SLFP-SLPP අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ඉවතට..

January 9, 2019 at 12:02 am | lanka C news
SLFP-SLPP අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ඉවතට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කර පිහිටුවන නව සන්ධානය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් ලකුණුද කිහිපයක් සලකා බලමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

නව සන්ධානය සඳහා නම් යෝජනාවේදී පක්ෂ දෙකේම නම් සමග කිට්ටු නමක් මේ වන විට සලකා බැලීමෙන් ඇති බව ද ඔහු සඳහන් කරයි.

දැනට වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ නව සන්ධානයේ සලකුණ ලෙස ‘කුරුණිය’ යොදා ගැනීමට බවත් ‘චක‍්‍රායුධය’ යෝජනා වූ නමුත් එහි ඝණ පිහිටීම හොඳ නැති නිසා එය මදක් පසෙක තැබූ බවද ඔහු සඳහන් කළේය.

‘සල් මල’ සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

එසේම පිහිටුවන පක්‍ෂයේ ලකුණ පොහොට්ටුව නොවන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමඟ සම්බන්ධ වෙමිනි.

33,411 Viewers

16 Comments to “SLFP-SLPP අලුත් සන්ධානයෙන් ‘පොහොට්ටුව’ ඉවතට..”

  1. චන්දය දෙමි says:

    රටටම පෙන්නලා අපෙ අළුත් පක්‍ෂයෙ දිවිල්ල
    දැන් නම් බැරිය බිඳලන්ට අප සමඟියෙ යැවිල්ල
    රටටම පෙනිල පොහොට්ටුවෙ ජනගඟ ගැලිල්ල
    දෑතම එකතුකර දෙමි චන්දය රටෙ මතු රැකිල්ල

  2. මැදමුලනෙ මුත්තා says:

    ලකුණ මොකක් උනත් කමක් නැහැ. මෙි එස්.බී.දිසානායක කියන දේශපාලන උරැලෑවා නමි ගාවගන්නවත් එපා.මූ යන පලාතම ගඳයි.
    මූ චන්ද්‍රිකාට අපහාස කළා, මහින්දට අපහාස කළා. මෛත්‍රීපාලට අපහාස කළා. රනිල්ට අපහාස කළා.
    කොළඹ 7 හේවා ඇවනිවු හි ද්‍රවිඩ ජාතිකයෙකු විසින් කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ නිවසේ තිබූ වටිනා පැරණි ලීබඩු ටික බිරිඳ සමග එක්වී මංකොල්ල කෑවා.
    නැවත ජන්දයකින් නමි මූට දිනන්න බැහැ.

    • click says:

      You wait and see, how he will win again & again.

      If others in this (SLPP & SLFP) alliance can win, why can not he?

      On one are second. All are first class robbers.

  3. Open mind says:

    මේ වගේ භූතයන් ඉවත් කළොත් ඡන්ද ලකුණ මොකක් වුවත් කමක් නැහැ.

  4. මැදමුලනෙ මුත්තා says:

    ලකුණ මොකක් උනත් කමක්නැහැ. එස්.බී.දිසානායක කියන මෙි දේශපාලන උරැලෑවා පැත්ත පලාතක වැද්දගන්න එපා.
    මූ මහින්දට අපහාස කළා, චන්ද්‍රිකාට අපහාස කළා. මෛත්‍රීපාලට අපහාස කළා. රනිල්ට අපහාස කළා.
    කොළඹ 7 හේවා ඇවනිවු හි පිහිටි ද්‍රවිඩ ජාතිකයෙකු කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ නිවසේ තිබූ ඉතා වටිනා පැරණි ගෘහභාණ්ඩ ටික බිරිඳ සමග එක්වී කොල්ලකෑවා.
    ලබන මැතිවරණයෙන් ගියපාර වගේම මූ පරදිනවා. ජාතික ලැයිස්තුවෙන් නමි තැනක් දෙන්න එපා

    • බන්ඩා says:

      එස්බී කියන්නෙ එයාගෙ අදහස් මිසක් ⁣පොහොට්ටු පක්ෂෙ බහුතරයෙ අදහස් නෙවෙය්. නමුත් වේල්ගමට වඩා එස්බී ප්‍රායෝගිකය් නුවනක්කාරය් සහ දැනුමෙන් පොහොසත්.

  5. Donald Isuru Wilegoda says:

    SLPP is the most powerful party in Sri Lanka and SB is known as “the vote machine”.

  6. Gamini says:

    ජාතික ලැයිස්තුවෙන් පැමිණි පරාජිතයන් පොහොට්ටුව පර කරන්න යන්නේ ඇයි?

  7. Gayantha says:

    මේ වගේ යන එන මන් නැතිවුන ප්‍රතිපත්තියක් නැති ගෙම්බෙක් එක්ක මොන පක්ශ හැදිලිද. මෙයා, බුකී කාරයා, ඩිලාන්, චන්දිම, යාපා වගෙ අය නිසා චන්ද අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.

  8. KADUWELA SILWA says:

    පොහොට්ටුව චන්දයකට එන්නෙ මොන ලකුනින්ද කියලා තිරනය කරන්න එස්.බි. කවුද. එයාට එහෙම තිරනය කරන්න බලය දි තිබේද. යන එන මං නැතිව සිටින ශ්‍රි.ල.නි.පයෙන් ගැලවි ආ 15 දෙනාගෙ කල්ලිය ට ඕන විදියට තිරන ගන්න දෙන්න එපා.

  9. Sirisena Yatawara says:

    The People of majority wanted to defeated UNP that number ONE enemy of nation. Its cannot done by forces who support for UNP and alliance of TNA JVP and other 2015 January 8th upside down that against progressives of People of Island . In fact SLPP was born by anti-UNP stunt of masses who wanted to democratization of Politics by national forces . The overnight turn forces into that are nor real friend of Nation!

  10. vishnu says:

    දාපිය ගෙම්බ mark එක

  11. mahinda samaga says:

    චන්දය ප්‍රකාශයට පත් කරනකන් ඉන්න, ජනතාව දන්නවා කාටද දෙන්න ඕන කාටද නොදෙන්න ඕන කියල. මු වෙන් පැත්තකට ගියොත් කරදරයි. ඔහේ හිටපුදෙන් එතකන්.

  12. සුදු බණ්ඩා දිසානායක says:

    මම දන්නවා පොහොට්ටුවේ උන් මට චන්දෙදී අරිනවා කියලා …. ඒ නිසා මම එන්නේ ලිස්ට් එකෙන්. ට ටා බායි…

  13. Nuwan says:

    මොකා එකතු උනත් වැඩක් නැහැ, මෙලෝ දෙයක් දන්නේ නැති මී හරක් සිංහල දේශපාලුවෝ ඉන්නකල්, පාට, පක්ෂේ වෙනස් වෙන එක විතරයි. යුද්දේ ඉවර උනයින් පස්සේ මොකද උනේ? හිටපු සිංහල මිනිස්සුත් රට දාල ගියා, හම්බයටම දීපල්ලා. කාලකන්නි ඔක්කොම.

Leave a Comment

Main News