහැ. පළමුවැනි ඡුන්දෙත් ගොඩ. පළමුවැනි මැයි දින රැලියත් ගොඬේ ගොඩ. තමුන්නාන්සේලාට පෙනෙනවා ඇති කාලගුණය හසුරුවන්න පුළුවන් තත්ත්වයක් අද අපට උදාවෙලා තියෙනවා කියලා. ගිනි කාෂ්ටකේ පිච්චි පිච්චි තිබුණු කොළඹට මේ සීතල සුළං පොදක් හමන හැන්දෑවක්, මේ මහා රැලියට ආශිර්වාද කරමින් අද ලබා දීලා තියෙනවා. දැන් සොබාදහමේ පෙරනිමිතිත් නරක නැහැ.

පසුගිය අවුරුදු 04 එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින වේදිකාවේ හිටපු ජාතික නිදහස් පෙරමුණ අද මේ තනි වේදිකාවක් හදලා තනියම මහජන බලය සහිත පෙළපාලියකින් ඇවිල්ලා මේ ස්වාධීන මැයි දින රැලියක් පවත්වන්නේ ඇයි, කියලා සමහරු කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන අපේ සතුරෝ සමහර විට සතුටු වෙනවා ඇති. මිතුරෝ දුක් වෙනවා ඇති. ඒ වගේම මිතුරෝ සතුටු වෙනවත් ඇති. සතුරෝ දුක් වෙනවත් ඇති.

මේ වෙනස් පියවර ගන්න වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාව මත හිඳගෙන කතා කරන්න බැරි කාරණා ගණනාවකට, මේ වගේ ස්වාධීන වේදිකාවක් මත හිඳගෙන පමණක් කතා කරන්න පුළුවන් අනතුරු ගණනාවකට මේ පූජනීය වන්දනීය මාතෘභූමියට මුහුණ දී සිටින නිසයි.

මේ පිං පොළොවට එරෙහිව ඇති වුණු හැම අවදානමක්ම, අන්තරාවක්ම පිළිබඳව මොන මොන විසකුරු බලවේග කුපිත වුණත් හැමටම කලින් අනතුරු හැගව්වේ අපියි. ආණ්ඩුවක් ඇතුළේ හිටියැයි කියලා ඇමති තනතුරු දැරුවයි කියලා ඒකේ වෙනසක් නැහැ. මේ පිං බිමට අනතුරක් වෙනවා නම්, ඒක වළක්වන්න ගත යුතු  ඕනෑම පියවරක් ගන්න කළ යුතු  ඕනෑම දෙයක් කරන්න ජාතික නිදහස් පෙරමුණ දිවි හිමියෙන් සූදානම් මගෙ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය. ඒක අපට කවුරුත් ඇගිල්ලෙන් ඇනලා පෙන්වන්න  ඕනෑ දෙයක් නොවෙයි. ඒක අපේ ඇෙග් තියෙන දෙයක්. ඒක අපේ ජීවිතයට අයිති දෙයක්. ඒක අපි ආශ්වාස ප‍්‍රශ්වාස කරන කොට අපට උරුම කරගත්තු දෙයක්. ඒ අපේ අයිතියක්.

අද බලන්න තමුන්නාන්සේලාට පෙනෙනවා අද මේ රට අභියෝග කන්දකට මුහුණ දීලා ඉන්නවා. මිනීමරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජයට පත් කරලා ගෙවී ගිය අවුරුදු 03-04 ඇතුළත අපි විශ්වාස කළා, ‘අපේ රටේ ප‍්‍රශ්න දැන් ඉවරයි. අපට දැන් නිදහසේ, සතුටින් මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්’ කියලා. පැරදුණේ සන්නද්ධ ත‍්‍රස්තවාදී බලය පමණයි, දෙමළ ජාතිවාදී බෙදුම්වාදයවත් දෙමළ ජාතිවාදී දේශපාලනයවත් ඒ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතියවත් සම්පූර්ණයෙන් පරාජයට පත් කෙරුණේ නැහැ.

උතුරේ උදයන් ඇතුළු සෙසු දෙමළ පුවත්පත්වලින් හදන දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදය, උසිගැන්වීම් නතර වුණේ නැහැ. සම්බන්දන් මහත්තයලාගේ දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය නතර වුණේ නැහැ. විදේශගතව සිටින දෙමළ කොටි ඩයස්පෝරාව අන්තර්ජාතිකව ගෙන යන සටන නතර වුණේ නැහැ. ඔවුන් දේශසීමා නැති ඊළම හදාගෙන, ලොව පුරා වෙසෙන දෙමළ ප‍්‍රජාවට තවදුරටත් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය පොම්ප කරන එක නතර වුණේ නැහැ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී රටවල් ඒ බෙදුම්වාදී බලවේගයට ඔක්සිජන් සපයන එක නතර වුණේ නැහැ.

ඒ පාපී බලවේග මේ පිංබිම තමන්ගේ ගොදුරක් බවට පත් කර ගන්න දැන් වෙනස් ආකාරයකින් දත කනවා, ඒ අන්තරාය තමුන්නාන්සේලාට හරියට කියලා දෙන්න තමයි, ඒ වගේම මේ අභියෝග ජය ගැනීමේ මහජන බලය උපද්දවන්න තමයි, අද අපි මේ මාලිගාවත්ත පී. ඞී. සිරිසේන ක‍්‍රීඩාංගණයට එකතු වුණේ.

එක්සත් ජාතික පක්‍ෂය අද තුන්පොළක ඉන්නේ. එක තැනකට ආවොත් සෙනග අඩු බව පෙනෙන හින්දා හත්පොලේ ගාගත්තු රනිල්, අද තුන්පොළේ ඉන්නේ. එක තැනක තරුණ සමිති, තව තැනක වෘත්තීය සමිති, තවත් තැනක අර ඒකාබද්ධ විපක්‍ෂය කියන ‘නරලොව හොල්මන්’ ටික. දෙමළ ජාතික සන්ධානය උතුරේ. මේ බලවේග අද නැවත වටයකින් සූදානම් වෙනවා සටන් කරලා දිවි පුදලා රණවිරුවන් රැුක දුන්නු මේ මාතෘභූමියේ ඒකීයභාවය උදුරා ගන්න.

මේක කොහොමද සිද්ධ වෙන්න්? අද ජිනීවාවල යෝජනා පිට යෝජනා සම්මත වෙන්නේ ශ‍්‍රී ලංකාවට හරි ම`=ග කියා දෙන්නද? කොටියා යුද්දෙන් දිනුවා නම් අද ජිනීවාවල යෝජනා නැහැ. ශ‍්‍රී ලංකා හමුදාව යුද්දෙන් දිනපු හින්දා යෝජනා එක පිට එක ගෙනෙනවා. අන්තිමට ගෙනාපු යෝජනාවේ තියෙනවා. ‘උතුරේ පළාත් සභා මැතිවරණය වහා පවත්වනුෟ’ කියලා.

ජනාධිපතිතුමා ජපානයට ගියා, එහෙදී ඇහුවෙත් ‘උතුරේ ඡුන්දේ තියෙන්නේ කවදාද?’ කියලයි. බැරි වෙලාවත් ඔබාමා හමුවුණා නම් ඒ අහන්නෙත් ‘උතුරේ ඡුන්දය තියන්නේ කවදාද’ කියලයි. නවනීදන් පිල්ලේ අහන්නේ, ‘කෝ උතුරේ ඡුන්දය නැහැනේ’ කියලයි. ඊළ`ගට දෙමළ ඊළමේ අගරදගුරු ප‍්‍රසාදීන් වහන්සේ වෙන්න හිටපු රායප්පු ජෝශප් පියතුමා අත්සන් කරලා ජිනීවාවලට යවන්නෙත් ‘උතුරු පළාත් සභා මැතිවරණය තියන්න. එක්සත් ජාතීන්ගේ භාරකාරත්වය යටතට උතුර – නැෙ`ගනහිර පළාත් භාර ගන්න’ කියලයි. රායප්පු ජෝශප් පියතුමා එහෙන් ආරාධනා යවනවා ජිනීවාවලට. චෙන්නායිවල ඉඳලා ඒ විදියටම ජිනීවාවලට ආරාධනා පත‍්‍ර යවනවා කරුණානිධි.

උතුරේ අවසන් යුද මෙහෙයුම් තිබුණු කාලයේ නොතිබුණු කලබලයක් අද දකුණු ඉන්දියාවේ ඇති වෙලා. දෙමළ ශිෂ්‍ය සංවිධාන අද දකුණු ඉන්දියාවේ පෙළපාලි යනවා ඊළම වෙනුවෙන්. ලංකාවේ ඊළම වෙනුවෙන් දකුණු ඉන්දියාවේ බයිස්කෝප්කාරයෝ ටික දැන් විරෝධතා ව්‍යාපාර පවත්වනවා. දකුණු ඉන්දියාවේ මේ පෙළගැස්ම හදන්නේ, නිකං නොවෙයි.

කාශ්මිරයේ හිටපු ඉන්දීය තානාපතිවරයා තමයි ඊළගට ශ‍්‍රී ලංකාවේ වැඩ භාරගන්නෙ. කාශ්මිරයට, ඉන්දියාව යවන්නේ කොයි ජාතියේ බඩුද කියලා තමුන්නාන්සේලාට හිතා ගත හැකියිනේ. දකුණු ඉන්දියාවේ මේ හැසිරීමෙන් මොකක්ද පෙනෙන්නේ. උතුරෙන් පලවා හරින ලද සිංහල හා මුස්ලිම් ජනතාව යළි පදිංචි කරනවාට දෙමළ ජාතික සන්ධානය මහා විරෝධතා පවත්වන්නේ ඇයි? ‘උතුරු පළාත් සභා ඡුන්දය තියපන්, තියපන්’ කියලා කියන්නේ ඇයි? මේ දර්ශන, රූප රාමු සියල්ල එකම තැනකට ගෙනල්ලා එකට පෙළගස්සලා බැලූවොත් පෙනෙනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. වෙන්න යන්නේ උතුරු පළාත් සභා ඡුන්දය තියා ගන්න හදනවා මේ ගොල්ලො.

ජනාධිපතිතුමා කියලා තිබුණා සැප්තැම්බරයේදී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා. උතුරු පළාත් සභා ඡුන්දය මේ පළාත් සභා ක‍්‍රමයේ බලතලත් එක්ක තිබුණොත්, මොකද වෙන්නේ. දැන් අනෙක් පළාත් සභා පොලිස් බලතල, ඉඩම් බලතල භුක්ති විඳින්නේ නැහැ. ඔවුන් ඒ බලතල භුක්ති විඳින්නේ නැත්තේ ඔවුන් බෙදුම්වාදී දේශපාලන බලවේග නොවන නිසා.

නමුත් මේ පළාත් සභා බලතල උතුරට ගියොත්, ඊට පහුවැනිදාම ප‍්‍රාදේශීය පළාත් පොලීසිය ක‍්‍රියාවට නංවනවා. ඒකට බාධා කරන්න ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශිරානි බණ්ඩාරනායක නෝනාවත් තියාගෙනයි මේ ගොල්ලො මේ වැඬේ කරන්න ගියේ. ඒ නෝනා අද නැති වුණත් අවශ්‍ය ‘‘සපෝට් එක’’ නොලැබෙයි කියලා අපට කියන්න බැහැ.

උතුරු පළාත් සභා මැතිවරණය මේ පවතින බලතල යටතේ පැවැත්වුවහොත්, පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරන පළමුවැනි පළාත් සභාව හැදෙනවා. ඉඩම් බලතල පාවිච්චි කරලා උතුරු පළාතේ හමුදා කඳවුරුවලට පවතින්න බැරි වාතාවරණයක් ඔවුන් හදනවා.

ආයුධ බලයෙන් උතුරේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය කරපු පිරිස, මේ ව්‍යවස්ථාපිත බෙදුම්වාදී බලතල පාවිච්චි කරලා ආයුධ බලයෙන් කරන්න බැරි වුණු දේ කරන්න පටන් ගන්නවා. පළාත් පොලිස් කොමිෂන් සභාව පිහිටුවනවා. ඒක පවතින්නේ උතුරු පළාත් සභාවේ මහ ඇමතිතුමා යටතේ. ඒ මහ ඇමතිතුමා ඒ පොලීසිය පාවිච්චි කරයිද, උතුරේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සැමගේ හිතසුව පිණිස. නැහැෟ ජාතිවාදී බෙදුම්වාදී බලවේග අතට ඒ බලය යනවා. එතැන ජාතිවාදයක් බෙදුම්වාදයක් නැත්නම්, එකම ශ‍්‍රී ලාංකිකයන් ලෙස හිතන මනෝභාවයක් නම් ඇත්තේ අපට ඒ බලය ගියත් කමක් නැහැ කියලා හිත හදාගෙන ඉන්න පුළුවන්.

නැහැ. එහෙම නොවෙයි, සම්පූර්ණයෙන්ම ජාතිවාදී බෙදුම්වාදී බලවේගයක් අතට මේ බලය යනවා. බටහිරටයි, ඉන්දියාවටයි කත් අදින දේශපාලන බලවේගයක් උතුරේ ඉන්නේ. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට උතුර බටහිර අධිරාජ්‍යවාදයේ සහ ඉන්දියාවේ තිප්පොළක් බවට පත් වීම අනිවාර්යයි. උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන්ලා අරගෙන ඉන් පස්සේ පොලිස්, ඉඩම් බලතල අරගෙන, උතුරෙන් පලවාහරින ලද සිංහල, මුස්ලිම් ජනතාව යළි පදිංචි කරන එක සම්පූර්ණයෙන්ම නවත්වලා ‘තනි දෙමළ ජාතිවාදී බෙදුම්වාදී පාලනයක්’ මේ පළාත් සභා ව්‍යවස්ථාපිත බලය යටතේ ආරම්භ කරනවා.

ඒ පාලනයට දෙන්න තියෙන උපරිම සහයෝගය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ලබා දෙනවා. එතැනින් නතර වෙන්නේ නැහැ. උතුරු පළාත් සභාවට නැගනහිර පළාත් සභාව ‘‘පූට්ටු’’ කර ගැනීමේ මෙහෙයුම ඉන් පසුව ඇරඹෙනවා. ඒක කොහොමද කරන්නේ? මුස්ලිම් කොංග‍්‍රසය අද ආණ්ඩුවේ ඉන්නේ හරියට ‘‘වවුලාගේ ගෙදර මගුලට ගියා’’ වගේ. ආපු පලියට එල්ලිලා ඉන්නවා. අද වෙන්නේ හකීම් මහත්තයාගේ කැමැත්ත නොවෙයි. හකීම් මහත්තයාට  ඕන ආණ්ඩුවෙන් ගැලවිලා යන්න. නමුත් නැෙ`ගනහිර මුස්ලිම් ජනතාව කැමති නැහැ. මුස්ලිම් කොංග‍්‍රසයේ සහ දෙමළ ජාතික සන්ධානයේ හවුල් පාලනයක් නැෙ`ගනහිර පිහිටුවන සැලසුම ඊළ`ගට එනවා. එතකොට උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය ගන්නවා. නැෙ`ගනහිර පළාත් සභාවේ මුස්ලිම් කොංග‍්‍රසය හා දෙමළ ජාතික සන්ධානයේ හවුල් පාලනයක් පිහිටුවනවා. දැන් තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසයේ හවුල් පාලනයක්. හකීම් නැකත බලලා සන්ධානයෙන් දික්කසාද වෙනවා. නැකත බලලා ඇත්තේ නමුත් තාම කියලා නැහැ. දික්කසාද වෙන්න කලින් ඒක නැෙ`ගනහිර මුස්ලිම් ජනතාව පිළිගන්න තත්ත්වය හදන්න  ඕනෙ. මුස්ලිම් ජනතාව, මුස්ලිම් කොංග‍්‍රසය දෙමළ ජාතික සන්ධානය සමග එකට එකතු වන එක පිළිගන්නේ නැහැ.

ඒ දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සමග එකතු වෙන්න අකමැති නැගනහිර මුස්ලිම් ජනතාව කැමති කරවා ගන්න තමයි, ‘දකුණේ සිංහල-මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ ව්‍යාපාරය’ පටන් ගත්තේ. දකුණේ සිංහලයා මුස්ලිම් මිනිහාට ගහනවා වගේ පෙනෙනකොට, නැගනහිර මුස්ලිම් මිනිහාගේ මනස නිකම්ම තල්ලූ වෙනවා ‘අනේ අපි දෙමළ බලවේග සමග එකතු වෙලා හරි මේකට මුහුණ දෙන්න  ඕනෙ’ කියන තැනට. ඔය ගැටුම ඇවිළවූ බලවේගය පිළි අරන් ඉවරයි, ‘අපට උදව් කළේ නෝර්වේ රටින්’ කියලා. ඒ සංවිධානයේ ඉන්න සම්බන්ධීකරණ ලේකම්, ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සමග පැවැති සංවාදයකදී පිළි අරන් තියෙනවා, ‘ඔව්ෟ අපි නෝර්වේ ගියා. දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හමු වුණා. අපට නෝර්වේවලදී මුදල් ආධාර දුන්නා. නෝර්වේ ගියා මෙන්න මේ අය. අපි ගිහිල්ලා ආපු ගමන්ම පටන් ගත්තා නෝර්වේ කියපු විදියට සිංහල – මුස්ලිම් ගැටුම අවුළවන වැඬේ’, කියලා. මේ සංවිධානයේ සම්බන්ධිකරණ ලේකම් කියන පුද්ගලයා අපේ හාමුදුරුවනේ, අඩුම ගානේ පන්සලක දායක සභාවකවත් හිටපු කෙනෙක් නොවෙයි. පෝයකට පන්සලකටවත් ගියපු කෙනෙක් නොවෙයි, එන්.ජී. ඕ. කුක්කෙක්. නෝර්වේ සල්ලිවලින් දුවන එන්.ජී. ඕ.වලින් ජීවත් වුණු මිනිහෙක්. මේ අය එක පාරටම බෞද්ධයා රැුක ගැනීමේ මහා යෝධයෙක් බවට පත් වුණා. අද නෝර්වේ සල්ලි දුන්නු බව පිළි අරන් ඉවරයි. නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා ‘අපි මේ අයට සල්ලි දුන්නේ නැහැ. අධ්‍යාපන මූල්‍යාධාර දුන්නා’ කියලා.

මොකක්ද මේ නෝර්වේකාරයාට තිබෙන සිංහල බෞද්ධයාව මුස්ලිම් මිනිහාගෙන් බේරා ගැනීමේ උවමනාව. මොකක්ද මේ නෝර්වේකාරයාට එකපාරටම සිංහල බෞද්ධයා ගැන ඇතිවුණු කැක්කුම. දෙමළ ඩයස්පෝරාව නෝර්වේවලදී හමු වුණා කියලා මේ සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම්වරයා පිළි අරන් ඉවරයි. මේක ‘නෝර්වේ – දෙමළ ඩයස්පෝරාවේ උගුලක්’

මොකක්ද මේ උගුල? සිංහල – මුස්ලිම් ජනතාව හප්පලා, නැගනහිර මුස්ලිම් මිනිහාට, දෙමළ ජාතික සන්ධානය සමග මුස්ලිම් කොංග‍්‍රසය එකතු වීම සාධාරණීකරණය කිරීම. එතකොට හකීම්ගේ නැකත එනවා. ‘නැගනහිර මුස්ලිම් ජනතාවනි, මම දෙමළ ජාතික සන්ධානය සමග එකතු වෙලා මේ ද්‍රෝහී සිංහල පාලනය පෙරළා දමනවා’ කියලා එදාට හකීම් කියනවා. හකීම්ට ඒ පිම්ම පනින්න අවශ්‍ය වාතාවරණය හදන්න තමයි නෝර්වේකාරයා මේ සල්ලි පොම්ප කළේ. ඔන්න එතකොට නැගනහිර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන – මුස්ලිම් කොංග‍්‍රස් හවුල් පාලනය හැදෙනවා. ඊට පස්සේ උතුරේ දෙමළ ජාතික සන්ධාන පාලනය වගේම මේ හවුල් පාලනයත් නැෙ`ගනහිර පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරන්න පටන් ගන්නවා.

ඊළ`ග පියවර තමයි මේ පළාත් සභා දෙක ඒකාබද්ධ වීම. නැගනහිර පළාත් සභාවේ යෝජනාවත් සම්මත විය යුතුයි, ‘අපි උතුරු පළාත් සභාව සමග ඒකාබද්ධ වන්නෙමු..’ කියලා. ඒ වගේම යෝජනාවක් උතුරු පළාත් සභාවේත් සම්මත වුණාට පසුව මෙම පළාත් සභා දෙක යළි නීත්‍යානුකූලව ඒකාබද්ධ වෙනවා.

එදා මේ අපේ ජයන්ත විජේසේකර මන්ත‍්‍රීතුමන්ලා දිවි පරදුවට තියලා සටන් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා උතුරින් නැෙ`ගනහිර වෙන් කර ගත්තා. ඒ අනුව උතුරු පළාත් සභා ඡුන්දය පැවැත්වුවොත් යළි උතුරු – නැෙ`ගනහිර පළාත් සභා ඒකාබද්ධ වෙනවා. මේ ඒකාබද්ධ උතුරු නැගනහිර පළාත් සභාව පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරනවා. මේක කරන්නද, හත්වලාමේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාග කළේ.

එදා ප‍්‍රභාකරන් පරදන සටනේදී අපේ රණවිරුවෝ ඒ ප‍්‍රදේශයට ගියේ බිම් බෝම්බ මතින්. එහිදී විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. එහෙම හමුදාවක් මේ රට බේරලා දුන්නේ. එහෙම පණ දීලා බේරගත්තු රටක් යළි අවුල් ජාලාවක් කරන්න දෙමළ ජාතිවාදී සන්ධානයට, නෝර්වේ පිල්ලිවලට ඉඩ දීලා තමුන්නාන්සේලා බලා ඉන්නවාද? (ජනතාවගේ හඩ ‘නැහැ, නැහැ, අපි ඉඩදෙන්නේ නැහැ’)

එදා දිවි පුදපු රණවිරුවන්ගේ ලේවල පූජනීය වටිනාකමේ නාමයෙන් එකා මත්තේ එකා මලත් උතුරු පළාත් ඡුන්දය බෙදුම්වාදී බලතල සහිතව තියන්න දෙන්න බැහැ. ඒක එපැයි කියන අපට කියනවා නම් ඇමතිකම් දාලා යන්න කියලා කිසි ප‍්‍රශ්නයක් නැහැ දාලා යන්නම්. අපට විරුවන් දිනා දුන් රට ලොකුයි, ඇමතිකම්වලට වඩා. අපි මේ ඇමතිකම් අල්ලලා බදා ගෙන ඉන්න ඒවා නොවෙයි. අපි මේවා බුරුලට අල්ලන් ඉන්නේ,  ඕනෑම වෙලාවක අත හරින්න බලාගෙන.

දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක් කියලා මම යළි අපේ කතාව කියන්නම්. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියේදී දැන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා, ‘ඒකක 60දක්වා කිසිදු විදියකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ. ඒකක 180දක්වා පරිභෝජනය කරන අයටත් සැලකිය යුතු සහනයක් දෙනවා’ කියලා. එතුමාට අපේ ආචාරය, ගෞරවය මේ මැයි දින වේදිකාවේ සිට පුදකර සිටිනවා, අපේ මතය, ජනතා මතය පිළි අරගෙන ජයසුන්දර ආර්ථික ඝාතකයා හදපු විදුලි බිලේ පීඩාවෙන්, උගුලෙන් අපේ මහජනයා නිදහස් කර දීම සම්බන්ධයෙන්.

දැන් අපි යළිත් අපේ කතාවට එමු. විදුලි බිල නැග්ගොත් බස්ස ගන්න පුළුවන්. නමුත් මේ උතුරු පළාත් සභාව දෙමළ ජාතිවාදී බෙදුම්වාදී බලවේග අතට ගියොත් යළි ගැනීම බොරුවක්. පෙර කියපු විදියට හැදුණු ඒකාබද්ධ උතුරු – නැෙ`ගනහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනෙනවා, ‘අපේ පාලනයට දිගින් දිගටම බාධා කරමින් පවතී. මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී ලෙස අපට බාධා එල්ල කරයි. එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘දෙවිඳුනි’, පැමිණ මේ පළාතේ පාලනය භාර ගන මැනවි’ කියලා.

අද මේ යෝජනාව කරන්නේ, රායප්පු ජෝශප් පියතුමා, චෙන්නායිවල කරුණානිධි ඇතුළු පිරිස. එදාට මේ යෝජනාව ගෙන එන්නේ මේ උතුරු – නැගනහිර පළාත් සභාවේ බහුතර මන්ත‍්‍රීවරුන් විසින්. එතැන් සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අත පෙවීම පටන් ගන්නවා. මේ සැලැස්මට තමයි නව දෙමළ ඊළාම් මෙහෙයුම දියත් වන්නේ.

මේ ඇමෙරිකානු එක්සත් ජනපදය ඇතුළු අශුද්ධ බලවේගය මෙතැනින් නතර වෙන්නේ නැහැ. මෙතැන සිංහල – මුස්ලිම් ගැටුම හදලා නැගනහිර මුස්ලිම් ජනතාව දෙමළ ජාතික සන්ධානය සමග ගැට ගහලා ඔවුන් නිහඩව ඉන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණයේදී ‘මේ ආණ්ඩුව සිංහල බෞද්ධයා රකින්නේ නැහැ. මේ ආණ්ඩුව මුස්ලිම් මිනිස්සු එක්කයි හිටගෙන ඉන්නේ’ කියලා බෞද්ධයා වෙනුවෙන් වෙනම සිංහල බෞද්ධ අපේක්‍ෂකයකු ඡන්දයට දානවා නෝර්වේ ආධාර උපකාර ඇතිව. ඒ බෞද්ධ බලවේගයට තියෙන්නේ මුස්ලිම් විරෝධී සිංහලයාගේ ඡන්ද ටික ගන්න එකයි.

බලන්න එතකොට ආණ්ඩුව දුර්වල කරලා වට්ටන්නත් පුළුවන්. නැගනහිර මුස්ලිම් ජනතාව දෙමළ ජාතික සන්ධානයේ ඔඩොක්කුවට දමන්නත් පුළුවන්. එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි. ඒ අනුව මේ රට අනාගතයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේත් ඉන්දීය ව්‍යාප්තවාදයේත් රූකඩ අතකොලූවක් අතට පත් කරන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බලාගෙන ඉන්නේ මේ වෙලාව එනකම්.

අද මේ රටේ විපක්‍ෂ දේශපාලනය කරන්නේ එජාපයට, ජවිපෙට වඩා කොළඹ තියෙන බටහිර තානාපති කාර්යාල කිහිපයක්. එක්සත් ජනපද තානාපතිතුමිය නැගනහිර මුස්ලිම් ප‍්‍රජා නායකයන් කොළඹට ගෙන්වලා ආණ්ඩුවට විරුද්ධව සටන් කරන හැටි උගන්වලා තියෙනවා. නෝර්වේකාරයා මෙහෙ කට්ටියක් අරගෙන ගිහිල්ලා සන්තෝෂම් දීලා කියනවා, ‘සිංහල – මුස්ලිම් ගැටුම අවුළවපන්’ කියලා. මේක තමයි අන්තර්ජාතික මෙහෙයුම.

ඒත් මේ රට අස්ථාවර කරන්න දේශපාලන අවුල හදලා විතරක් බැහැ. ඒ නිසා ආර්ථිකය ඇතුළෙත් අවුල හදනවා. දැන් බලන්න විදුලි බිල වැඩි වුණා. ඊට පස්සේ අජිත් ජී. පෙරේරා කියන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවකදී කියනවා, ‘විදුලි බිල වැඩි කිරීමට සම්බන්ධ මහ බැංකු අධිපතිතුමා, රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා සහ සරත් අමුණුගම මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා’ කියලා.

ඇත්තෙන්ම මේ විදියට, අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයට වැඩියෙන් විදුලි බිල වැඩි වෙන්නත්, වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයට අඩුවෙන් විදුලි බිල වැඩි වෙන්නත් මේ යෝජනාව හැදුණෙත් පී. බී. ජයසුන්දර අතින්. නමුත් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු කෙනාගේ නම එජාපය කියන්නේ නැහැ. වෙනත් අයව පටලවනවා. ඒ ඇයි? මේ රටේ විදුලිය අඩුවෙන් පාවිච්චි කරන මිනිහගේ ඔලූවට හෙණ පතයක් යවපුවාම ආණ්ඩු විරෝධී බලවේග ශක්තිමත් වෙනවා. ජයසුන්දරලාට  ඕන විදුලි බිල නිකං වැඩි කරන්න නොවෙයි, අඩු ආදායම්ලාභීන්ට සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාව සහ ආණ්ඩුව සමග ඉන්න බලවේග ආණ්ඩුවට විරුද්ධව පාරට බස්සන්න.

ජනාධිපතිතුමා විදුලි බිල වැඩි කිරීම සංශෝධනය සඳහා පියවර ගත්තේ මේ ජයසුන්දරගේ උප්පරවැට්ටිය තේරුම් ගෙන. ඒ තීරණය එන්නේ මේ ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටිය තේරුම් ගැනීමත් සමග.

මේ රටේ ඉන්නවා රජයෙන් වැටුප් ගන්න ගමන් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් වැටුප් ලබන ආර්ථික ඝාතකයින්. ඔවුන් උත්සාහ කරන්නේ මේ රටේ ආර්ථිකය නැමැති නෞකාවට බර පටවලා, පටවලා එය හිතාගන්න බැරි මොහොතක ගිල්වා දමන්න. හරි හොඳට ආර්ථිකය ඉදිරියට යනවා, කියමින් ඉඳලා ආර්ථිකය නැමැති නෞකාව ගිල්වා දමන්නයි මේ පිරිස් හදන්නේ. පොහොර සහනාධාරය කපලා ගොවියා සහ ආණ්ඩුව අතර ගැටුමක් ඇති කරන්න හදන්නේ, මහවැලියේ වතුර ටික ඇරලා ඞීසල් විදුලි බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගන්නේ, මේ ආර්ථික ඝාතක නිලධාරී මාෆියාව.

මේ ආර්ථික ඝාතතයන්ගේ මෙහෙයුම සහ ඉහත කී දේශපාලන මෙහෙයුම පැරදවීමේ අභියෝගය අප ඉදිරියේ තියෙනවා.

බෙදුම්වාදී බලතල සහිතව උතුරේ ඡුන්දය පවත්වලා අවසානයේදී උතුරු – නැගනහිර ඒකාබද්ධ පළාත් සභාවක් මේ රටේ මධ්‍යම ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ඉල්ලා සිටීම දක්වා වූ නව දෙමළ ඊළාම් මෙහෙයුමට ඉඩ දෙනවාද?

ආර්ථික ඝාතකයන්ට මේ රටේ ආර්ථිකය නම් වූ නොෟකාවට බර පටවලා, පටවලා ගිල්වා දැමීමට ඉඩ නොදී ඔවුන් පන්නා දමනවාද?

අපට ජනාධිපතිතුමන්ගෙන් ඇසීමට ඇත්තේ ඉහත ප‍්‍රශ්න දෙකයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාව මත සිට එම ප‍්‍රශ්න දෙක ඇසිය නොහැකි නිසයි මෙවැනි ජාතිකවාදී බලයක් කුළුගැන්වුණු වේදිකාවක සිට අපි ජනාධිපතිතුමන්ට එම ප‍්‍රශ්න දෙක ඉදිරිපත් කරන්නේ.

මේ ප‍්‍රශ්න දෙකට හරි උත්තර නොදී රට ඉදිරියට ගෙන යන්න අපහසුයි. මේ අවදානමෙන් මේ රට නිදහස් කර ගත යුතුයි.

සැප්තැම්බරයේදී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා නම් ඊට පෙර 13 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී ඇති ඉඩම්, පොලිස් බලතල නැමැති නලදත් ගලවා දමන්න. ඒ වගේම පළාත් සභා දෙකක් එකට එකතු කිරීමේ බලයත් අහෝසි කරන්න. ඉන් පසුව උතුරේ මැතිවරණය පැවැත්වීම ගැටළුවක් නොවෙයි.

ආර්ථික ඝාතකයන් එලවා දමා ජාතික නිෂ්පාදනය ඉහළ නංවන ආර්ථික සැලසුමකට අප රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා.

මේ අභියෝග ජය ගැනීමේ දිසාවට මේ රට ගෙන යාම සඳහා දිවිහිමියෙන් කටයුතු කිරීමට දේශමාමක, ජාතිමාමක දේශපාලන බලවේගයක් ලෙස කැපවීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්.’

අමාත්‍යවරයාගේ දේශණයේ සම්පූර්ණ හඬ පටය

<object width="148" height="44" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="wmode" value="transparent" /><param name="src" value="http://vocaroo.com/player.swf?playMediaID=s1kFJuqFi3OV&autoplay=0" /><embed width="148" height="44" type="application/x-shockwave-flash" src="http://vocaroo.com/player.swf?playMediaID=s1kFJuqFi3OV&autoplay=0" wmode="transparent" /></object>

<object id="audioplayer" width="400" height="27" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="FlashVars" value="" /><param name="quality" value="high" /><param name="menu" value="false" /><param name="allowscriptaccess" value="always" /><param name="wmode" value="transparent" /><param name="src" value="http://kiwi6.com/swf/audio-player.swf?audioUrl=http://k003.kiwi6.com/hotlink/vma86u7zb7/may_relly_2013.05.01.mp3" /><embed id="audioplayer" width="400" height="27" type="application/x-shockwave-flash" src="http://kiwi6.com/swf/audio-player.swf?audioUrl=http://k003.kiwi6.com/hotlink/vma86u7zb7/may_relly_2013.05.01.mp3" FlashVars="" quality="high" menu="false" allowscriptaccess="always" wmode="transparent" /></object>

ප‍්‍රභාකරන්ට ‘බෑ..’ කියා සම්බන්ධන්ලාට ‘හා’ කීම
මෙරට සුජාත දූ පුතුන් වූ වීරෝධාර රණවිරුවන් දහස් ගනනකේ ජීවිත පරි ත්‍යාගයෙන්ද තවත් දස දහස් ගණනකගේ දෑස් අතපය ආදිය පූජාවෙන්ද ලබාගත් කොටි ත්‍රස්තවාදය පැරදවූ විජයග්‍රහණයේ සිව් වන සැමරුමට එක් පැත්තකින් සූදානම් වනු පෙනේ.එය කොයි වෙලේ කොතනක තමන්ගේ ජීවිත මස් වැදලි ගොඩක් බවට පත් වේ යැයි මරණ බියෙන් පසුවූ එයින්  අභය දානය ලද සුවහසක් මිනිසුන්ගේ ආශ්වාදයට හේතුවක් වනු නිසැකය. අනෙකුත් අහේනිකම් සියල්ලම තම අභයදානය ලද පුණ්‍ය කර්මයට දෙවැනි  කරන්නට මේ බොහෝ මිනිසුන් අදද නොපැකිළෙන බවට සැක නැත. නමුත් ඒ ආශ්වාදයේ මිහිර අමිහිරි කරන වටපිටාවක් ඒ සමගම  තවත් පසෙකින් නිර්මානය වෙමින් තිබීම මේ මිනිසුන්ගේ ආශ්වාදය පළවාහැර ඒ වෙනුවට කළකිරීමත් වෛරයත් අවුළුවන බවටද එලෙසම සහතිකය. එනම්  ආණ්ඩුව උතුරු පළාත් මැතිවරණයට ලක ලෑස්ති බව බවට වන සූදානමයි.

පළාත් සභා යනු අපෙ පසින් මතු වූ අපට උරුම දෙයක් නොව එය ජේ ආර් ජයවර්ධනගේ අත බලෙන් කරකවා සිදුකල ඉන්දියන් බලහත්කාරකමේ ප්‍රතිඵලයකි. ඉන්දීය පාලන මොඩලය බලහත්කාරයේ අපේ රටට එබ්බවීමකි.අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තියත් දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතීන් අතර අසමගියත් වර්ධනය කල ජේ ආර් පාලන සමය දෙමළ ජාතිවාදයට තම ත්‍රාඩ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට සරු පසක් වූ වටපිටාවක හතර අතින්ම අර්බුදයේ කරවටක් ගිලුනු ජයවර්ධන ජනාධිපතිවරයා දඬු අඬුවට හසු කරගන්නට ඉන්දීය බමුණන්ට අපහසු නොවීය.එහි අවසන් ප්‍රතිඵලය වූයේ පළාත් 8 ක් සඳහා පළාත් සභා පිහිටුවීම අරමුණු කරමින් කෙරුනු යෝජනා පිළිගනිමින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමයි.ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු මෙහෙයවීමෙන් උතුරෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේ “ඔපරේෂන් ලිබරේෂන්” මෙහෙයුම එක පෑන් පහරකින් ආපසු හරවා ඉන්දීය දඬු අඬුවට හසු කරගත් අපූරුව එවකට ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වූ ඩික්සිත් විසින් පසුව රචනා කල “කොලඹ භූමිකාව” ග්‍රන්ථයේ මැනවින් සඳහන් වේ.1987 ජුලි 29 ජේ ආර්- රජීව් ගිවිසුම ප්‍රකාරව පලාත් සභා ක්‍රමය මෙරට බලහත්කාරයෙන් ස්ථාපිත කලේය.එහිදී අමතක නොකල යුතු වැදගත් කරුණ නම් පළාත් සභා කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරන අර්ථ දැක්වීමද ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කූට ලෙස තම වාසියට අර්ථ ගන්වා ගත් බවයි.9 දෙනෙකුගෙන් සමන්විත ශේෂ්ථාධිකරණ විනිසුරු මඩුල්ලේන් 4 දෙනෙකු මෙය රටේ ඒකීය භාව අහෝසි වන යෝජනාවක් බවට ප්‍රකාශ කල අතර තවත් හතර දෙනෙක් එය ඒකීය භාවයට හානි නොවන බව ප්‍රකාශ කලේය.එක් විනිසුරුවරයෙක් මේ ස්ථාවර දෙකටම එකඟ නොවීය.කපටි ජේ ආර් සිදු කලේ ඔහුගේ චන්දයද ඒකීය භාවයට හානි නොවේ යන හතර දෙනාට එකතු කල 5 ට 4 ක් ලෙස සලකා යෝජනාව ඉදිරිපත් කිරීමය. මේ පිළිබඳ වටිනා සටහන් කිහිපයක් එම විනිසුරු මඩුල්ලේ සිටි පසුගියදා දැයෙන් සමුගත් රාජා වනසුන්දර මහතා විසින් එළි දක්වා තිබේ.එය වැදගත් වන්නේ පලාත් සභා වලට බලතල දීම මගින් රට බෙදෙන්නේ නැතැයි අදද බෙරිහන් දෙන මෝල්වහන්සේලා ගේ තර්කවල ඇති පුහු බව වටහා ගැනීමට හොඳම මූලාශ්‍ර බැවිනි.මේ බොහෝ බත් බැලයන් එදා එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ක්‍රිෂ්ණ දෙවිඳුන් ලෙස හඳුන්වාදුන් කල්ලිවල හෙංචයියන් වූ අතර කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල නොහැකි යැයි කැට තබා ඒ වෙනුවට ඩොලර් මලු උපයාගත්තවුන්ය.

විසදුම් ගැන කතා කරන්නෝ ප්‍රශ්නය කුමක්දැයි නොදනිත්. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති  ගැටලුව කුමක්ද  යන පැනයට කිසිවකුත් හරි හමං පිළිතුරක් දී නැත. ඒ එවැනි ප්‍රශ්නයක් නැති බැවිනි.

නමුත් අවාසනාවට කරුණ නම් අපේ උගතුන් බොහෝ දෙනා මෙයට පිළිතුරක් නැතත් ‘ඒත් අපි මොනව හරි දෙමළ ජනයාට දෙන්න ඕන නේද’ යන අතාර්ථික මනෝභාවයෙන් සම්පූර්න මිදී නොමැති වීමයි.   නැති ලෙඩකට බෙහෙත් දිමට යාමෙන් ලෙඩාත් වෙදාත් නැති බංගස්ථාන වන යුගයක් අභිමුව හිදිමින් ආශ්චර්යයෙන් දෑස නිලංකාර කර ගත් මෝඩ ජාතියක් බවට අප අද පත් වී ඇත්තා නොවේද.

බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසන් භාගයේ සර්වජන චන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම  රජය තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රමුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය.ඊනිය ෆෙඩරල් පක්ෂය නමින් චෙල්වනායගම් මහතා පිහිටුවාගත් ජාතිවාදී පක්ෂයේ සැබෑ නම ඉලංකෙයි තමිල් අරසු කච්චි විය.එනම් දෙමළ රාජ්‍යය පක්ෂය නම් විය.ඔවුන් තමන්ගේ වෙනම රාජ්‍ය මතවාදය එහි පක්ෂයේ නම සේම වචන තුල සඟවන්නට මුලදී උත්සාහ ගත්හ. ඊනියා සමාජ විද්‍යාඥයන් කුමන බොරුවක් කීවද ප්‍රභාකරන් බිහි කලේ ඊනියා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හෝ ප්‍රමිතිකරණය හෝ දෙමළ තරුණයන් පාගා දැමීම නිසා හෝ දමළ ජනයාට සිදු වූ ඊනියා අසාධාරණයක් නිසා නොව චෙල්වනායගන් වැන්නන් විසින් පෝෂණය කල දෙමළ රාජ්‍ය මිත්‍යාව විසින් බව පැහැදිළිය. ‘දැන් ටිකක් පසුව හුඟක් ‘ යන්න චෙල්වනායගම් සූත්‍රගත කල දෙමළ ජාතිවාදයෙ කුප්‍රකට සටන් පාටය බව අප අමතක නොකල යුතුය..

ඊනියා බලය බෙදා හැරීම් මගින් දෙමළ ජනයාගේ සැබෑ පරිපාලන ගැටලු වලට විසඳුම් නොලැබෙන බව පැහැදිලිය.එමගින් සංසිඳවන්නට බලාපොරොත්තු වන්නේ දෙමල ප්‍රභූ පන්තියේ වෙනම පාලනයක් පිළිබඳ ඊනියා අභිලාෂයයි.එනම් බ්‍රිතාන්‍යන් ලබා දුන් සහ පසුව අහිමි වූ අසමමතික වරප්‍රසාද ගොන්නයි. දෙමළ ජනයාට ඇතැයි කියන ගැටළු සමස්ථ දෙමළ ජනගහනයෙන් 50% කට වඩා අඩුවෙන් සිටින උතුර හා නැගෙනහිරට  බලය බෙදීමෙන් නොවිසිදෙන බව රාජ්‍ය නොවන සංවිධානවල බත් බැලයන් හා ඊනිය ප්‍රබුද්ධයන් හැරුණු කල සාමාන්‍ය ජනයාට තේරෙන කරුණයි.දෙමල භාෂාවෙන් කටයුතු කිරීමට අපහසුකම් ඇති වැල්ලවත්තේ අප්පාපිල්ලෙයි අයියා මුහුණ දෙන පරිපාලන ගැටළුව එම ගැටළුව උතුරේ සම්බන්ධන්ලාට ඉඩම් හා පොලිස් බලතල දීමෙන් විසඳන්නේ කෙසේද? අප්පාපිල්ලේට පමණක් නොව එය ගුණදාස අයියාටද පොදු සමජ ගැටලුවකි.එනම් බොහෝ තැන්වලදී අද අප්පපිල්ලේ අයියටද මෙන්ම ගුණපාල අයියලාටද කටයුතු කරන්නට වී ඇත්තේ තමන් නොදන්න ඉංග්‍රිසියෙනි.මේවා සරල යාන්ත්‍රණයක් මගින් විසඳිය හැකි තාක්ෂණික ගැටලු මිස මහා බොහෝ දෙනා කියන වාර්ගික ගැටළු නම් නොවේ..

ආණ්ඩුව තුල කොතෙක් අඩු ලුහුඬුකම් තිබුනත් ආන්ඩුවට චන්දය දෙන බහුතර ජනතාව ආන්ඩුව සමග බැඳ තබන හුය නම් රටේ ඒකීයභාව-ස්වෛරීත්වය පිළිබඳ මතයයි. ඊනියා උගතුන්ට නැති ඉව ඇති පොදු ජනතාව, එදා 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර පැන්නීමට මූලිකම කාරනය වූයේද මෙයයි. අඩු මුදලට පරිප්පු ,හාල්මැස්සන් දෙනවා යැයි පොරොන්දු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඒවා නොසලකා ගෙදර යවන්නේ එබැවිනි.

2/3 ක බලයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි බහුතර ජනයා තබාගත් බලාපොරොත්තු 2009 යුධ ජයග්‍රහණයත් සමග එහි උච්චස්ථානයට පත් වුවත් ඉන් පසු කෙමෙන් ක්ෂය වෙමින් තිබේය යන්න ආධානග්‍රාහීව නොබලන ඕනෑම අයෙකුට සරලව දැනෙන සත්‍යයි.නමුත් එක් කරුණක් නිසා එය ආපසු පෙරලිය නොහැකි මට්ටමේ රැඳී තිබේ.එනම් ඒකීයභාවය – ස්වෛරීත්වය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරයයි.කොටින්ම දෙමළ ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී නොසිටීමේ සෘජු ප්‍රතිපත්තියයි.සාතිශය බහුතරයක් ජනයා තවමත් මහින්ද රාජපක්ෂ මහතා මත ඒ බලාපොරොත්තු තබා සිටින්නේ අනෙත් නරින්ට මෙcම කුකුල් කොටුව භාර දුනහොත් අත්වන ඉරණම සක් සුදක් සේ පැහැදිලි බැවිනි.

නමුත් දැන් දැන් පෙනෙන කරුණු අනුව පෙනී යන්නේ ආණ්ඩුව සිය දෑතින්ම තම ගෙල සිඳ ගන්නට උත්සාහ කරන අයුරක්ද යන්න සැක සහිතය.එනම් 13 වන ව්‍යවස්තා සංශෝධනයෙන් පවරා දුන් විවාදාත්මක ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ වගන්ති එසේම තිබියදී උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයයී.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතෙක් පෙන්වූ උපායශීලී මෙන්ම සෘජු  ප්‍රතිපත්තියෙන් බැහැර වීමට සැරසෙන්නේදැයි යන සාධාරණ සැකයක් දැන් ඇති වෙමින් තිබේ.ජිනීවා උගුලෙහි කරවටක් සිර කිරීමේ බටහිර බලහත්කාරයේ ශක්තියට අවසානයේ ආන්ඩුව යට වීද?එසේත් නැත්නම් බටහිර සමග දේශපාලන ගේමක් ගසා බටහිර උදහසෙන් ගැලවෙන්නට කිස්වෙකු හෝ කේවට්ට උපදෙසක් ලබා දී ඇත්දැ? එසේත් නැත්නම්   බටහිර සම්බාධක ආදී බිය වැද්දවීම් හමුවේ ආණ්ඩුව  රටේ ඒකීයභාවය පිළිබඳ තම උජුපටිපන්න ගුණය උකස් තැබුවේද? මේ රට කෑළි වලට කැඩෙන ලෙස කටයුතු කළ හැකිවන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා ගත් නායකයකුට පමණි. ඒ බව දන්නා බටහිරයන් ආර්ථික සම්බාධක නමැති බිල්ලා පෙන්වා බිය වද්දා මේ රජය ලව්වා උතුරු පාළාත සම්බන්ධන්ට ලබා දීමට එකඟ කරවා ගත්තේද?මේ රට ගැන අවදියෙන් සිටින බොහෝ දෙනා හමුවේ  අද ඇති ප්‍රධාන ගැටලුවයි. ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බොහෝ දෙනා පසුගිය කාලයේ පලාත් සභාවලට එරෙහිව හෙනගිය මතවාදය අද වන විට යට ගොස් හිටි අඩියේ පලාත් සභා මැතිවරණය කරලියට ඒමෙන් අපට වටහා ගැනීමට ඇත්තේ ආණ්ඩුව ඒ සියලු සෘජු ප්‍රතිපත්ති බටහිර බලපෑම් හමුවේ ආපසු හරවා ඇති බවව යන්න නිවරදි නිගමනයකි.

දැනට තිබෙන තත්වය යටතේ උතුරු පළාත් මැතිවරණය පැවැත්වුවහොත් එහි ජයග්‍රහණය දෙමළ ජාතිවාදයේ වත්මන් නියෝජිතයා වන ද්‍රවිඩ ජාතික සංධානය ප්‍රමුඛ කල්ලියට හිමිවනු වැලැක්විය නොහැක අර්බුදය පැන නගින්නේ එතැන් සිටයි . එනම් ඉන් පසු උතුරු පළාතේ තිබෙන්නේ මෙරට බහුතර මනෝභාවයට එරෙහිව යන මෙදුම්වාදයේ දිශාවට ගමන් කරනා කණ්ඩායමක බලයයි. ප්‍රභාකරන්ගේ සහ සම්බන්ධන්ලාගේ මතවාදීමය සමානකම් බොහෝය. ක්‍රියාකාරකම්වල වනසක් පෙන්වුවත් මේ කල්ලි දෙකම දෙමළ ජාතිවාදයේ නියෝජිතයන්ය. කොටි ත්‍රස්තවාදයේ මතය සමග සමපාත වූ 1976 වඩුක්කොඩෙයි යෝජනා මෙන්ම 85 තිම්පු යෝජනා සම්බන්ධන්ලාගේද  මූලික දේශපාලන පදනමයි. ප්‍රභාකරන් නමැති කැළෑ සතාට බටහිරයන්ගේ ආශිර්වාදයෙන් සාම උගුලක් හරහා රට බෙදා ගන්නා සැටි නොතේරුනත් එය ඉටු කර ගන්නා නියම මාවතට සම්බන්ධන් දැන් අවතීර්ණ වී ඇත.

සම්බන්ධන්ලාට උතුරු පළාත් සභාවේ බලය ලැබීම යනු මෙතෙක් රැකගත් රටේ ඒකීයභාවය අහෝසි වන සංධිස්ථානය වන බවට සැක නැත. රාජා වනසුන්දර විනිසුරුවරයා පෙන්වාදුන් ආකාරයට පළාත් සභාවට හිමිවන ඉඩම් හා පොලිස් බලතල හරහා ඒකීයභාවය අභියෝගයට ලක් වනු ඇත. ඉඩම් හා පොලිස් බලතල මෙතෙක් පලාත් සභා හරහා ක්‍රියාත්මක වුවත් එය නීති පොතට අඩංගුව ඇති බාවිතා නොකරන බලතලයි.එය අධිකරණය හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම හරහා දෙමළ ජාතිවාදී අභිලාෂයන් මුදුන්පත් වනවා ඇත. ඒ හරහා ඌතුරු නැගෙන හා නැගෙනහිර පළාත් එම පලාත්සභාවලදී සම්මත වන යෝජනාවන් හරහා එක්වීමටද ඉල්ලීමක් ඉදිරිපත් වනු ඇත්තේ දෙමළ ඊළමේ බිම් පෙදෙස පිළිබඳ සීමා සටහන් කරමිනි. ඒ පළාත් සභාවට අන්තර්ජාතික ප්‍රාග්ධනය වැඩිපුර යොදවා බලවත් කෙරෙනු ඇත. ඉන් පසු ඒ පළාත් සඳහා පමණක් යෝජනා කරන ජනමත විචාරණයක් හරහා සුඩානයේ පන්නයේ වෙනම පාලන කලාපයක් බිහි කරගැනීමේ අරගලය බලාත්මක වනු ඇත.ඒ හරා ජීවිත දහස දහස් ගණනින් පුදමිල් ලබා ගත් ජීවත් වීමේ අයිතිය ,දේශසීමා සඳහා මරාගන්නා සදාකාලික කරුමයක් බවට පත්වීම අනිවාර්යය.

සම්බන්ධන් ලා කටේ කෙල පිසදාමින් සූදානම් වන්නේ මෙයට බව කීමට අංජනම් බැලිය යුතු නොවේ.මේ මෙහෙයුම වඩා සාර්ථක වන්නේ ඒ සඳහා අවශ්‍ය වටපිටාව විපක්ෂ කොටස් තුලින්ද නිර්මානය වෙමින් තිබෙන බැවිනි.

කලකට පෙර ‘මව්බිම නැත්නම් මරණය’ යන්න තම සටන් තේමාව කරගත්තවුන් පවා අද අධිරාජ්යවාදයට සහ එහි බලහත්කාරයට හීන් තට්ටුවක් පමණක් දමමින් අනියම් සහයක් ලබාදෙමින් කල් මරමින් සිටින්නේ ඔවුන්ගේ දාර්ශනික දුර්වලතාවයක් නිසාද එසේනැත්නම් එය අවස්ථාවාදයේ සැබෑ ස්වරූපය නිසාද?කලකට පෙර ඒකීය භාවය වෙනුවෙන් නුවර සිට කොලඹට ,කොලඹ සිට දකුණට පාගමන් ගිය මේ බලවේග අද දේශපාලන අවස්ථාවාදයට මුවාවී දෙමළ ජාතිවාදය සමග එක මග යමින් තිබෙන බව ඒ දෝලාවෙන් එලියේ සිටින්නන්ට හොඳින් පැහැදිලි වන කරුණකි.

කලකට පෙර නිල ඇඳුමෙන් සිටියදී ‘මේක සිංහල රට.මෙහ ඒ විදියට ඉන්න්න බැරි අය ඉන්නවනම් යන්න පුළුවන්’ යනුවෙන් සෘජුව අදහස පලකල , එමෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීම් මත උතුරේ හමුදා කඳවුරු ඉවත් කරගැනීමට එරෙහි වූ අය පව අද කපටු සූට් එකෙන් ගිනි සිළු ගෙන සැරසෙන්නේ දෙමල ජාතිවාදයට වාසි සහගත ස්ථාවරයක සිටිමින් බටහිර හොඳ හිත දිනාගැනීමට හනුමන්තා මෙන් රට ගිනි තැබීමට නොවේද? බටහිර හොඳහිත බවාගැනීමට හැකි වුවත් මෙරට බහුතර ජනතාවට ලං විය නොහැකි බව මේ ගිනි සිළු කරුවන් කවදා වටහා ගනීද?

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාද උතුරේ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් දහදිය වගුරුවමින් සිටිනු පෙනේ.ඒ වෙන කිසිවකටවත් නොව දෙමළ අභිලාෂයන් ඉටු වන බටහිරයන් සතුටු වන ආකාරයේ පාලනයක් බිහි කරගැනීමත් ඒ හරහා ඒකීයභාවය හුයෙන් ජනතාව සමග බැඳී සිටින ආන්ඩුව කෙරෙන් ජනතාව ඉවත් කරගැනීමත් යන එක අලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමේ අරමුණිනි.එදා දෙමළ ජාතිවාදයේ නිර්මාතෘවරයන් වූ චෙල්වනායගම් විසින්  වරක් තමන්  දෙමළ ජනයා පොරොන්දු දේශය වන දෙමළ ඊළම කරා ගෙන යන්නට දෙවියන් විසින්තෝරාගෙන ඇති බව ප්‍රකාශ කරමින් එකල එංගලන්ත සභාවේ කුරුනෑගල බිෂොප්වරයා වූ ලක්ෂමන් වික්‍රමසිංහ දෙවගැතිවරයා දෙමල ජනයා පොරොන්දු දේශය කරා ගෙනයන මෝසස් වරයා බව ප්‍රකාශ කර තිබේ. ලක්ෂමන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහගේ ආදරණීය බාප්පාය.චෙල්වනායගම් බාප්පාට පැවරූ වගකීම අද සම්බන්ධන් විසින් රනිල් වික්‍රමසිංහට පැවරීම අහම්බයක්ද?

කෙසේ හෝ කුමන අරමුණක් නිසා හෝ ආන්ඩුව මේ මොහොතේ 13 වන සංශෝධනය බලාත්මක වන ආකාරයේ තත්වයක් උදාකරමින් උතුරු පළාත් මැතිවරණය පැවත්වීම යනු තමන්ගේ මිනී පෙට්ටියට අවසාන ඇනයත් තමන් විසින්ම ගසා ගැනීමක් වනු නිසැකය. ප්‍රභාකරන් මියගිය පසු, ‘සිංහළ ජාතියේ ආරක්ෂකයා ලෙස දශක ගණනක් ක්‍රියා කළ පුදිගලයා දැන් මියගොස් ඇතැ’යි ගුණදාස අමරසේකරයන් කී අනාගත වැකියෙහි අරුත දැන්වත් වටහා ගන්නට අප උත්සුක නොවේ නම් ජීවත් වන අප වෙනුවෙන් මියගිය රණවිරුන් පාවා දුන් පාපතරයන් අපි නොවෙමුද?මේවා මෙලෙස සිදු වන්නේ නම් රණවිරුවන් දිවි පිදුවේ නිරපරාදේය. ප්‍රභාකරන් පවා මරා දැමුවේ මොන ඉටි ගෙඩියකටද? එකම වරද ප්‍රභාකරන් මස් රාත්තලම එකවර ඉල්ලා සිටීම පම්ණි. සම්බන්ධන්ට ටිකින් ටික මෙය ලබා ගන්න දී අපි මියගිය රණවිරුවාගෙ සොහොන් කොතටත් මුත්‍රා කරමින් සිටිමු.

- යුතුකම සංවාද කවය / yuthukama.com

බොදු බල සේනා නෝර්වේදී උප්පප්ති කතාව
ඩිලන්ත විතානගේ මහතාට අනුව – 2012මැයි 07 දින ආරම්හ කරන ලද බොදු බල සේනා සංවිදානයේ සම්බන්දීකාරක මෙන්ම එකම ගිහි විදායක කමිටු සාමාජිකයා ද ඔහුය. අපිට මෙම සංවිදානයේ පලමු වසර සැමරීමට තවත් මසක පමන කලයක් ඉතිරිව ඇති මොහොතක ලංකාව තුල සිදුවන බොහෝ දේ සම්බන්දව බොදු බලසෙනා  සම්බන්ද ව ලොව තුල ඉහලම තැනකට බොදු බල සේනා පත්ව තිබේ.

ඩිලන්ත විතනගේ මහතා ඇතුලු බොදු හිමිවරු අතලොස්සක් මෙම සංවිදානය පසුපස සිටින අතර , ඔවුන් මෙය පිහිටුවා ගනු ලැබුවේ කෙසේද?

බොදු බල සේනා නායක පූජ්‍ය කිරම විමල ජොති හිමි, බොදු බලසේනා ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි සහ අනෙකුත් විධායක  කමිටු සාමාජිකයන් වන්නේ පුජය.හපුතලේ පංඥාසාර හිමි ,,පූජ්‍ය විතරන්දෙනියේ නන්ද හිමි සහ ගිහි සාමාජික ඩිලන්ත විතානගේ මහතා බොදු බල සේනාවේ ප්‍රධනින් ද වෙයි , ආණ්ඩුවේ සමහර නායකයන් පවා මොවුන් ගැන කතා කිරීමට පවා තැති ගනි .

බොදු බල සේනා සංවිධනය පිහිටු වීමට පෙර මෙම හිමි වරුන් ගෙන් බහුතරය ක්  සහ ඩිලන්ත විතනගේ මහතා නෝර්වෙ බලා ගොස් ඇත.

මෙම සංචාරය වර්ල්ඩ් විවු ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් Arne Fjortoft මහතා සහ ඩිලන්ත විතානගේ මහතා විසින් සංවිදානය කොට ඇත.

ශ්‍රි  ලංකාවේ නෝර්වීගියනු තානාපති තුමිය වන Ms. Grete Løchen, මහත්මිය ට අනුව ,’ 2011 අප්‍රෙල් මස දිනයක පූජ්‍ය ගලගොඩත්තෙ ඥාණසාර හිමියන් නෝර්වේ දෙමල ඩයස්පොරා නියොජිතයන් හමුවීමට අවස්තාව  සලස් වා ගැනීමේ හැකියාව පිලිබදව ව්ර්ල්ඩ් වීවු ජත්‍යන්තර අරමුදල  Worldview International Foundation සමග සාකච්ච  කොට ඇත. මෙම හමුවෙ අරමුන ලෙඅස ඔවුන් දක්වන්නෙ , ශ්‍රි ලංකාව තුල පවතින වාර්ගික හා දෙශපලණික අභියොග වලට විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ග හා හැකියාවන් පිලිබදව පොදු  ගිවිසුමක් ඇතිකර ගැනීමයි.

අවසන් සැලෙඅස්මේ ප්‍රතිඑලයක් ලෙස , ඔක්තෝම්බර් 20-26 කාලයතුලදි සමගි සන්ධානය ඇතිකිරීමේ සමුලුවක් නෝර්වේ රටේ දී NOREF සංවිදානයෙ හවුල් කාරීත්වයෙන් පැවැත්වීමට තීරනය විය.

තවදුරටත් ඇය සදහන් කරසිටියේ , “ මෙම වියපෘතියේ නොර්වේ දායකත්වය වන්නේ වරක් පමනක් කරන ගෙවීමක් පමණි”

එමනිසා තානාපති තුමිය ගේ ප්‍රකාශයට අනුව  මෙම සංචාරයේ වියදම නොර්වේ විසින් දරනලද අතර මෙම හිමිවරු 2011 – ඔක්තෝම්බර් – 20/ 26 කාලයතුල නොර්වේ සංචාරය කරන ලදී .

මෙම සංචරයෙන් කෙටිකලකට පසුව හිමිවරු බහුතරය හා ඩිලන්ත විතානගේ මහතා ගේ සැලසුම් හා සංවිදානයෙන් 2012 මැයි මස 07 දින බොදු බල සේනා සංවිදානය කල එලි දක් වන ලදී .

සත්‍ය වශයෙන් ම , නෝර්වේ කුමක් සිදු වුනිද කාට නම් අනුමාන කලහැකිද , නමුත් ඔවුන්ගේ සංචාරය අවසන බොදු බල සේනා නම් සංවිදානය බිහිවිය.

නොර්වේ කොටි හිතවාදී බව හා ඔවුන් ගේ සාම ක්‍රියාවලියට බරපතල ලෙස විරුද්ද මේ අය තමතමුන් ගැන තිබුනු ආකල්ප වෙනස් කොටගෙනද , බරපතල ලෙස මතුවන සැකයනම් මෙය ලංකාවේ නයකයන් දිනා ගැනීමේ නෝර්වේ බලල් අතක්ද? මට නොතේරෙන දෙයනම් එයයි.

පහතින් දක්වා ඇත්තේ ඩිලන්ත විතානගේ මහතා සමග Asian Tribune කරන ලද සාක්ච්චාවයි.

Asian Tribune- ඔබට කිසියම් හදිස්සි කරනාවක් පැහැදිලි කිරීමට තියෙනවාද ?

ඩිලන්ත - මා කාර්‍ය බහුල නමුත් ,,ඔබට මා හා කතාකල හැකීයි .

Asian Tribune  - ඔබ සංවිදානය විසින් 2 වනි දා ස්විලන්ත වෙලාවෙන් මද්‍යම රත්‍රි ඔබ සංවිදානය විසින් නිකුත් කරනලද  මාද්‍ය නිවේදනය සම්බන්ධව පැහැදිලි කිරීමක්

ඩිලන්ත - විනාඩි කීපයකට කලින් මම ඔබතුමාට sms මාර්ගයෙන් එය ලබා දී ඇති .

Asian Tribune  .- එම ඊ මෙල් එක ලැබුනා ඔබලාගේ ලෙටර් හෙඩ් එකක.

ඩිලන්ත – අපි කිසිම කෙනෙකුට මාධ්‍ය නිවේදන ලබාදී නැහැ. අදහස් කරන මාද්‍ය  නිවෙදනයෙ මුස්ලිම් කාන්තාවන් ගේ පර්දා   ඇදුම  ගැනත් සදහන්  වෙනව කියලා මට දැන ගන්න  ලැබුනා. අපිට මෙම ඇදුම ගැන කිසිම ගැටලුවක් නෑ.  අපි  අප්‍රේල් 01  කිසිදුම හමුවීමක්  සන්විදානය කොට නැ. මම  මෙය දෙශිය මාද්‍ය හා ඔබට sms මගින් පැහැදිලි කර ඇති.

Asian Tribune  - කනගාටුයි , ඔබගේ sms මට ලැබී naethaනැත. කරුනාකර නැවත මට එය එවන්න

ඩිලන්ත - අපි වටා බොහෝදේ සිදු වෙමින් පවතිනවා ඔබ ඒ ගැන අවදියෙන් සිටින්න . පසුගිය සතියෙ එක්තරා මුස්ලිම් පල්ලියකට ඉන් ඉවත් වන ලෙස කිසියම් පිරිසක් දැනුම් දී තිබුනා . රූපවහිනී නාලිකාවක මිතුරකු මගෙන් මෙය විමසාසිටියා . අපි අපෙ මතය මෙගැන පැහැදිලි කරලා පොලිසිය දැනුවත් කලා . පොලීසියෙන් අපි ඉල්ලාසිටිය පරීක්ශණයක් කර මෙවැනි දේකරන අය අතඩන්ගුවට ගන්නා ලෙස

Asian Tribune –  මමත් එම පනිවුඩය පොලිස් පති  තුමාට යොමුකලා , පරීක්ශණයක් කරන ලෙස ඉල්ලා

ඩිලන්ත - ඒක හොදයි , අපි මේ වැරදි කරුවන් සොයා ගෙන ඔවුන් හදුනා ගත යුතුයි .

Asian Tribune – තව එක දෙයක් Arne Fjortoft මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි .  කොලබ නෝර්වේ තානාපති කාර්‍යලය හරහ ඔබට අරමුදල් ලැබෙනවාද සහ නෝවීජියනු තානාපති Grete Løchen මහත්මිය සහ Arne Fjortoft මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කර්‍යලයට පැමිනි කරනය , සහ හිමි වරු 5නමකගේ  නොර්වේ සංචාරය පිලිබදව . මෙම කාරනා අසාත්සාලි මහත max රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නැ යන්න මගේ මතකයයි .

ඩිලන්ත - මම ම්තු වු කාරනා වලට පිලිතුරු දුන්නා

Asian Tribune – මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?

ඩිලන්ත - මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට …..

Asian Tribune…..-  නැ … නැ  එය 2011 ඔක්තොම්බර් මස සිදු වුනේ .

ඩිලන්ත - මට මගේ පාස්පෝට් එක බලන්න ඔනි , මට මතක් නැ . 2011 ඔක්තිම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්තිරවම මතකයි නෝර්වේ සන්චාරයෙ න්  පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිදානය ආරම්බ කලේ .

Asian Tribune – ඔබත් එම නියෝජිත කන්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නෙද ?

ඩිලන්ත - ඔවු , මට පුලුවන් නොර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්

1 ගලගඩත්තේ ඥාණසාර

2 විතරන්දෙනියේ නන්ද

3 අලුත්වැව ආනන්ද

4 දාපනේ සුමනවන්ස

5 වැලිමඩ ශාන්ත  යන හිමිවරු  සහ පූජිත විජෙසිංහ , මාර්ක් ඇන්ටනි පෙරේර යන මහත් වරු .

මෙඅය බොදු බල සේනා නොවෙයි , ඔවුන් විවිද සංවිදානවලට අයත් අය . බොදු බල සේනා සංවිදානය එවකට පිහිටුවා නෑ .

Asian Tribune- ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහබාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කලේ ?

ඩිලන්ත -  අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිදානයක අරාදනයෙන් . ඒක නොර්වේ සංවිදනයක් මට නම මතක නැ . අපි එහිදී  දෙමල මිතුරන් මුනගැසුණා ..අපි ඔවුන් සමග සාකච්ජා කලා , මේ අය දෙමල ඩ්‍යස්පොරව ට සම්බන්දයි කියල දැන සිටියෙ නැ. අපි හහුවුනු සමහර දෙමල අය ltte අදාරකරුවන් බව දැන ගත්තා. හිටපු නොර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමු වක්  පැවතුන .සමාජ සේවා සංවිදාන කීපයක් කටයුතු බලන්න ගියා . නොර්වේ පාර්ලිමේන්තුව නැරබුවා. දෙමල මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා .

Asian Tribune.- Arne Fjortoft මහතා ඔබ සමග මේ සංචාරයට එක් උනාද ?

ඩිලන්ත - ගමනට එක් නූනත් , ඔහු අපිට නොර්වේ වලදි හමූවුනා .

Asian Tribune – නෝර්වේ  සංචාරයකට ඔබලට  ආරාදනා කිරීමට හේතුවක් තිබුනද ?

ඩිලන - අන්ත ගමි සංවිදාන extreme groups 2ක් සමග සංවදයක් ඇතිකර ගැනීමට .

Asian Tribune. – අන්තගාමි සංවිදාන යනුවෙ න්  ඔබ අදහස් කරන්නේ කුමක්ද ?

ඩිලන්ත -  දෙමල ඩයස්පොරව හා අපි අතර අවබොදයක් නිර්මානය ගැනීමට ..උදාහරනයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිදානයක් නියෝජනය කලා . මීටපෙර අප දෙපිරිසගේ ගැටලු පිලිබදව මෙවැනි අවබොදාත්මක් සාකච්චා නිර්මනය වීතිබුනේ නැ . ඉඩම් ගැටලුව , අධි ආරක්ශක කලාප හා විවිද ගැටලු ගැන කතා කලා .

Asian Tribune – ඔබ කන්ඩායම රජය නියොජනය කලාද ? මේම හිමිවරු ඔවුන්ගේ සංවිදාන නියොජනයකලාද තනි පුද්ගලයන් ලෙඅස  ඔවුන්ගේ මතය නියොජනය කලාද ?

ඩිලන්ත - මමත් පුජිත විජෙසිංහ මහතාත් භාශා පරිවර්තකයන් ලෙස තමයි සහබාගි උනේ . නමුත් හිමිවරු

එකම හෝ විවිද සංවිදනවලට අයත් අයතමයි මේම සංචාරයට අපි තෝරා ගත්තේ .

Asian Tribune – කවුද මේ නොර්වේ සංචරය සැලසුම් කලේ ?

ඩිලන්ත - මම සංවිදනය කලේ . මම සංවිදානයකලේ Arne Fjortoft මහතාත් සමග .

Asian Tribune – නොර්වේ තනාපති කාර්‍යාලය මේ ගමනට මුදල් ලබාදුන් නාද ?

ඩිලන්ත - නැ , මම හිතන්නේ නැ මේ ගමනට මුලු මුදලම  නොර්වේ තානපති කාර්‍යලය සැපයුවකියලා .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා සදහන්කරලා තිබුනා මේ ගමනට නොර්වේ තනාපති තුමත් නොර්වේ තානාපති කාර්‍යලය මුදල් සැපයු බව , මා  කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?

ඩිලන්ත -  එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නැ . මම ඔහු හමුවුණේ නැ . මම  මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ .

Asian Tribune- නමුත් Arne Fjortoft මහතා කියසිටියා ඔහු මේගමනට රජයේ බලදාරීන් ගෙන්න්  අවසර ගත බවට , රජ්ත සේනාරත්න මහතා මාසමග සදහන්කලා Arne Fjortoft මහතා මේ ගමන ගැන ඔහුව දැනුවත් කලබව .

.ඩිලන්ත - කොහේ හරි යන්න අපිට කාගේ වත් අවසර මොනාටද ? මට ලාංකිකයකු ලෙස ලොව ඔනැම තැනකට ගිය හැකියි . අපි එහේ ගියෙ කුමකටද කියා අපි දන්නවා . අපිට සාකජ්ච කීපයක් තිබුනා , අපි ස්වීඩන් , ඊට පස්සේ පැරිස්  ආය ආපසු කොලබට

Asian Tribune – ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?

ඩිලන්ත - හරියටම මතක නැ . දින 07 ක් නෝර්වේ වල . 1ක් දිනක් ස්වීඩන්වල .

Asian . – ඔබට ස්වීඩන් වල දි ඔබට මුනගැහුනේ කවුද ?

ඩිලන්ත - ස්වීඩනයේ අපි දෙමල ඩයස්පොරාව හමුවුනා , සිවිල් සමාජ නියෝජිත්‍යන් ,  සහ  සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .

Asian Tribune – කහෙද ?

ඩිල්න්ත - හරියටම මට කියන්න බැ . නමුත් එය නොර්වේ දේශසීමාව ලග නගරයක් . සංගීත ප්‍රසන්ගයක් හා බණ දේශනයකුත් තිබුනා .

Asian Tribune – ඔබ ස්වීඩනයේ පන්සල් වැද පුදා ගත්තාද ?

ඩිලන්ත - අපිට ඒ සදහා කාලය ප්‍රමනවත් වුනේ නෑ .

Asian Tribune.- ඔබ ස්වීඩනයේ ලංකා තනාපති කාර්‍යලයට ගියා ද .

ඩිලන්ත - නැ . අපිට හැකි වුනේ නෑ එහේ යන්න .

Asian Tribune – නෝර්වේ තනාපති කාර්‍යාලයට වත් ඔබල ගියද ?

ඩිලන්ත - නැ  .. නැ .. අපි ඔස්ලෝ වලට ලගා වු විගසම අපිව ඔස්ලෝවලින්  පිට තැනකට රැගෙන ගියා . අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .

Asian Tribune- අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?

ඩිලන්ත -  ඔවු , එම  හමුව අවසන් දවසේ තමයි තිබුනේ.

Asian Tribune- පැරීසියේ දී ඔබලා මොනවද සිදු කල ක්‍රියාකාරකම්.

ඩිලන්ත - හමුවීම් කිපයක් හා පන්සලකට අපි ගියා .

Asian Tribu – නෝර්වේ තානාපති තුමිය Ms. Grete Løchen මහත්මිය සමග කල හමුවීම ගැන කතාකලොත් .

ඩිලන්ත - Arne Fjortoft මහතා මාහට දුරකතනයෙන් කතා කොට Gulf News හා Asian Tribune  යන වෙබ් අඩ්විවල බොදු බල සේනා සංවිදානය ත්‍රස්තවාදී සංවිදානයක් ලෙස දක් වමින් ලිපි පලවී ඇතිබව දන්වා සිටියා , තවත අපට නෝර්වේ හා ඇමරිකන් තනපති කාර්‍යල වලින් දුරකතන මගින් මේ ගැන විමසා සිට්‍යා .

Arne Fjortoft  මහතා දන්වාසිටියා නොර්වේ තනාපතිතුමියට ත්වත් තොරතුරු අවශ්‍යබව , ඉන්පසු අපි ඔවුන්ට ආරාදනය කලා අපගේ කාර්‍යාලයට පැමිනෙන ලෙස වැඩිදුර තොරතුරු ලබා ගැනීමට .  මෙලෙසම අපි ඇමරිකන් තානාපති කාර්‍යාලයටද ආරාදනා කලා . Arne Fjortoft  .මහාතාට අපි කියාසිටිය බොදුබල සේනා සංවිදානය ඉතාකුඩා එකක් බවත් එහි අරමුන බුදු දහම හා බොදු සංකල්ප වර්දනයකිරීම බව සහ තානාපතිතුමියට ආරාදනා කිරීමත් සිදු විය .  එසේ තානාපතිතුමිය අප කර්‍යාලයට පැමිනියහොත් ,,අපි අපේ සංකල්ප ,,අරමුනු ඉතා හොදින් අපට පැහැදිලිකිරීමට හැකිබව ඔහුට දන්වා සිටියා .

පසුව නොර්වේ තානාපතිතුමිය තවත් මහමියක් සමග අප ගේ මූලස්තානයට පැමිනියා . ඇය බුදු  දහම ගැන විශේශ කැමැතක් ද පලකරසිටියා . හමුව තුලදි ඇය අසා සිටිය මෙවැනි දහමක් ප්‍රචන්ඩත්වය කරා ගෙනයන්නේ ඇයි කියා .

අපි ඇයට පැහැදිලිවම කියා සිටියා අපි ප්‍රචන්ඩක්‍රියා වල නෙයෙදෙන බව .

තවදුරටත් ඇය කියා සිටියා , මුස්ලිම් නයකයන් හා මුස්ලිම් සන්විදාන ලිපි , දුරකතන ඇමතුම් මගින් ඇය ට කියා සිටියලු බොදු බල සේනා සංවිදානය මුස්ලිම් වරුනට පුරාම කරදර කරනබව . ඇයි එහෙම කරනේ කිය ඇය අසසිටියා ?

අපි ඇයට පැහැදිලි කරසිටියා , බොදු බල සේනාව එවැනි ක්‍රියාවල නොයේදෙන බව . තිස්වසරක ජාතීන් අතර ගැටලුවකට මුහුනදුන් රටක් නිසා බොහෝ පරිස්සමෙන් කටයුතුකරන ලෙස හා මුස්ලිම් විරෝදී ක්‍රියා මාර්ග වල නොයෙදෙන ලෙසට ඇය අපගෙඅන්  ඉල්ලාසිටියා. අපි ඇයට පහදා සිටියා මුස්ලිම් නායකයන් හා සංවිදාන ඇයව නොමගයවා ඇතිබව . වැඩි දුරට අපි පවසා සිටියෙ මුස්ල්ම් ව්රෝදයක් අප තුල නොමැති බවත් බුදු දහමට පටහැනි හලාල් ආහාර වර්ජනය කරන බවත්‍ය

මෙම හමුව අතරතුර සමහර අවස්තා වලදි තානාප්තිතුමිය අපගේ කරුනු පැහැදිලි කිරීම් හමුවේ නොසතුටින් සිටින බව අපට දැනුනි . . නමුත් අවසන ඇය පිටවීමට මොහොතකට පෙර ජමිතුල් උලමා සංවිදානයෙ නියොජිතයන් අප කාර්‍යාලයට පැමිනි අතර ඔවුන්ටද තානාපතිතුමිය හමුවීමට හැකිවිය . මෙය හොර රහසේ කරනලද හමුවක් නොවේ එය සියලු දෙනාම තේරුම් ගත යුතුයි . බොදු බල සේනා කාර්‍යාලය පැය 24 ම ඔනෑම කෙනෙකුට එන්න යන්න පුලුවන් තැනක්.

Asian Tribune  ; තානාපති කෙනෙක් ආගමික සංවිදානයක් කාර්‍යලයට පැමිනීම

ඩිලන්ත - නැ .. එහෙම නෑ . ඇමරිකන් තානපතිතුමන් වෙනුවෙන් එම කාර්‍යාලිය දේශපාලන නිලදාරී මහතකු පසුදා අප කාර්‍යාලයට පැමිනියා .

Asian Tribune – ඔහු ගේ නම කුමක්ද ?

ඩිලන්ත - මට ඔහුගේ නම මතක නෑ. ඔහු ඇමරිකන් තානාපති කාර්‍යාලීය නිලදාරියෙක් .  ඔහු අප හමුවීමෙන් පසු බොදු බලසේනා සන්විදානය ගැන බොහෝ දේ දැන ගත්තා .

Asian Tribune – මේ හමුවීම් වලදී ඔබ පාර්ශවය නියොජනය කලේ කවුද ?

ඩිලන්ත - කිරම විමල ජොති හාමුදුරුවො , ගලගොඩත්තේ ඥාණසාර හාමුදුරුවෝ සමග මම . ඔහුද පැමින අර ප්‍රශ්ණ  ටිකම වගේ යොමුකලා,,අපි  ඒවට පිලිතුරු දුන්නා .

Asian Tribune – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අප ලද චන්ද 13න් 7ක්ම මුස්ලිම් රටවල ඒවා . බවුද්ද රටක්වන තායිලන්තය පමනයි අපත් සමග හිටියේ  තත්වය එසේ තිබියදීත් ඔබ සංවිදානය මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව ගැන තර්ජනයක් එල්ල කරනවා නේද ?

ඩිලන්ත - අපි එහෙමකරන්නෙ නෑ . එය සම්පූර්නයෙන්ම වැරදියි . අප මුස්ලිම් අයත් සමග බොහෝ දේ කතා කරනවා . අපි ඔවුන්ව දැනුවත් කලා ඔවුන්ගේ විශ්වාස හා ඇදුම සම්බන්දව අපිට ගැටලුවක් නැතිබව , ඔවුන් අපිව විශ්වාස කලා . සමහර දේශපාලණ කන්ඩායම් මේ වගේ විහිලු කරල අපිට ගැටලු නිර්මනය කරන්න හදනවා .

Asian Tribune – ඔබගේ බැරකිරීම් අපි පිලිගන්නාසේ තව 1ක දෙයක් අහන්නම ඔනි ,,අපිට තොරතුරු ලැබීතියෙනවා බොදු බල සේනාවට නොර්වේ රටින් අරමුදල් ලැබෙන බවට , එය සත්‍යක්ද ?

ඩිලන්ත - ඇත්තටම නැ . අපි එය ප්‍රතික්ශේප කරනවා.

Asian Tribune – ඔබලාට අරමුදල් කොහෙන්ද ?

ඩිලන්ත - දුප්පත්  මිනිසුන්ගෙ ආදාර වලින් තමයි අප සන්විදානය ක්‍රියත්මක වෙන්නේ . වෙන කිසිම අරමුදල් ලැබෙන ක්‍රමයක් නෑ .

Asian Tribune ඔබත් හිමිවරුත් නොර්වේ සංචාරයෙන් පසුවතමයි බොදුබල සේනා සංවිදානය බිහිවුනේ . මේසදහා නොර්වේ හෝ වෙනත් බටහිර බලපෑමක් තියෙනවා ද ?

ඩිලන්ත - නැ  ..ඒක සම්පුර්න යෙන්ම වැරදි . නොර්වේට බොදු බල සේනා සමග ගනුදෙනුවක් නෑ. මම එය තරයේ ප්‍රතික්ශේප කරනවා

- Asiantribune සම්මුඛ සාකච්චාවක සිංහල පරිවර්තනයයි / පරිවර්තනය – අරුණ විතාරණ

යොමුව මෙතනින්

විදුලි බිල සහ ජිනීවා උගුල
රට පාලනය කරන භාණ්ඩාගාර නිළධාරින් මේ වන විට විදුලිබල මණ්ඩලයේ ‘‘මූල්‍ය අර්බුදයට’’ තම විසදුම ඉදිරිපත් කොට ඇත. ඒ අනුව කිසිදු දුප්පත් පොහොසත් බේදයකින් තොරව රටේ සියලූම විදුලි පාරිභෝගිකයින්ට විදුලිබල මණ්ඩලයේ ඊ නියා පාඩුව සඳහා සෘජුව වන්දි ගෙවීමට සිදුවනු ඇත. රටේ පරමාධිපත්‍යයේ බලය දරණ ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලනඥයින් තමාට ඒ පිළිබඳව කළහැකි දෙයක් නැති බව පෙන්වමින් ඇත. නමුත් සිහිබුද්ධිය ඇති කිසිදු ආණ්ඩුවේ දේශපාලකඥයකු එය අනුමත නොකරන බව සහතික කළ හැක. එහෙතක් විපක්‍ෂයේ අය නම් බලාසිටින්නේ භාන්ඩාගාර නිලධාරින් වැඬේ හරියට කරනකම් බවට සැකයක් නැත.

අප රටේ මතුපිටට පෙනෙන මුල්‍ය අර්බුද පිටපස තිබෙන ආර්ථික උපාය මාර්ගික ගැටළු පිළිබඳ අවබෝධයකින් තොරව ඉල්කකම් හරඹවලින් ඒවාට විසදුම් ඉදිරිපත් කරන නිළධාරින් පෙන්වන්නේ තමන්ට වෙනත් කළ හැකි දෙයක් නොමැති බවය. අප රට නිදහසින් පසුව පැමිණි ගමනතුල දක්නට ලැබුණු ප‍්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ගැඹුරු දේශපාලන ආර්ථික ගැටළු වලට තාක්‍ෂණික හෝ ඊ නියා මූල්‍ය පාලන ක‍්‍රමවේද වලින් පිළිතුරු සෙවීමය. ඒ ආකාරයට  එවැනි ගැටළු අර්බුද දක්වා වර්ධනයවීම වලක්වා ගැනීමට හෝ ඒවා පියමන් කිරිමට අප සමත් වී තිබිය හැක. එහෙත් අප රටේ යම් දේශපාලන ච්න්තනයක් මත පදනම් වු උපාය මාර්ගික ප‍්‍රවේශයක් අනුව ගැටළු විසදන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුනේ නැත.

අප රටේ අත්තේ ඒ ඒ යුගවලදි මතුවන ගැටළු අර්බුද දක්වා මෝරායන තෙක් සිට ඒවායේ රෝග ලක්‍ෂණවලට වෙදකම් කිරිමේ දේශපාලන සංස්කෘතියකි. අද විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් ලෙස මතුවන්නේ මුලික වශයෙන්ම උපාය මාර්ගික ඥාණයකින් තොරව ආර්ථිකය පාලනය කිරිමේ අර්බුදය බව අපට පිළිගැනිමට සිදුවේ. දැන් රටක් ලෙස අප පැමිණ ඇති ඓතිහාසික තත්ත්වය අනුව විදුලි අර්බුදය දේශපාලන අර්බුදයකින් තොරව පියමන් කල හැකි යයි විශ්වාස කල නොහැක. එයට ප‍්‍රධාන හේතුව මේ අර්බුදය එකතු වන්නේ තවත් දේශපාලන හා ආර්ථික අර්බුද ගණනාවක් මතු පිටට වීමය. බොහෝවිට එය ඔටුවාගේ කොන්ද බිදෙන අවසාන පිදුරු මිටිය බවට පත්වීමට ඉඩ ඇත. මේ වන විට බිලියන 500 (මිලියන 5000ක් * කට අධික අය වැය හිඟය පියවා ගැනිමට නොහැකිව උඩ බිම බලන භාණ්ඩාගාර නිලධාරින්ට ඔටුවාගේ කොන්ද සම්බන්ධයෙන් කලහැකි දෙයක් නැත. ඇත්තවශයෙන්ම අයවැය ලේඛනයේ ඇතුලත් ආදායම් පිළිබඳ සංඛ්‍යා සහ යථාර්ථය අතර පවතින දැවැන්ත හිදැස තුල මෙම අයවැය හිඟය ප‍්‍රායෝගිකව තව ඉහළයනු ඇත.

ජාතියක් ලෙස අප පියමන් කරන මේ මොහොත ශ‍්‍රී ලංකාවේ රජය කොටුකර ගැනිම සඳහා ජිනීවාහි දැවැන්ත උගුලක් අටවමින් සිටින අවස්ථාවකි. ඒ මහා උගුලේ ප‍්‍රධාන පැතිකඩක් වන්නේ සියලූ බෙදුම්වාදි බලතල සහිතව උතුරේ ඡුන්දය පැවැත්වීමය. එසේම ඒ බෙදුම්වාදි උගුල දෙසට ආණ්ඩුව සහ ජනතාව තල්ලූ කිරිම සඳහා තවත් අතුරු උපාංග ප‍්‍රමාණයක් යොදා ගනිමින් තිබෙන අවස්ථාවකි. ඒ සඳහා බටහිරයන් විසින් මිතුරු සහ සතුරු බලවේග මෙන්ම අභ්‍යන්තර සහ බාහිර බලවේගද ඉතා හොඳින් කළමනාකරණය කරන බව පැහැදිලිව පෙනේ. එහිදී බටහිරයන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ ඔවුන් අටවා ඇති උගුලට ඉහලින් පය ඔසවාගෙන සිටින මහින්ද රාජපක්‍ෂ රජය උගුල මත පය තබනු ඇත්ද, එසේත් නැතහොත් ඉන් පිටතට පය තබනු ඇත්ද යන උභතෝකෝටිකය විසදා ගැනීමය. බටහිරයන්ට එවැනි අවිනිශ්චිතතාවයක සිටීමට සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ පවතින සුවිශේෂි ගති ලක්‍ෂණ නිසාය. යුද්ධයේ අවසාන භාගයේදි බටහිරයන්ට තමා ඇටවු උගුලට මහින්ද රාජපක්‍ෂ රජයේ පය තල්ලූ කිරිමට නොහැකි වන්නේ ඒ ගති ලක්‍ෂණ නිසාමය. එහිදි ඔහු සුවහසක් ජනතාව ඔල්වරසන් දෙමින් සිටින අවස්ථාවක තමා තරඟයෙන් ඉවත්වීමට සුදානම් නොවන චරිතයක් බව  ඕනෑවටත් වඩා හොදින් පෙන්වා ඇත.

නමුත් දැන් පෙනෙන්නට තිබෙන ආකාරය අනුව රටේ ජනතාව ඔල්වරසන් තබා කෙදිරිල්ලක්වත් නැතිව සිටින තත්වයක් තුල බටහිරයන්ට වික්‍ෂිප්තභාවයක් ඇතිවීමට හේතුවක් නැත. එසේ වුවත් යුද්ධයේ අවසාන කාලයේදි මෙන් ජාතික බලවේග ජනතාව නැගිටුවා ගැනීමට සමත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ රජය ජනතාවගේ පැත්ත ගැනීමට බොහෝ ඉඩකඩ තිබෙන බවට බටහිරයන් තුල විශාල සැකයක් ඇත. ඒ නිසා ඔවුන් ඊට අදාලව අධිතක්සේරුවකින් හෝ නොසැලකිලිමත්ව තීන්දු ගන්නේ නැත. ඒ තත්වය තුල ලබන සැප්තැම්බරයේ පැවැත්විමට නියමිත උතුරේ ඡුන්දය නැමැති මහා ජිනිවා උගුලේ අතුරු උගුලට මහින්ද රාජපක්‍ෂ රජය තල්ලූ කිරිම සඳහා කොන්දේසි කිහිපයක් සපුරා ගැනීමට ඔවුනට සිදුවේ.

ඉන් පළමු කොන්දේසිය මහින්ද රාජපක්‍ෂ රජය තුල උගුල පිළිබඳ සුභවාදි හෙවත් අඩුතරමින් අසුභවාදි නොවන මතයක් ඇති කිරිමය. ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයට හිතවාදි බව පෙනෙන බාහිර පාර්ශවයක් විසින් ඇස් නිලංකාර කිරිමක් අවශ්‍ය වේ. දැන් ජපානයේ යෂුෂි ආක්‍ෂි මහතා ඒ සඳහා ඉදිරිපත් වී ඇත. එතුමා ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අමාරුවේ දැමීම සඳහා ක‍්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදි මොළ සෝදන්නකු වූ ජෝන් ඩොයිලිට පමණක් දෙවෙනි වන සුවිශේෂි රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. උතුරේ ඡුන්ද උගුලට පයතබා ඉන්දියාව දෙසට මුහුණත් චිනය දෙසට පසු පසත් හරවා සිටගතහොත් යුද අපරාධ මහා උගුලින් ගැලවීම සඳහා ඇමෙරිකාවෙන් සමාව ලබාගත හැකි බව තහවුරු කිරිම ඔහුගේ භූමිකාවයි.

දෙවන කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්‍ෂ රජය උගුල දෙසට තල්ලූ කිරිම සඳහා බාහිරින් හෙවත් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් රාජ්‍යතන්ත‍්‍රික පීඩන සුළං දහරාවක් ඇති කිරිමය. උද්ඝෝෂණ සහ ආර්ථික සම්බාධක කතා හරහා ඒ සුළි කුනාටුව දැනටමත් ආරම්භ වී ඇති බව ඉතා හොදින් පෙනෙන්නට ඇත. තුන්වෙනි කොන්දේසිය වන්නේන උගුල දෙසට ගමන් කරන බව හෝ එසේ ගමන්කලහොත් අමාරුවේ වැටෙ බවට රටේ ජනතාව විසින් අනතුරු ඇඟවීම අවම කිරිමය. දැනටමතක් ජ.වි.පෙ ඇතුලූ වාමාංශික පක්‍ෂ,රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ ජාතිවාදි බෙදුම්වාදි පක්‍ෂ උතුරේ ඡුන්දය පිළිබඳව මුනිවත රකින්නේ ඊට අනුවය. රජය උගුලට පය තබන තෙක් හුස්ම අල්ලාගෙන හා අත් ඔසවාගෙන සිටින ඔවුන් රජය එසේ පය තැබු සැනින් යුද ජයග‍්‍රහණය පාවා දුන්නා යන චෝදනාව නගමින් ගෝෂා කරනු ඇත.

හතරවන කොන්දේසිය වන්නේ රටතුලින්ම සුලි කුණාටුවක් ඇතිකිරිම මගින් රජය අර්බුදයට ලක්කරන අතර මහජන අවධානය වෙනතකට යොමු කිරිමය. ඒ මගින් උතුරේ ඡුන්දය පැවැත්වීමේ භයානක කම දියාරු කෙරෙන අතර අනෙක් පැත්තෙන් දෙකොනම ගිනිතැබු විට එකක් බේරා ගැනිමේ ස්තාවරයකට ආණ්ඩුව තල්ලූ කිරිම සිදුවේ. එනම් රට අභ්‍යන්තර ප‍්‍රශ්න බේරාගැනිම සඳහා ජාත්‍යන්තරය සමග සාමයට එළඹිමේ ස්ථාවරයකට ආණ්ඩුව තල්ලූ කිරිමට අවස්ථාව උදාවේ. එහිදි ආර්ථික සම්බාධක නැමැතිි දඩු අඩුව පෙන්වා ආණ්ඩුව තව දුරටත් බිය වැද්දිමද සිදු කෙරේ. කෙසේවෙතත් ජාැත්‍යන්තරය සමග සාමයට එළඹිම යනු ඔවුන් අටවන උගුලට පය තැබීම මිස අන් යමක් නොවේ.

ඒ හතරවන කොන්දේසිය අනුව පසුගිය කාලය පුරාම රට අභ්‍යන්තරයේ මහජන නැගිටීමක් ඇවිලවීමට බටහිර බලවේග උත්සාහ කලබව රහසක් නොවේ. මෑතකදි බෞද්ධ- මුස්ලිම් ගැටුමක් ඇවිලවීම සඳහා මහ ජනතාව හොද හැටි පෙට‍්‍රල් හලනතුරු ඔවුහු ගිණිකූර අතැතිව බලාසිටියෝය. එහෙත් තාවකාලිකව එම පෙට‍්‍රල් හැලිමේ ක‍්‍රියාවලිය අඩපන වීම නිසා ගිනිකූර ගැසීමද පමා වී ඇත. ඊට පෙර භාණ්කඩාගාර නිළධාරින් විසින් පුද්ගලික විශ‍්‍රාම වැටුප් පනත හරහා මහජන නැගිටීමක් සඳහා සාර්ථක පෙරහුරුවක් දියත් කළේය. කෙසේවෙතත් එම ‘‘සටන’’ රට පුරා පතුරුවා ගැනීමට දේශපාලන බලවේග වලට හැකියාව ලැබුනේ නැත.

එහෙත් රටපුරා මිලියන 5 කට අධික විදුලි පාරිභෝගිකයින්ට ‘‘කරන්ට්’’ අල්ලන විට රටපුරා පැතිරෙන ගින්නක් අවුලූවා ගැනිම අමාරු කාරියක් නොවේ. ඒ දැනටමත් පොදු ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්වී සිටිනවාට අමතරව රජයට සම්බන්ධ දේශපාලකයින් අතිබහුතරයකගේ දුෂණ, වංචා සහ උද්දච්ච කම් පිළිබඳවද කළකිරි සිටින බැවිනි. එදා පුද්ගලික විශ‍්‍රාම වැටුප් පනනත හැදු නිලධාරින්ම විදුලිබල මණ්ඩාලයේ මුල්‍ය අර්බුදයටද විසදුම් ඉදිරිපත් කරන තත්වයක් තුල ඔවුන් තමාට එදා වැරදුනු තැන්  හදා ගනිමින් බටහිරට අවශ්‍ය දේ ඉටුකරන දෙන බවට සැකයක් නැත. එහිදි කවුරු නියෝග දුන්නත් ඉටුවන්නේ බටහිර උවමානව බව තේරුම් ගැනීමට දීර්ඝ පැහැදිලි කිරිම් අවශ්‍ය නැත. බොහෝ විට මෙම නිළධාරින් මෙවර විදුලිබිල වැඩි කිරිමෙන් පසුව ඡුන්දයක් ආසන්නයේදි නැවත එය අඩුකල හැකි යයි තමාට නියෝග දෙන්නන්ට ලනු ගිල්ලවන බවටද සැකයක් නැත.

ඒ අනුව දැන් දැනුම් තේරුම් ඇති රටේ ජනතාව පාලකයින්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. ඒ විදුලි බිල වැඩිවීම සියලූ ජනතාව මත පටවනවාට වඩා වෙනත් සාධාරණ විකල්ප කිසිවක් නැත්ද යන ප‍්‍රශ්නයයි. භාණ්ඩාගාරයේ ගණන් එකතුකරන්නන්ගේ මොළයට නම් පිරිවැය පියවීම සඳහා මිල වැඩිකල යුතුය යන උත්තරයට වඩා වෙනස් දෙයක් වැටහෙනු ඇතැයි විශ්වාස කල නොහැක. ඒ නිසාම ඒ පිළිබඳව ගැඹුරු මහජන කථිකාවක් දැන් අවශ්‍ය වී ඇත. සැමවිටම ‘‘සැපයුම් පැත්තේ’’ සිට ප‍්‍රශ්නයට පිලිතුරු සොයොන විදුලිබල මණ්ඩලයේ ලොක්කන්ටද භාණ්ඩාගාර නිලධාරින්ගේ සුත‍්‍රයට වඩා වෙනස් සුත‍්‍රයක් තිබෙන බව පෙනෙන්නේ නැත. ඒ නිසා දැන් ජනතාව එක්වී ‘‘ඉල්ලූම පැත්තේ’’ සිට ප‍්‍රශ්නය දෙස බලා උත්තර යෝජනාකල යුතුය. එහිදි විදුලි බල මණ්ඩලායේ දුෂණ, වංචා හෝ අකාර්්‍යමභාවයන් පිළිබඳව පළමුව ඇගිල්ල දිගුවනු ඇත. එහෙත් එම චෝදනා කොතක් සත්‍ය වුවත් සහ ඒවා වලක්වා ගතහොත් මහජනයා මත පැටවෙන බර අඩුවනබව කොතෙක් සත්‍යවුවත් ඒවා නිවැරදි කිරිම මගින් පමණක් ප‍්‍රශ්නය විසදිය නොහැකි බව ඉතා පැහැදිලිය.

ඒ අනුව ප‍්‍රශ්නය විසදිම සඳහා රජය යම් මුලික ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් පිළිගත යුතුය. එනම් විදුලිබල මණ්ඩලයේ පාඩුවෙන් කොටසක් පියවීම සඳහා රජය යම් සහනාධාරයක් ලබාදිය යුතු බවය. ඊළඟ ප‍්‍රවේශය විදුලි  පිරිවැය අඩුකිරිම සඳහා අධි පරිභෝජන කාලසීමාවන්හි පිරිභෝජනය අඩු කිරිම සඳහා මහජනයා දිරි ගැන්වීමයි. උදාහරණයක් ලෙස පරිභෝජනය කරන වේලාව සහ ඒකක පඝ‍්‍රමාණය මත මිල තීරණය කෙරෙන විදුලි මනු හඳුන්වාදිය යුතුය. ඒ සඳහා රජය සහනාධාරයක් ලෙස රාජ්‍ය අයවැයෙන් මුදල් වියදම් කල යුතුය. දැනටම තිබෙන තත්වය අනුව අධිපරිභෝජන කාලයන්හි පරිභෝජනය 5% කින් අඩුකල හැකි නම් සමස්ථ පිරිවැය 25% පමණ අඩුකල හැක. එය සුවිශේෂි තත්වයක් ලෙස විදුලිබල ලොක්කන් විසින් පිළිනොගැනිම තුලද රහසක් ඇත. ඒ එක්තරා කාලයකදි පුද්ගලික විදුලි ජනන සමාගම් සමග ගිවිසුම් වලට එළඹිමේදි ඇතිවු තත්වයක් බවට සැක කල හැක. එම දුෂිත ගනුදෙනු නිසා විදුලි ජනන පිරිවැය ඉතා විශාල වශයෙන් වැඩිවන බව ඉතා පැහැදිලි කාරණයකි.

බලශක්ති පරිභෝජනයට අදාලව රජය විසින් සහනාධාර ලබාදීම ඉතා සුක්‍ෂම ලෙස සහ ප‍්‍රතිඵලදායක ලෙස කලයුතු බවට සැකයක් නැත. රජය වෙනත් බදු ආදායම් යොදාගනිමින් ඉන්ධන සහ විදුලිය සඳහා පොදු සහනාධාර ලබාදුනහොත් හෝ  දැනට අයකරන බදු අඩුකලහොත් වැරදි දෙකක් සිදුවේ. පලමුවැන්න පොදුවේ පරිභෝජනය වැඩිවීම නිසා සිදුවන පාරිසරික විනාශය සහ දිර්ඝ කාලින වශයෙන් වන ආර්ථික විනාශයයි. දෙවැන්න ආර්ථික වශයෙන් ශක්තිමත් සමාජ ස්ථරයටද එම වාසිය ලබාදීම අසාධාරණ වීමයි. සෘජුව පාරිභෝගියාට ලබාදෙන සෘජු ඉලක්කගත සහනාධාර වලට වඩා වක‍්‍ර හෙවත් පොදු සහනාධාරවලින් සැම විටම සමාජ සාධාරණත්වයට අදාලව විශාල වරදක් සිදුවේ. නමුත් විදුලි සැපයුම මීටරයක් මගින් සිදුවෙන බැවින් වක‍්‍ර සහනාධාරය ඉලක්ක සහගත කිරිමේ හැකියාව ලැබේ.

ඒ අනුව ‘‘බලශක්තිය සියලූ පුරවැසියාට පොදුවේ අයිතිවේ’’ යන පිළිගැනිම මත බලශක්ති සාධාරණත්වය හෙවත් වඩාත් පුළුල් අර්ථයෙන් පාරිසරික සාධාරණත්වය සඳහා පරිභෝජනය කරන ප‍්‍රමාණය අනුව බදු පැනවීම මගින් හෝ මිල ඉහල දැමිම මගින් පහළ සමාජ ස්ථරය ආරක්‍ෂා කල හැක. එහිදි ඒ මගින් එකතුවන අරමුදල පහල සමාජ ස්ථරයට රජය මගින් ලබාදෙන සහනාධාරයක් බවට පත්වේ. ඒ අනුව රජය විදුලි බල මණ්ඩලයේ අයවැය හිඟයෙන් කොටසක් පියවා ගැනීම සඳහා එක් සමාජ ස්ථරයකට පමණක් මිල වැඩිකල යුතුය. ඉතිරි කොටස පියවා ගැනීම සඳහා පුද්ගලිකව ඛනිජතෙල් වැඩිවශයෙන් පරිභෝජනය කරන පිරිස සඳහා බලශක්ති බද්දක්ද අයකල යුතුය.

උදාහරණයක් ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයේ ව්‍යාජ අයවැය ඉලක්කම් පෙන්වාදිමෙන් පසුව දැන් විදුලිබල මණ්ඩලය අමතරව උපයාගත යුත්තේ වසරකට රු. බිලියන 35ක් පමනි. එම මුදලින් බිලිය 15ක් සොයා ගැනිම සඳහා මාසයකට ඒකක 90 කට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පිරිස සඳහා පමණක් පරිභෝජනයේ වැඩිවීමට සාපේක්‍ෂ අනුපාතකයින් මිල වැඩිකල හැක. එහිදි දළ වශයෙන් විදුලි පරිභෝගිකයින්ගෙන් 50% වන පහල ස්ථරයට සහනයක් ලැබේ. ඉතිරි බිලියන 20 සොයාගැනීම සඳහා ලියාපදිංචිය වසර 5 කට අඩු සියලූ සුබෝපභෝගි වාහන සඳහා විශේෂයෙන්ම ඉඩම් වාහන ලෙස වැරදියට හදුන්වන වාහනද ඇතුලූව බලශක්ති බද්දක් හෙවත් බලශක්ති සාධාරණත්වය සඳහා වූ අමතර බද්දක් අයකල යුතුය. ඒ පිළිබඳව පොදු මහජනයාට හෝ එම වාහන භාවිතා කරන්නන්ට වැසිවිලි නැගීමට හේතුවක් නැත්තේ එය ලෝකය පුරා පිලිගන්නා මුලධර්මයක් බැවිනි.

එහෙත් රජයේ දේශපාලකයින් එසේ තමා සහ තමාගේ හිතවතුන් මත බද්දක් පටවනු ඇතැයි සිතිම සිහිනයක් විය හැක. මහජනයාට එවැනි හැඟිමත් ඇති වන්නේ මේ වන විට දේශපාලන හිතවතුන් විසින්  රජයට ගෙවීම පැහැර හැර ඇති විවිධ බදු සහ ඒවා ගෙවීම පමාවීම නිසා පනවා ඇති දඩ මුදල් වල එකතුව රු. බිලියන 200 ක් තරම් ඉහල අඟයක් ගැනිම තුලය. එම මුදල කොටස් වශයෙන් හෝ අයකර ගතහොත් වසර 6 ක කාලයක් සඳහා විදුලිබල මණ්ඩලයට සම්පුර්ණ සහනාධාරයක් ලබාදිය හැක. ඒ අනුව දුප්පත් පොහොසත් බේදයක් නොමැතිව තව වසර 6ක් සඳහා දළවශයෙන් අද පවතින මිලටම විදුලිය ලබාදිය හැක. එසේ නම් රජය විකල්ප උත්තර සොයන්නේ නැතිව සියලූ ජනතාව මත බර පටවන්නේ තම හිතවතුන් බේරා ගැනීම සඳහා යයි චෝදනාවක් එල්ල කිරිමේ වරදක් නැත.

එහෙත් අඩුතරමින් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්වන් මේවා පිළිබඳ පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කරන්නේ නැත. ඔවුන් අසන්නේ රෝහල් වාට්ටුවක මුත‍්‍රා ගඳ ගැසිම හෝ පාසලක වැසිකිලියක් හැදිම වැනි සිල්ලර වැඩ වලට අදාල ප‍්‍රශ්න බව මහජනයාද දන්නේ නැත. මෙහිදි විවිධ ක්‍ෂේත‍්‍රවලට බදු පැනවීම සහ සහනාධාර ලබාදීම මගින් ආර්ථිකය ගමන් කරන දිශාව වෙනස් කිරිම මෙන්ම සමාජ සාධාරණත්වය තහවුරු ිකරිම සඳහා නිර්මාණශීලිව යොදාගත යුතු උපායමාර්ගික ප‍්‍රවේශයන් පිළිබඳව පුළුල් සමාජ කථ්කාවක් දිරිගැන්වීම වැදගත් වේ. එවැනි කථිකාවක් තුල විදුලි මිල සහනාධාරය සමාජයේ පහල ස්ථර වලට පමණක් නොව දේශිය අමුද්‍රව්‍යය යොදාගන්නා සහ ආනයන විකල්ප නිෂ්පාදන කර්මාන්ත සඳහාද ලබාදිය යුතු බව සාධාරණිකරනය කෙරෙනු ඇත. ඒ තුලම පොහොර සහනාධාරය වැනි සහනාධාර පිළිබඳවද ගැඹුරු කථිකාවක් සමාජයේ ඇතිවිය යුතුය. එයට හේතුව පොහොර සහානාධාරය සඳහා වැය කරන රු. බිලියන 45 ක පමණක මුදලක් 99% ක්ම නැවත පිටරටට සහ මහා සමාගම්වල වාංචාකරුවන්ගේ සාක්කු වලට යාමය.

ඇත්තවශයෙන්ම පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදල විදුලි බිල වැඩි නොකර සිටීමට අවශ්‍ය සහනාධාරය වන බිලිය 35 ට වඩා වැඩි බව පොදු මහජනයා දන්නේ නැත. ඊට අමතරව එම සහානාධාරය මගින් සිදුවන අධි භාවිතය සහ පරිසර විනාශය පිළිබඳ තක්සේරුවක්ද රජයට හෝ පොදු මහජනයාට නැත. ඇත්තවශයෙන් රටේ වී නිෂ්පාදනය අනුව ගණන් බලන විට රජය හෙවත් පොදු මහජනයාට සෑම වී කි.ග‍්‍රෑ1කටම රු. 10ක් වනසේ මුදලක් වැය කරයි. ඒ අනුව දැනට වී මිල පහත වැටෙන ආකාරය අනුව එම සහනාධාරය නැවැත්වුහොත් ගොවියා වී ගොවිතැනින් ඉවත්වනු ඇත. දීර්ග කාලිනව ආහාර සුරක්‍ෂිතතාවයට අදාල එම අර්බුදය විදුලි අර්බුදය මෙන් සිය ගුණයක් බරපතල වනු ඇත. එම නිසා විදුලි බිලට අදාල සහනාධාර පිළිබඳ පොදු මහජන සංවාදය තුල තවත් අතුරු කාරණා දෙකක්ද සාකච්ඡුාවට ලක්කල යුතුය. පළමුවැන්න වක‍්‍ර පොහොර සහනාධාරය වෙනුවට අස්වැන්න හෝ භූමි ප‍්‍රමාණය සහ තවත් සාධක මත එම සහනාධාරය සෘජුව ගොවියා අතට ලබාදිය යුතු බවය. දෙවැන්ත එම සහනාධාර අරමුදල සොයා ගැනිම සඳහා වී මිල පහත වැටීමට හේතුවන සහ අනෙකුත් ආනයනික ආහාර, විශේෂයෙන්ම තිරිඟු පිටි කිරි පිටි සහ බටර් සඳහා සෙස් බද්දක් පැනවිය යුතු බවය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

මහලේකම්, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

චීනය සහ ඉන්දියාව කොළඹ ඉඩම් වලට පොරකන්නේ ඇයි?
පසුගිය දිනවල චීනය සහ ඉන්දියාව කොළඹ ඉඩම්  මිලදි ගැනීම සඳහා පොරකෑම පිළිබඳව පුවත්පත් සිරස්තල මැවුනි. ඉන්දියානු සමාගමක් මිලදි ගැනීමට බලාපොරොත්තු වූ කොළඹ ගාලූපාරේ රජයට අයත් වටිනා ඉඩමක් එම සමාගමට ලබානොදි චීන සමාගමකට විකිණීම පිළිබඳව ඉන්දියානු රජය විසින් ශ‍්‍රී ලංකා රජයට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත. මෙම ප‍්‍රවෘතිය සමග සාමාන්‍ය මහජනයාගේ සිත්තුල රටේ අනාගතය පිළිබඳව ඉතා සුභවාදි පින්තුරයක් මැවීම වැලැක්විය නොහැක. එයට හේතුව දැන් අපේ රටේ ආයෝජනය කිරිම සඳහා විදේශිකයින් මරාගෙන මැරෙන තරඟයක යෙදීසිටින බවක් පෙනීමයි. නමුත් අප රටේ ඊනියා විදේශ ආයෝජන පිළිබඳ සැබෑ තත්ත්වය සහ ඉහත සඳහන්කල සුවිශේෂි ප‍්‍රවෘතියට අදාල තත්ත්වය අතර පැහැදිලි පරස්පරයක් ඇත.

පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉලක්ක සපුරා නොගැනීම පිළිබඳව මහාභාණ්ඩාගාරයේ ප‍්‍රධානින් විසින් ආයෝජන මණ්ඩලයේ ප‍්‍රධානීන්ට දොස් පවරනු දක්නට ලැබුණි. (එම ආයතන දෙකම එකම ප‍්‍රධානියකු යටතේ පැවතීම වෙනම කරුණකි.* එපමණක් නොව ආයෝජකයින්ට ‘නරකලෙස’ සලකනවා නම් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ආයෝජකයින්ට ආරාධනා කරන දැන්වීම්ද පුවත්පත් පිටුපුරා පළවිය. එය සමානකල හැක්කේ පොලිස් පොඞ්ඩන් මහජනයාට හිරිහැර කරනවානම් ඒ පිළිබඳව තමාට දැනුම් දෙන ලෙස පොලිස් ලොක්කකු විසින් කරන ඉල්ලීමකටය. ඒ අනුව ඉහල රාජ්‍ය නිලධාරින් ප‍්‍රශ්න කරන්නේ අමාත්‍යාංශවලින් භාණ්ඩාගාරයේ විවිධ අංශ වලට සහ මහ බැංකුවට ඉදිරිපත්කරන ‘‘තරඟකාරි නොවන ව්‍යාපෘති යෝජනා’’ මාස ගණන් පරක්කු වීම පිළිබඳවද එම දැන්වීම්වල සඳහන් අංක වලට පැමිණිළි කල හැකිද යනුවෙනි. එයට උත්තරයක් දෙනවා නම් දිය හැක්කේ පේන ඇසීමට වෙන කෙනෙකු නැති නම් හොරාගේ අම්මාගෙන් වුවද පේන ඇසීමේ වරදක් නැතැයි යනුවෙනි.

කෙසේවෙතත් විදේශ ආයෝජන ආශ‍්‍රිතව දැනට පවතින තත්ත්වය තුළ පසුගිය වසරේදි ආයෝජකයින්ගේ උනන්දුව අනුව රජය බලාපොරොත්තු වූ විදේශ ආයෝජන ප‍්‍රමාණය ඩොලර් මිලියන 1700 කට ආසන්න වේ. නමුත් ඇත්තවශයෙන් ආයෝජන ලෙස රටට ගලා ආවේ ඩොලර්මිලියන 400 කටත් අඩු ප‍්‍රමාණයකි. ඒ අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව විදේශ ආයෝජකයින් පැනගෙන එන ගමනාන්තයක් නොවන බවය. අප රට ආයෝජකයින්ගේ කැමැත්ත අනුව ලැයිස්තුගත කිරිමේදි ශ්‍රේණිගත වන්නේ බංගලාදේශයටත් වඩා පහළිනි. ඒ අනුව ආයෝජන වලට අදාල පොදු ප‍්‍රවණතාවය සහ ඉන්දියාව සහ චීනය අතර පවතින භූ දේශපාලනික උපාය මාර්ගික අවශ්‍යතා නිසා පැනනගින තරඟය අතර පරස්පරය වඩාත් පුළුල් තලයක විමසා බැලිය යුතුය.

අප රටේ භාණ්ඩාගාරයේ අංක ගණිත ආර්ථික විද්වතුන් ආයෝජන ගැටළුවට පිළිතුරු සොයන්නේ අදාල පහල නිලධාරින්ගේ අත කරකැවීම තුලිනි. බොහෝවිට එම නිලධාරින්ගේ ආකාර්්‍යක්‍ෂමතාව, නොහැකියාව, දුෂිත හෝ අව ක‍්‍රියා මෙන්ම ආර්ථික ඝාතක උවමනා ආදි කරුණු නිසාද ආයෝජකයින්ග් අපේක්‍ෂා ඉටුකිරිමට නොහැකිවනවා විය හැක. ඊට අමතරව මෙම නිළධාරින් ආයෝජකයින්ට ඉදිරිපත්කරන දේ හෝ විකුණන භාණ්ඩය සහ ආයෝජකයින් බලාපොරොත්තුවන දේ අතර බරපතල හිදැසක් තිබෙන බවද පිළිගත හැක. එහෙත් රටට වඩා තීරණාත්මක වන්නේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා ආයෝජකයින්ට සැබැවින්ම ඉදිරිපත්කල යුතු දේ සහ ප‍්‍රායෝගිකව නිලධාරිතන්ත‍්‍රය (ඉහළ සිට පහළට) විසින් ඉදිරිපත්කර දේ අතර වෙනස වටහා ගැනීමය.

කෙසේවෙතත් ආයෝජන මණ්ඩල පනත ක‍්‍රියාත්මක වූ දා සිට විවිධ රජයන් යටතේ ආයෝජකයින් සතුටු කිරිම සඳහා විවෘතකල හැකි සියලූ දොරවල් විවෘත කිරිමටත් ගැලවිය හැකි සියලූ සළුපිලි ගැලවීමටත් කටයුතු කොට ඇති බව මහජනයාට රහසක් නොවේ. එම පනත ඊට පෙර රටේ ක‍්‍රියාත්මක වූ පනත් 13 කට ඉහළින් ස්ථානගත කොට ඇති බැවින් වෙනත් බොහෙෝ පනත් වලින් පනවා ඇති සීමාවන් අතික‍්‍රමණය කොට ආයෝජකයිනගේ ගැටළු විසඳීමට නීතිමය ප‍්‍රතිපාදනද ඇත. ආයෝජකයින්ට මෙතෙක් නොදී ඇති සහ තවදුරටත් දීමට ඇති දෙයක් වේ නම් ඒවා මොනවාදැයි රටට හෙලිකිරිම ආයෝජන දිරිගන්වන පණ්ඩිතයින්ගේ වගකීමකි. එම ප‍්‍රශ්නයට උත්තර ලෙස ඔවුන් කියන්නේ තව තවත් අධිවේගි මාර්ග සහ අභ්‍යන්තර ගුවන්තොටුපල ඉදිකරන්නේ නැතිව ආයෝජන ගෙන්වා ගත නොහැකි බවයි. එම යටිතල පහසුකම් ව්‍යාපෘති වලට ආයෝජකයින් ගෙන්වා ගැනීමට නොහැකි විමට හේතු ඇසුවිට ඔවුන් කියන්නේ ඒවාට මුදල් යෙදවීම බදු ගෙවන ජනතාවගේ වගකීම බවය. එනම් ආයෝජන වෙනුවෙන් ආයෝජනය කිරීමේ වගකීම ජනතාව සතු බවයි.

මේ සියලූ කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ කොළඹ ඉඩම් සඳහා ‘ඉන්දු – චීන යුද්ධයක්’ ඇතිවීමට මෙන්මෙ පාදුවේ ආයෝජන ඉලක්ක පහල මට්ටමක පැවැතීමට පොදු හේතුවක් ඇති බවය. ඒ අද අප පවත්වාගෙන යන ආයෝජන ප‍්‍රතිපත්තියේ හෙවත් මොඩලයේ දුප්පත්කමය. අප ජාතියක් ලෙස අප රටට ගෙන්වාගත යුතු විදේශ ආයෝජන මෙනවාද එසේ නැතහොත් කුමන හේතුවක් නිසා හෝ ගෙන්වාගත යුතු නැති ආයෝජන මෙනවාද යන්න පිළිබඳව දේශපාලන එකඟතාවයකට පැමිණ ඇත. දැන් අප කරන්නේ කෙමනක් අටවාගෙන සිටින ගැමියකු සේ අහුවෙන  ඕනෑම ජාතියේ මාළුවෙක් ආවාවේ කියා බලා සිටීමය. ඒ නිසා දැන් එන්නේ පරණ බැටරි එකතුකර ඒවායේ ඊයම් උනුකර පිටරට පටවන ආයෝජකයින්ය. එසේ නැතහොත් පැරණි තඹ උණුකර පිටරට පටවන හෝ ආනයනික ෆාම්තෙල් වලට හයිඩ‍්‍රජන් වායුව ගසා ව්‍යාජ ගිතෙල් (වනස්පති* හදන ආයෝජකයින්ය. එසේත් නැතහොත් නිවාස ව්‍යාපෘති සඳහා තුට්ටු දෙකට ඉඩම් ලබාගෙන එම ඉඩම් ටික කොටස්කර විකුණා පැන යන ආයෝජකයින්ය. මේ ආකාරකයට අප රටට පිළිලයක් වී ඇති රටේ ආනයන- අපනයන නීතිද උල්ලංගණය කරමින් මුදල් උපයන කූඨ ජවාරම්කාර විදේශිකයින් අප තවදුරටත් ආයෝජකයින් ලෙස හඳුන්වනවාද? ඊට වඩා දහස් ගුණයකින් දියුණු ආයෝජකයින් අප රටේ සිටිති.

එසේ නම් අපට අවශ්‍ය මොන ජාතියේ ආයෝජකයින්ද? අපට අවශ්‍ය වන්නේ දේශිය ආයෝජකයින්ට කරන්නට බැරිදේ හෝ ඔවුන් නොකරන දේ කරන ආයෝජකයින්ය. එනම් කන්තලේ සහ හිගුරාණ වසාදමා ඇති සීනි කර්මාන්තශලා නැවත ආරම්භකර එම ප‍්‍රදේශයේ ගොවියාට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා විවෘත කරන ආයෝජකයින්ය. එසේත් නැතහොත් දේශිය කිරි වලින් දේශිව කිරිපිටි නිපදවා දේශිය වෙළඳ පලට ඉදිරිපත් කරන ආයෝජකයින්ය. පිටරටින් කිරිපිටි ගෙනවිත් ඒවා දියකර යෝගට් හදා දේශිය නැවුම් කිරි වෙළඳපල විනාශකරන ආයෝජකයින් අපට අවශ්‍ය නැත. එමෙන්ම හම්බන්තොට වරාය ලෝකයේ ප‍්‍රමුඛතම වරායක් කිරිමට අවශ්‍ය සේවා ආශ‍්‍රිත ආයෝජනය සඳහා ආයෝජකයින් අපට අවශ්‍ය වේ. ඒ වෙනුවට මුහුද ගොඩකර ව්‍යාජ නගර ඉදිකරන ආයෝජකයින් අපට අවශ්‍ය නැත. කිසිවකු එසේ එනවා නම් එන්නේ හම්බන්තොට වරායේ ලෝක පුජිත වටිනාකම හෑල්ලූකොට එම ව්‍යාපෘතිය ආසාර්ථක කිරිමට කුමන්ත‍්‍රණ කරන සිංගප්පුරු සමාගම්වල තැරැුව්කරුවන් ලෙස විය යුතුය.

පසුගිය කාලයේදි විදේශ ආයෝජන වලින් රටට සිදුවු යහපත ගැඹුරින් විමසා බැලිය යුතු – කාලය දැන් පැමිණ ඇත. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ ලාභ ශ‍්‍රමය සහ ස්වභාවික සම්පත් තුට්ටුදෙකට විකුණා කන ආයෝජන වලින් නම් අපේ රටට යහපතක් සිදුවී නොමැති බවය. ඊට අමතරව රටේ පවත්නා ආර්ථික සංවර්ධන මොඩලය සහ විදේශ ආයෝජන දිරිගැන්වීමේ උපාංග අතර පරස්පරයක් තිබිය නොහැක. ඩොලර් මිලියනයක් දෙකක් රටතුලට ගෙන එන  ඕනෑම කූඨ ජාවාරම් කරුවකු ඉඹලා පිළිගතයුතු යයි කියන පුංචි මනස් සහිත දේශපාලකිය්නට මේ මහා අභියෝගය ජයගත හැකිද? අද අපට ඉන්දියාව සහ චීනය අතර පවතින සීතල යුද්ධය හෙවත් භූ දේශපාලන උපායමාර්ගික අපේක්‍ෂා ඉටුකර ගැනීමේ තරඟය අප රටේ වාසියට යොදා ගැනීමට නොහැකි වී ඇත්තේ මේ පුංචි මනස් සහ ඒවා යටත් කරන ආර්ථික ඝාතක නිලධාරින්ගේ ක‍්‍රියාකාරකම් නිසාය. ගාලූපාරේ එක ඉඩමකට ඉන්දියාව සහ චීනය රණ්ඩුකරන තත්ත්වයක් පැන නැගීම එක්තරා සුභවාදී තත්ත්වයකි. එසේ වුවත් ඒ තත්ත්වය භාවිතාකොට ඒ රටවල් ඉල්ලා සිටින කැරට් අල වෙනුවට අප රට තෝරන කැරට් අල දිගු කිරිමට උසස් රාජ්‍ය තාන්ත‍්‍රික උපාය මාර්ගික ඥානයක් අවශ්‍ය වේ. අපේ රටේ ආර්ථිකය හසුරුවන (ඝාතනය කරන* උසස් පුටුවල වැජඹෙන වගකිව යුත්තන්ට ඒ ඥානය නැති බව දැන් පැහැදිලිව පිළිගැනීමට සිදුවී ඇත. දේශපාලන උපාය මාර්ගික ඥානයේ ඌනතාවය විසින් ආර්ථික ඝාතකයින්ට පහසුකම් සලසන ආකාරය හැදෑරීමට ශ‍්‍රී ලංකාව තරම් පර්යේෂණ භූමියක් ලෝකයේ වෙනතක් රටක තිබේ දැයි සැක සහිතය.

චීනය ඉතා පැහැදිලිවම ශ‍්‍රී ලංකාව දේශපාලන සහ සංස්කෘතික වශයෙන් යටත් කිරිමේ මෙහෙයුමක යෙදී සිටින ලකුණු පෙන්නුම් කරන්නේ නැත. ඔවුන්ගේ මුලික උපායමාර්ගික අවශ්‍යතාව ඉන්දියන් සාගරයේ නාවික ආධිපත්‍යය බටහිරයන්ට හෝ ඉන්දියානුවන්ට අත්පත්නොවන බව සහතික කර ගැනීමය. ඒ සඳහා අවශ්‍ය මුලික කොන්දේසිය ශ‍්‍රී ලංකාව චීනයේ අපේක්‍ෂාව පිළිබඳව දැනුවත්ව සහ  අවබෝධයෙන් කටයුතු කරන බව සහතික කර ගැනීමය. ඒ නිසා ඉන්දියාව මෙන් අත කර කැවීමේ උපාංග යොදාගන්නවාට වඩා චීනය උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාවට කැරට් අල දිගු කිරිමටය. යුද්ධය පැවති සමයේදි චීනය අපට කොන්දේසි විරහිතව උදව් කරන්නේ ඒ කැරට් අල න්‍යාය යටතේය.  ඒ අනුව චීනය ආර්ථික ක්‍ෂේත‍්‍රයේ යම් අත්පත්කරගැනීම් සඳහා උනන්දු වන්නේ පොදු ආර්ථික වාසියට වඩා ඉන්දියාව එම අවස්ථා අත්පත්කර ගැනීම වැලැක්වීමටය. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චීනය මැදිහත් නොවුවානම් ඉන්දියාව එය ඩැහැගැනීමට ඉතා වැඩි ඉඩකඩක් තිබුණි.

නමුත් පාරවල් හැදිමේ කොන්ත‍්‍රාත් දීම සහ ලබාගැනීම හඳුනාගත යුත්තේ අපේ කොමිස්කාරයින්ගේ සහ චීන කොමිස්කාරයින්ගේ සිල්ලර වැඩ ලෙසය. ඒවා යම් නිලධාරින් සහ සමහර ඇමැතිවරුන් වෙන්කර දිනාගැනීමේ කැරට් අල ලෙසද භාවිතාවනවා විය හැක. කෙසේවෙතත් චීනය මෑත කාලිනව භූමිය අත්පත්කර ගැනීමේ ප‍්‍රවනතාවයක් පෙන්නුම් කරන්නේ ඉන්දියාවේ හැසිරිමට සාපේක්‍ෂවය. ඉන්දියාව තෙල් කැනීමේ කොන්ත‍්‍රාත් ලබාගන්නා විට චීනයද ඒවා ඉල්ලා සිටින්නේ එසේ භූමිය අත්පත්කර ගැනීමට අමතරව ලෝක පරිමාන බලශක්ති විභවය අත්පත්කර ගැනීමේ උවමනාවටද අනුවය.

එසේවුවත් ශ‍්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය ඉතා ආක‍්‍රමණශිලි සහ කොල්ලකාරි ස්වභාවයක් ගන්නා බව පැහැදිලිව පෙනේ. චීනය මෙන් නොව ඉන්දියාව ආර්ථික යටත් කිරිම සඳහා බෙදුම්වාදි දේශපාලන උපාංග එලිපිටට සහ බහුලව යොදා ගනියි. එසේම ඉන්දියාව ඓතිහාසිකව හැසිරෙන්නේ ශ‍්‍රී ලංකාව ඔවුන්ගේ භූදේශපාලන ආධිපත්‍යයට අදාල යථාර්ථය පිළිබඳව සංවේදි විය යුතුය යන පුර්ව නිගමනය සහිතවය. කොළඹ නගරයේ ඉඩම් කැබැල්ලක් පිළිබඳ රණ්ඩුවක් මතුපිටට පෙනුනත් පසුගිය කාලයේදී ඔවුන් ඉදිරිපත්කල සියලූ ආර්ථික ඉල්ලීම් පෙලගස්වා බැලීමේදී පෙනී යන්නේ ආර්ථික සහ දේශපාලන වශයෙන් අප රට තීරණාත්මක ලෙස යටත් කිරිම ඔවුන්ගේ අවසාන අරමුණ බවයි.  එම පෙළගැස්වීමේදී අංක එකට එන්නේ බලශක්ති ක්‍ෂේත‍්‍රයේ සිදුකිරිමට අර අදින අත්පත්කර ගැනීමයි. එම ක‍්‍රියාවලිය දැනටමත් බොහෝ දුර ගොස් ඇත. එහිදි ඔවුන් ශ‍්‍රී ලංකාවේ උතුරුකර මුදහුදේ තෙල් කැනිම ඉන්දියාවේ ඒකාධිකාරයක් බවට පත්කර ගැනීමට ප‍්‍රභල උත්සාහයක යෙදේ. ඒ උත්සාහය පරාජය කිරිම සඳහා චීනයේ සහ රුසියාවේ ඉල්ලීම් සලකා බැලිමේ භාග්‍යය ශ‍්‍රී ලංකාවට ඇත. නමුත් අප ඒ ආකාරයට බලතුලනය කිරිමට ලැබී ඇති අවස්ථාව ඥාණවන්තව භාවිතා කරන බවක් පෙනෙන්නේ නැත.

මේ වන විට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලද ඉන්දියාව විසින් අත්පත්කොට ගෙන ඇත. එම ටැංකි පිහිටා ඇති ඉඩමේ අයිතිය පිළිබඳ ගැටළුවක් මුල්කරගෙන ඒවා ආපසු ලබාගැනීමට රජය උත්සාහයක් ගත්තද එය සාර්ථික වුයේ නැත. ඉන්දියාව ඊට ප‍්‍රතිචාර දැක්වුයේ ඉඩම් අයිතිය සහතික වන්නේ නැතිව තිබියදීම තෙල් ටැංකි අළුත් වැඩියාව සඳහා මුදල් වැය කරමිනි. ඒක‍්‍රියාව තුල සැඟව ඇති පණිවිඩය තුල ප‍්‍රභල බලහත්කාරයක් ගැබ්ව ඇත. ඊට අමතවර මේ වන විට ඉන්දියාව තෙල් බෙදා හැරීමේ සහ සිල්ලරට විකිණීමේ වෙළඳපල තුළද සැලකිය යුතු කොටසක් අත්පත්කොට ගෙන ඇත. දැන් ඔවුන්ගේ නවතම ඉල්ලීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල ඊට වඩා හතරගුණයකින් ධාරිතාව සහිත පිරිපහදුවක් ඉදිකිරිමට ඉඩ ලබාගැනීමයි. ඊට ඉඩ ලබාදුනහොත් බලශක්ති ක්‍ෂේත‍්‍රයේදි ශ‍්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ ඉතා අවසරණ තත්ත්වයකට පත්වනු ඇත. වෙනත් වචනවලින් කියනවා  ඕනෑම වේලාවක ‘‘ශ‍්‍රී ලංකා යන්ත‍්‍රයේ’’ ඇන්ජිම නිවා දැම්මේ යතුර ඉන්දියාව අතට ලැබෙනු ඇත.

මෙම තත්ත්වයට දිර්ඝ කාලින දැක්මක් සහිතව රජය මුහුණදෙන බවක් පෙනෙන්නේ නැත. ඒ සඳහා වන හොඳම උදාහරණය රුසියාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරිමට ගෙන ආ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරිම හෝ නොසලකා හැරිමයි. ඉන්දියාව සමඟ තරඟකාරිව චීනය තෙල් කැනිමට ඉදිරිපත්වන තත්ත්වයක් තුළ රුසියාව පිරිපහදුවට සම්බන්ධකර ගැනිම උපායමාර්ගික වශයෙන් වැදගත් තීන්දුවකි. අද සිරියාවට බාහිරින් පහර දීමට ඇමෙරිකාවට නොහැකි වී ඇත්තේ වරාය ආශ‍්‍රිතව පවතින රුසියානු දේපල නිසාය. ඒ අනුව චීනයට සහ රුසියාවට අප රටේ ආර්ථිකයේ අප විසින් නිශ්චිතව තොරාගන්නා කොටසක් (පමණක්* අත්පත්කර ගැනීමට ඉඩදීම ඉතා තීරණාත්මක දේශපාලන උපාය මාර්ගයකි. එය විශේෂයෙන්ම අවධාරණය කිරිමට සිදුවන්නේ මේ වනවිට එක්සත් ජාතින්ගේ ආශිර්වාදය යටතේ දියත්ව ඇති නව ඊලාම් සැලසුම තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට ප‍්‍රභල ඉඩකඩක් පැවතීම නිසාය.

මේ වන විට ඉන්දියව උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල විශේෂයෙන්ම ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කය මුල්කරගෙන ප‍්‍රභල අත්පත්කරගැනීමකට උත්සාහයක් ගනිමින් ඇත. චීනය හම්බන්තොට වරායේ අවස්ථා ලබාගන්නා විට ඉන්දියාව ඊට ප‍්‍රතිචාර ලෙස ත‍්‍රිකුණාමලයට අවධානය යොමුකොට ඇති බව පැහැදිලිය. සාම්පුර්  බලාගාරයෙන් සහ තෙල් ටැංකි වලින් පටන්ගෙන දැන් විශේෂ ආර්ථික කලාපයක් (ඉන්දියාවට පමණක් වෙන්වූ* ඉල්ලීම දක්වා ඒ ක‍්‍රියාවලිය ගමන්කොට ඇත. ඊට අමතරව මැදවච්චිය හරහා ත‍්‍රිකුණාමලයේ සිට මන්නාරමට සහ එතැනින් ඔබ්බට ඉන්දියාව දක්වා රේල් පාරක් තැනීමටද යෝජනා වී ඇත. එම මාර්ගය  ගමන් කරන්නේ් ජන ශූන්‍ය ප‍්‍රදේශයක් හරහාය. එම මාර්ගය හරහා ත‍්‍රිකුණාමලයේ සිට ඉන්දියාව දක්වා ඇත්තේ කි.මි. 126 කි. එම දුම්රිය මාර්ගය ඉන්දියාවට භාණ්ඩ ප‍්‍රවාහණය සඳහා කොළඹ වරාය භාවිතා කිරිමට වඩා ලාභදායි වන බව ඉතා පැහැදිලිය. මේ වන විට කොළඹ වරාය හරහා ගමන්කරන භාණ්ඩ වලින් 70% යන්නේ ඉන්දියාවටය. එවැනි තත්ත්වයක්තුළ අනාගතයේදී චීනයේ බලපෑම සහිත හම්බන්තොට වරාය ප‍්‍රධාන ජාත්‍යන්තර වරාය බවට පත්වන විට ඉන්දියාව බර පතල අමාරවක වැටේ. ත‍්‍රිකුණාමලය ඔවුනට වැදගත් වන්නේ ඒ නිසාය. භූගෝලිය වශයෙන් එවැනි මැදිහත්වීම් සිදුකරන අතරතුර ඉන්දියාව උත්සාහකරන්නේ ශ‍්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකයම ඉන්දියානු ආධිපත්‍යයට යටත් කිරිම මගින් තමන්ගේ අනාගත සුරක්‍ෂිතතාවය තහවුරුකර ගැනීමටය. පසුගිය වසර 07 ක කාලයක් තිස්සේ සීපා ගිවිසුම අපගේ උගුරින් පහලට තල්ලූ කරන්නේ ඒ නිසාය. සීපා ගිවිසුම සේවා සහ ආයෝජනද ආවරණයවන පුළුල් සහ ප‍්‍රභල ගිවිසුමකි. නිදහස් වෙළඳ ගිවිසුමට වඩා සියදහස් ගුණයකින් බලපෑමක් (විශේෂයෙන්ම සේවා අංශවල  සිදුකිරිමේ භයානක විභවයක් සීපා ගිවිසුම සතුවේ. ඒ අනුව කොළඹ නගරයේ හෝ වෙනත් ප‍්‍රදේශයක ඉඩම් සඳහා චීනය සහ ඉන්දියාව අතර ගැටුමක් තිබේනම් ඒ අයිස්කන්දේ මුදුන පමණක් බව අප වටහාගත යුතුය. ඒ වටහා ගැනීම අප රටේ අනාගත ස්වයිරීභාවයට මෙන්ම ජාත්‍යාන්තර කුමන්ත‍්‍රණවලට මුහුණ දීමට අදාලවද තීරණාත්මක ලෙස වැදගත් වනු ඇත. එහෙත් ආර්ථික ඝාතක නිලධාරීන් කණ්ඩායමක් විසින් වටකොට සිටින අප රටේ දේශපාලන අධිකාරියට ඒ අවස්ථාව ලැබේදැයි අපට සැක සහිතව සහ දුක්මුසුව බලා සිටීමට සිදු වී ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

ෆැෂන් බග් එකට ගැහුවම සිංහලයන් වර්ධනය වෙනව නම් මාත් එනවා ගහන්න
රටේ පැනනැගී ඇති දේශපාලන සුළි ගැනත් ඒවයේ ආදීනව  ගැනත් රටේ අනාගතය ගැනත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ජාවක් මෙසේ සටහන් කර  තබමු.

රටේ ආගම්  උමතුවක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ බලවේගයත් ආණ්ඩුවේම සහායක බළඇණියක් බවයි පේන්නේ. ඔබ  මොකද  හිතන්නේ ?

මේක ආණ්ඩුවේම  කියලා කියන්නේ කොහොමද? දැන් ඔබ දන්නවා කොටි ත‍්‍රස්තවාදය පරදවන  කාලේ කොටින්ට ත‍්‍රස්තවාදීන් කියලා කියපු නැති සමහරු දැන් මහා දේශපේ‍්‍රමීන් බවට පත්වෙලා තියෙනවා. කොටි ඒ සටන දිනුවා නම් අද ඔය සටන නෑ. එහෙම නම් බලාගන්න තිබුණා ඔය සමහර අය අද කොහේද ඉන්නේ කියලා. මම ඒක බොහොම   ඕනෑකමින් අවධාරණය කරනවා. හැමෝම නොවෙයි. සමහර අය.  මේක ඇත්තටම ගත්තොත්  නෝර්වේ ව්‍යාපෘතියක්. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.

ඔබ කියන්නේ  සිංහල බෞද්ධ ජනතාවට සටන් කරන්න තරම් ප‍්‍රශ්ණයක් නෑ කියලද?

එහෙම නෙමෙයි. මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සාධාරණ  බියක් තියෙනවා. ලංකාවත් ඉන්දුනීසියාව වගේ  වෙයි. බංග්ලාදේශය වගේ වෙයි. දකුණු  කොරියාව වගේ වෙයි. තව අවුරුදු පනහකින් හරි සියයකින්්  හරි සිංහල බෞද්ධයා සුලූතරය වෙලා වෙනත් ජනකොටසක් බහුතරය බවට පත්වෙයි කියලා. දැන් ඔය බයනේ තියෙන්නේ.  දැන් ජනාධිපතිතුමා හමුදාවේ පොලීසියේ අයට තුන්වැනි දරුවා හදනවා නම් රුපියල් ලක්ෂයක් දෙනවා කිවුවා. ඔය හමුදාවේ පොලීසියේ  බහුතරයක් ඉන්නේ  සිංහල බෞද්ධ අය. එතකොට එක  විදියකින් ගත්තොත්  සිංහල වර්ධන වේගය වැඩි කිරීම තමය ඔය ලක්ෂය හරහා කරලා තියෙන්නේ. ඒ අරමුණෙන්ම දුන්නා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් එක විදියකට ගත්තොත් එහෙම තමයි. වර්ධන වේගය වැඩි කර ගන්න  සිංහලයා  සිංහලයාගේ් අඩුපාඩු ගැන කථා කරන්න එපැයි. එදා ධර්මපාලතුමා අන්‍යාගමිකයන්ගෙයි  අන්‍ය ජාතිකයාගෙයි දේවල්  කථා කළා. සිංහලයා උනන්දු කරවන්න.  සිංහලයා අවදි කරන්න. එහෙම නැත්නම් ඔවුන්ට  එරෙහිව වෛරී ව්‍යාපාරයක් කළේ නැහැ.  ජාතියක් නැගිටවන්න අන්‍ය ජාතිකත්වයක් ගැන  කථා කළා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගත්තොත්  ඔළුවෙන්  ගහගත්තේ.  ක‍්‍රිස්තියානි ධර්මය ද බුද්ධ ධර්මයද වඩා නිවැරදි. වාද කරලා ජයගත්තේ. ඔබ අහපු විධියට සිංහල බෞද්ධයාට ප‍්‍රශ්ණයක් තියෙනවා. ඒ නිසාම එකට අදාළ සටනක් තියෙනවා. හැබැයි ඒ සටන කරන්න තියෙන්නේ ඔළුවෙන්. ඒ ඔළුවෙන්  කරන්න තියන සටන ඇෙ`ගන් කරන්න  ගියොත් ඇෙ`ගනුයි   ඔළුවෙනුයි  දෙකෙන්ම කරන්න  ඕනේ සටන ඒ දෙකෙන්ම නොකලත් වරදිනවා. අද මේක ඇෙ`ගන් කරන්න  ඕනේ තැනට ඇවිත් නෑ. ඒ වෙනුවෙන් තියෙන්නේ බුද්ධිමත් සංවාදයක්  ඇරඹ්මයි. ආර්ථික ප‍්‍රශ්ණ තියෙන සිංහල බෞද්ධ පවුල් වලට ආධාර සපයන වැඩපිළිවෙලක් හදන්න  ඕනේ. පන්සලක් පොලී රහිතව ණය ආධාර දෙන වැඩපිළිවෙලකට යන්න  ඕනේ. නමුත්  තිබෙන තත්ත්වය යටතේ හුගක් පන්සල් වලට ඒ තැනට යන්න බෑ තමයි. නමුත් ජාතික වැඩපිළිවෙලක් හදන්න  ඕනේ. ඒ සදහා මහානායක ස්වාමීන්වහන්සේලා නායකත්වය ගත යුතුයි. බොදු පුනරුද පදනමටත් මම ඔය කථාව කිවුවා. ඒ වගේම අද ශාසනික වශයෙන් විශාල  කඩාවැටීමක් තියනවා. ඒවා නිවැරදි  කිරීමේ පියවරක් අභ්‍යන්තරිකව ගන්න  ඕනේ. සමාජීය  පිරිහීමකුත් තියෙනවා. ඒක නිවැරදි කිරීමේ පියවරත් ගන්න  ඕනේ. ඒ එකක්වත් අල්ලපු වත්තේ  ඉන්න මුස්ලිම් මිනිහට වත් දෙමළ මිනිහට වත් ගහලා සපුරා  ගන්න පුලූවන් දේවල්  නෙමෙයි. ෆැෂන් බග් එකට ගැහුවට සිංහල ජාතියේ වර්ධනයක් වෙනවා  නම් මමත් එනවා ගහන්න. එහෙම වෙන්නෙ නෑ. මේ අපි තේරුම් ගත යුතුයි. ආගමික  කරුණු හරි සංවේදීයි.  ඕනෑම ආගමක් අදහන   ඕනෑම කෙනෙකුට ඒක සංවේදීයි. මුස්ලිම් සමාජයේ එක්තරා ආකාරයක අන්තවාදයක් ගොඩනැගෙන බව අපි දන්නවා. ඒක මේ රජයේ ආරක්ෂක අංශ වලට හරි බුද්ධි අංශ වලට හරි මෙල්ල කරන්න බැරි තත්ත්වයක් නෙමෙයි. කොටින්ට ගහලා මෙල්ල කරලා විනාශ කරපු හමුදාවක් හා බුද්ධි අංශයක් රටේ තියෙන්නේ. අපේ හමුදාවෙන් හා බුද්ධි අංශ වලින්  ඉගෙන  ගන්න වෙනත් රටවල්  වලින් එනවා. ඒ නිසා මොකක්හරි අන්තවාදයක් තියෙනවා  නම් ඒක මෙල්ල කරන්න අපිට බැරි නෑ. හැබැයි දැන් මේ මොකද වෙන්නේ. ඇත්තයි බොරුවයි විශාල ප‍්‍රමාණයක් පතුරවලා ආගමික ගැටුමකට අවශ්‍ය තෙල් හලාගෙන යනවා.

මගේ ප‍්‍රශ්ණය වුණෙත් ඒකට ආණ්ඩුවේ ආශිර්වාදය තියෙබනවා නේද කියන එකයි?

ආණ්ඩුව කොහේද ආශිර්වාද කරන්නේ? කොහොමද එහෙම කියන්නේ? එස්. බී. දිසානායක ඇමතිතුමා කියලා තිබුණා මහනුවරට ආවොත් අඩු කඩනවා කියලා. එතුමත්් ආණ්ඩුවෙනේ. චම්පික රණවක ඇමතිතුමා ඒ මතවාදය පිළිගන්න කෙනෙක්. එතුමත් ආණ්ඩුවේනේ. එතකොට  මම මේ මතය කියනවා බෞද්ධයාගේ ආවේගයේ සාධාරණයක් තියෙන බව පිළිගන්න ගමන් ක‍්‍රියාමාර්ගය වැරදියි කියන පදනමේ ඉදන්  මම ඒ මතය කියනවා. මාත් අණ්ඩුවෙනේ. ආණ්ඩුවක් විදියට ගත්තොත් ඒ අනුව  පේනවා මේකට  නිශ්චිත මතයක් නෑනේ.

එහෙම නම් එහෙම නිශ්චිත  මතයක් නැති කම මේ බලවේග වලට ආශිර්වාදයක්

එහෙම කිවුවොත් යම් ප‍්‍රමාණයක් සත්‍යතාවයක්  තියෙන්න පුලූවන්. නමුත් ආණ්ඩුවක්  විදියට කිසි ලෙසකින් වත් මේකට උදවු කරලා වත් එරෙහි වෙලාවත් තියෙනවා කියලා මම කියන්නේ නෑ. ආණ්ඩුවේ  ඉන්න  ඇතැම් කොටස් උදවු වෙලා තියනවා. ඇතැම් කොටස් එරෙහි වෙලා තියෙනවා. නමුත් අද මුස්ලිම් සමාජය නියෝජනය කරන ඇමතිවරු මන්ත‍්‍රීවරු කියන්නේ ආණ්ඩුව  මේකට උදවු කරනවා කියලා. ඒත්  මේකේ ප‍්‍රතිඵලය මොකද්ද? දැන් මේ සිංහල බෞද්ධයා බේරාගන්නනේ යන්නේ. ගියපාර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණේ සියයට  57යි.  මුලින් කරන්න  ඕනේ ඔන්න ඔය 7 වට්ටන එක. මේ හත වට්ටන එකනේ මෙතන මේ කරන්නේ. මේ හත වට්ටන්නේ කොහොමද? එදා 2010 මුස්ලිම් ජන්ද අපට ලැබුණා.  නම් සියයට 10ක් ඒ 10ත් අපට නැති කරනවා. ඊලගට ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදිී සංධානයෙන් ජන්දය ඉල්ලන්න බැරි තත්ත්වයක් හදන එක. මේවා තමයි මේකේ ප‍්‍රතිඵල . ඊලගට ජනාධිපතිනවරණය  කිට්ටු වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන්  කෙළින් හිටගන්නේ නෑ. ඒ නිසා වෙන  කෙනෙක් තෝරාගන්නවා කියලා උග‍්‍ර සිංහල බෞද්ධ වාදියෙක් උඩට ගේන්න උත්සාහා කරයි. සමහර විට  මේ අය ෆොන්සේකාව ඉස්සර කරන් එන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේ නමක් ඉස්සර කරන් එන්න ඉඩ තියෙනවා. එතැනිනුත් සිංහල බෞද්ධ  ජන්ද ටික හලනවා. ඊළගට ඉන්දියාව අද නටන නාඩගමේ හැටියට තොන්ඩමාන්වත් හසුරවා ගන්න ගණන් බලනවා ඇති. ඊට කලින් තව දෙයක් වෙනවා.  ඒ තමයි මුස්ලිම් කොංග‍්‍රසයට බෑ ඒ :අයට  ඕනේ වුණත් නැගෙනහිර පළාත්  සභාව ටී. එන්. ඒ. එකත් එක්ක එකතු වෙලා පිහිටුවන්න. නැගෙනහිර මුස්ලිම් මිනිහා ටී. එන්. ඒ. එකත් එක්ක එකතු කැමති  නැහැ. නමුත් සිංහල සමාජයෙන් මේ එන මුස්ලිම් විරෝධී ප‍්‍රවණතාව පෙන්නලා හකීම් මහත්තයට  පුලූවන් වෙනවා නැගෙනහිර මුස්ලිම් ජනයා එකතුකරගන්න. ටී. එන්. ඒ. එකට සම්බන්ධ වෙන්න එහෙම බලය පිහිටෙවුවට  පස්සේ මොකද වෙන්නේ. ජනාධිපතිතුමා කියන විදියට මේ අවුරුද්ද අවසානයේ උතුරු පළාත්  සභාව  පිහිටුවොත් ඒක ටී. එන්. ඒ. එක අතට යනවා. ඊට පස්සේ මේ මුස්ලිම් විරෝධී ව්‍යපාරය පෙන්නලා හකීම් නැගෙනහිර  බලය පිහිටුවනවා. ඊට පස්සේ මේ දෙගොල්ලෝ  වෙන වෙනම යෝජනා  දෙකක් ගෙනැල්ලා පළාත් සභා දෙක එකතු කරනවා. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්  සභාව නිර්මාණය වෙනවා. ඒ පළාත් සභාවට අන්තර්ජාතික ප‍්‍රාග්ධනය වැඩිපුර යොදවලා බලවත් කරනවා. එහෙම බලවත් කරලා විතරක් නතර නොවී වැඩි බලතල ඉල්ලන මහා සටනක කේ‍්‍රන්ද්‍රස්ථානය බවටත් පත් කරනවා. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇවිත් ”අපිව බාරගන්න” කියන යෝජනාව  සම්මත කරන තැනට පත් වෙනවා. මෙන්න මෙහෙම සැලැස්මකට මේ යන්නේ. මේවා මෙහෙම හදන්න  නම් නැගෙනහිර මුස්ලිම් ජනතාව දෙමළ ජාතික සංධානය සමග හිටගන්න පුලූවන් තත්ත්වයකට හදන්න  ඕනේ. ඒකට මුස්ලිම් සමාජයට එරෙහිව සිංහල සමාජයෙන් ප‍්‍රහාර එල්ල  විය යුතුයි. මේ වීරයෝ ටික යුද්ධ  කාලේ හිටියා නම් එක මුස්ලිම් මිනිහෙක්ගෙන් ශත පහක උදවුවක් ලැබෙන්නේ නෑ. එහෙම නම් මුස්ලිම් මිනිස්සුත් කොටින්  එක්ක  එකතු  වෙලා අපිට ගහන්න ඉඩ තිබුණා. ඒ නිසා මේක වැරදියි. ප‍්‍රශ්ණයක් තියනවා නම් ඒක විසදාගන්න මෙහෙම  බැහැ.

අන්තවාදය තහනම් කිරීමේ පනතක් වාසුදේව නානායක්කාර මහතා ගෙන එන බව පැවසෙනවා. ඔබ ඒ පනතට පක්ෂද?

තහනම් කිරීම මේකට විසදුමක් නෙමෙයි. ඇත්තටම අද  ඕනේ ආගමික අසහනය පිළිබද ප‍්‍රශ්ණ ඉදිරිපත් කරන්න පිළිගත හැකි ස්වාධීන ව්‍යූහයක්  අවශ්‍යයි.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒ ඒ ආගම් වලට දීපු තැන තියනවා. ඒ අනුව එක විසදන්න  ඕනේ නිර්දේශ දෙන්න  ඕනේ රජයට එහෙම ක‍්‍රමවේදයක් අපි හදා නොගත්තොත් එක් එක් ආගමිකයන් අතර තියෙන හැගීම් පාරවල් වල පුපුරවා හරින්න පටන් ගත්තොත් ලංකාව ගැන දෙමළ ඩයස්පෝරාව ලෝකයටම කියන කතාව ඇත්ත කියලා පිළිගන්න වෙනවා. ඔය දෙමළ ඩයස්පෝරාව ලෝකයටම කියන්නේ ”ලංකාවේ සුළු  ජාතිකයින්ට ගහනවා” කියලා. දැන් දෙමළ ඩයස්පෝරාව කියනවා ”අන්න දැන් මුස්ලිම්  මිනිස්සුන්ටත් ගහනවා” , ””අන්න මුස්ලිම් මිනිස්සු අනාථ වෙලා” කියලා. 1983 කළු  ජූලියෙන්  වුනේ අපි ශක්තිමත් වෙච්ච එකද කොටියා ශක්තිමත් වෙච්ච එකද? කළු  ජූලිය නිසා තමයි දෙමළ ඩයස්පෝරාව කියලා එකක් හැදුනේ. ඒ අපරාද එදා  නොකලා නම් දෙමළ ඩයස්පෝරාවක් අද නැහැ. යුද්ධ කාලෙත් දෙමළ  මිනිස්සු එහෙ හිටියා. අපි ගහ මරාගන්න  ගියේ නෑ. ඒක තමයි අපේ සදාචාරයේ බලය. ගුණවත්  භාවයේ බලය. ඒ බලයයි  අපි මේ නැති  කරන්න හදන්නේ. සාධාරණ ආවේග තියෙන්න පුලූවන්. නමුත් කබලෙන් ලිපට වැටන ජාතියේ ක‍්‍රියාමාර්ග තෝරාගන්න  නරකයි. මම එකග නැත්තේ මේ ක‍්‍රියාමාර්ගයටයි. ආවේගයේ සාධාරණයක් තියෙන්න පුලූවන්. නමුත් කළු  ජූලියේ අත්දැකීම් අමතක කරන්න එපා. පිරිබාහරන්ට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කරගන්න පුලූවන් වුණේ කළු  ජූලියේ දර්ශන ටික පෙන්නලයි. ලෝකෙන් සල්ලි එන්න පටන් ගත්තේ ඊට පස්සේ. දෙමළ තරුණයින් එල්. ටී. ටී. ඊ. එකට බැදෙන එක වේගවත් වුණේ ඊට පස්සේ. ඒ  නිසා කළු  ජූලියේ අලාභය අපටමයි. ඒ වගේ මෝඩ කමක්ද මේ කරන්න යන්නේ? කට්ටියක් ජාතිවදී ආගම්වාදී වෛරීය ඉන්ධන ටික හලාගෙන යනවා. කවුරුහරි කෙනෙක් ගිනිකූරක් ගහනවා. ගින්දර ගහපු අය අල්ලා ගත්තාම ඉන්ධන හලපු අය කියනවා ඒ අය අපිට සම්බන්ධ නෑ කියලා. මම අහන්නේ මොනවද මේකෙන් ලැබෙන්නේ? 2005 දී බොහොම අමාරුවෙන් ජනවරමක් හදල ඒ ජනවරමේ ආනුභාවයෙන් යුද්දෙ කරලා වසර තුනකින් යුද්දේ දිනලා රට මෙතනට ගෙනාවේ නැත්නම් අද ඔය මොකුත් නෑ. අද එහෙනම් දේශ  සීමා මායිමේ මරාගන්න රටක්. එහෙම නම් කොළඹ  දකුණේ හැම තැනම අනාථ කදවුරු. සිංහල හා මුස්ලිම් මිනිස්සු  දෙවර්ගයම අනාථ කදවුරුවල . එහෙම නම් අද  මුස්ලිම් සිංහල ගැටුමක් නෑ. එතනට ගෙනාපු රට එතනින් එහාට තියෙන අභියෝ්ග  ජයගන්න   ඕනේ  ඉතාම  සූක්ෂමව. එහෙම නැතුව වෛර  සහගතව මේක  කරන්න බෑ.

අගමැති පොරයක් ගැන දේශපාලන කරළියේ කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඔබ ඔබේ සුදුසුකම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද ?

මොන  පොරයකටවත් මගේ සුදුසුකම් මම ඉදිරිපත් කරන්නේ නෑ. අගමැති කම කියන්නේ  මේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළාට පස්සේ  එහෙම  සුවිශේෂී නෑ. ඉතිහාසය බලන්න. ජේ. ආර්. පේ‍්‍රමදාසට අගමැති ධූරය දුන්නේ නොදී බැරිකමට. චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂට අගමැති ධූරය දුන්නේ නොදී බැරිකමට. ඒ විදියට මහජන තෙරපුමක් ඇතුලේ නොදී ඉන්න බැරි තත්ත්වයක්  තුළ දුන්න අවස්ථා දෙක හැරෙන්න අනික් අවස්ථා වලදී දීලා තියෙන්නේ  කරදරයක් නැති කෙනෙකුටයි. ජනාධිපති පුටුවටනේ විධායක බලය තියෙන්නේ. ප‍්‍රශ්ණ හදන කෙනෙකුට අගමැතිකම දෙන්නේ නෑ. මම ජනාධිපති වුණත් එහෙම තමයි. බල තරග තියාගෙන  මේකෙ යන්න බෑනේ. ඉතිහාසයේ රාජ වංශයේ තියෙන ඔක්කොම ගැටුම් රජ පුටුව  නිසා නිර්මාණය වෙච්ච දේවල්නේ. මේ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුලේ අගමැති  පුටුවට තර්ජනාත්මක කෙනෙක් පත් කරන්නේ නෑ. ඒක තමයි ස්වභාව. ඒක හරි නෑ නේද කැතයි නේද කිවුවට වැඩක් නෑ. ඒක තමයි ඇත්ත. ජනාධිපති පුටුවෙයි අගමැති පුටුවෙයි බල තරගයක් තිබිලා රට අනාථ වෙන එකද හොද ජනාධිපතිවරයා සමග එකට යන්න පුලූවන් එකට හිතන්න පුලූවන්  බල ක‍්‍රීඩාවක නොයෙදෙන තියාගෙන ඉන්න එකද හොද? ලෝකයේ කොයි ජනාධිපතිවරයාත් හිතන්නේ එහෙම තමයි. ඒ නිසා වැඩිය ඔයගැන කවුරුත් හිතන්න අවශ්‍ය නෑ.

ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු…
ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා  අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප‍්‍රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි.

කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප‍්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව  ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප‍්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත.

ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප‍්‍රශ්නය කියා ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත.

එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප‍්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට  ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි.

ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි.

මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.

- අඛිල මහගමගේ