UN අනුව ලෝකයේ රටවල් 192කින් 165ක්ම ‘ඒකිය රාජ්‍ය’ (Unitary States) වෙයි.. ෆෙඩරල් 27යි.. උන්මත්තකයෝ අපද.. තොපද…

October 28, 2017 at 10:21 pm | lanka C news
UN අනුව ලෝකයේ රටවල් 192කින් 165ක්ම ‘ඒකිය රාජ්‍ය’ (Unitary States) වෙයි.. ෆෙඩරල් 27යි.. උන්මත්තකයෝ අපද.. තොපද…

එක්සත් ජාතින්ගේ සමාජිකත්වය උසුලන රටවල් 192 ක අතර ඉන් 165 ක් ම “ඒකිය රාජ්‍ය Unitary States” වේ. ඒ අනුව ශ්‍රීලංකාව ඇතුළු සමස්ථ ලෝකයේ රටවල් සංඛ්‍යාවෙන් 86% ක් ම එකීය රාජ්‍යන් වේ. ඒකිය රාජ්‍යක් යනු මාධ්‍යම ආණ්ඩුව සතුව බලය කේන්ද්‍රකොට ඇති රටවල්ය. එමෙන්ම මාධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ යම් බලතල පරිපාලන සඳහා විමධ්‍යගත කිරිමක් සිදු කොට ඇති අතර අවශ්‍ය අවස්ථාවක එම බලය නැවත මාධ්‍ය ආණ්ඩුවට පවරා ගත හැකිය. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිලි කිරිමක් “වීකපීඩියා” මගින් අවබෝධ කරගත හැකිය. Link

ඉතිරි රටවල් 27 තුල ඇත්තේ ෆෙඩරල් රාජ්‍ය පාලනයකි. ෆෙඩරල් රාජ්‍යක් යනු ස්වං නිර්නය අයිතිය ඇති කුඩා රාජ්‍යන් කිහිපය හෝ පලාත් කිහිපයක් එක් කොට පිහිට වු සංගමයක් හෝ එක්සත් රාජ්‍යයකි. එවෙනි එක්සත්/ෆෙඩරල් රාජ්‍යයක පරමාධිපත්‍යය බලය මධ්‍යම ආණ්ඩුව මත පමණක් නොපවතී. එම පරමාධිපත්‍යය බලය පලාත් සභා හෝ ප්‍රාන්ත වෙත ද සමානව හෝ කොටසක් ලෙස ලබාදිම හරහා මධ්‍යම ආණ්ඩුවේ උත්තරිතර බලය හීන කොට ඇත. එමෙන්ම විධායක ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ හෝ මධ්‍යම ආණ්ඩුවේ බලතල වගකීම්වලට හෝ එහි තීරණයන් ක්‍රියාත්මක කිරිමට එම පලාත් සභා හෝ ප්‍රාන්ත නීතියෙන් බැදි නොසිටි. ෆෙඩරල් රාජ්‍ය සම්බන්ධව “වීකපීඩියා” මගින් අවබෝධ කරගත හැකිය. Link

ලෝකයේ ඒකිය රාජ්‍යය 165 (Unitary States) න් ධනවත්ම ඒකිය රාජ්‍ය 5 වනුයේ වනුයේ, චීනය, ජපානය, එක්සත් රාජධානිය(බ්‍රිතාන්‍යය) ප්‍රංශය සහ ඉතාලිය යි. එමෙන්ම ජනගහනයෙන් විශාලතම ඒකිය රාජ්‍ය 5 වනුයේ චීනය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ජපානය සහ පිලිපීනයයි.

ඉහත කරුණු අනුව ශ්‍රීලංකාවේ සිටින සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම නොයෙකුත් පුරවැසි පෙරමුණු පවසන්නේ ශ්‍රීලංකාවේ ජීවත්වන ජනතාවට ජාත්‍යන්තරව සිදුවන තත්ත්වයන් ගැන හරි අවබෝධයක් නොමැති බවයි. එනම් ඒකිය රාජ්‍යයක් නැත්නම් ඉංග්‍රීසියෙන් Unitary States කියන වචනයේ ඔහුන් එල්ලි රටේ අනාගතය අදුරු කරන බවයි. එහෙත් මෙම උන්මත්තකයින් ලෝකයේ රටවල්වල පාලන ක්‍රමය විග්‍රහ කිරිමේදී රටක් ඒකිය රාජ්‍යක් ද ෆෙඩරල් රාජ්‍ය යක් ද යන්න පැහැදිලිවම බෙදා වෙන්කොට ඇත. එමෙන්ම ලෝකයේ රටවල්වලින් 86% ක් ම ඒකිය රාජ්‍ය Unitary States ලෙස පවතින බවත් එම අවස්ථාවාදින් මතක තබාගත යුතුය.

එමෙන්ම සිංහල ජනතාවට “ඒකිය රාජ්‍යක්” කියා දෙමළ ජනතාවට “ඔරුමිත්ත නාඩු” ලෙස රැවටීමට ලක් කලත් මෙතෙක් ඉංග්‍රීසියෙන් ඇති Unitary States කියන වචනයට බොරුවක් සොයාගැනිමට නොහැකිව ඉංග්‍රීසියෙන් අර්ථකථනයක් නොදි සිටිමට තරම් මෙම උපදේශකයින් උත්සහ ගත්තත් ලෝකයේ රටවල් 192 න් 165 ක්ම ඒකිය රාජ්‍යන් Unitary States නිසා මෙම කුමන්ත්‍රණකාරීන් මේ වනවිට අතරමංව ඇත.

– මහේෂ් සෙනරත්

15,640 Viewers

11 Comments to “UN අනුව ලෝකයේ රටවල් 192කින් 165ක්ම ‘ඒකිය රාජ්‍ය’ (Unitary States) වෙයි.. ෆෙඩරල් 27යි.. උන්මත්තකයෝ අපද.. තොපද…”

  1. Dr.Jayawikrama says:

    ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න රට චීනය නම් එහි ඒකිය රාජ්‍යයක් Unitary States තියෙන්නේ නම් මේ පුංචි රට මොන ඩොලර් කාක්කෝ කිව්වත් ප්‍රායෝගිකව කඩන්න හෝ බෙදන්න බැහ. චීනය, ජපානය, ප්‍රංශය, ඉතාලිය ඒකිය රාජ්‍යයක් Unitary States නම් තව මොන කතා ද?

  2. David Milli-Bandas says:

    කැට්ලෝනියාව, ස්පාඤ්ඤයෙන් වෙන් වි වෙනම ස්වාධීන රාජ්‍යක් ලෙස ප‍්‍රකාශ කෙරේ..

    EU and Brittain refused to recognize …..; What a shame !!!!!
    Like them playing games with Sri Lanka they should have broken bread with the Catalonians and the Kurdish as well.

    These buggers in Europe are disgusting Hypocrites.
    If separate state was promoted for the Tamils in Sri Lanka, why not for the Catalonians in Spain?

  3. International Educationist says:

    There is no doubt that same thing will be repeated in Sri Lanka if New constitution would be passed. Chandrika, Ranil and My3 are ready to betray the country. The only solution to it before happening People of Sri Lanka needs to unit and act together to defeat the constitution.

  4. සුදු පරවියා says:

    වත්මන් රෙජීමය බලයේ රැදී සිටීමට ගෙනෙන අලුත් ව්‍යවස්ථාව හකුලා ගනු එයට අපේ විරුද්ධත්වය පල කරමු. සිංහලයා සිංහලයෙකු ලෙස හඳුන්වා ගැනීමේ අයිතිය බරපතල අවදානමක මේ අලුත් ව්‍යවස්ථාවෙන් පැහැදිලිව පෙනේ සිංහල අනන්‍යතාවය ඓතිහාසික ලෙසත්, ස්වභාවික ලෙසත් අප රුධිරයේ පවා දැඩි ලෙස පතිත වී ඇති අතර, සිංහල බෞද්ධකම ගැනද අපට කිව හැක්කේ මෙයමය. ඒ නිසා සිංහල අපගේ හැඟීම ජාති හිතෛෂීකමක් පිළිඹිබු කෙරෙනවා මිස කිසිසේත්ම ජාතිවාදයක් නොව. මෙවැනි හැඟීම් අප සිංහලයාගේ හදවත් තුළට කාවැදී තිබෙන්නේ අද ඊයේ පටන් නොව, අවුරුදු 2600 කටත් පෙර සිටය. එසේ නොමැති නම් ලිඛිත ඉතිහාසයේ ආරම්භයටත් පෙර සිටය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යටත්විජිතවාදීන්ට පවා අපගේ මෙම දැඩි සිංහල බෞද්ධ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට නොහැකි විය…
    සිංහල ජාතියේ අනන්‍යතාවය මෙන්ම බෞද්ධ ආගමට මෙතෙක් ලබා දී ඇති ඉහළතම ගෞරවනීය ස්ථානය හා සිංහලයාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වීමේ ප්රතිපත්ති ඇතුළත් කිරීමට, නව ව්යවස්ථාවක් සඳහා කෙටුම්පත් සම්පාදනය කිරීමට බලය ලබා දී ඇති අය කිසිම ආකාරයකින් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහල ජාතිය නියෝජනය නොකරන අය වීම සාධාරණීකරණය කරන්නේ කෙසේද?“අපේ රට ‘ඔරුමිත්ත නාඩුව’ක් කිරීමට මේ ආන්ඩුවෙන් ගෙනන මොන ව්‍යවස්ථාවක්වත් අපේ රටට එපා
    සිංහල ජාතියේ අනන්‍යතාවය මෙන්ම බෞද්ධ ආගමට මෙතෙක් ලබා දී ඇති ඉහළතම ගෞරවනීය ස්ථානය හා සිංහලයාගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය වීමේ ප්රතිපත්ති ඇතුළත් කිරීමට, නව ව්යවස්ථාවක් සඳහා කෙටුම්පත් සම්පාදනය කිරීමට බලය ලබා දී ඇති අය කිසිම ආකාරයකින් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහල ජාතිය නියෝජනය නොකරන අය වීම සාධාරණීකරණය කරන්නේ කෙසේද?
    සිංහලයන්ගේ ‘සිංහල ආරක්ෂක බලකායක්’ සාදා, සිංහලයන්ගේ මණාපයෙන් පත්වූ සිංහල රජයෙන් ද, සිංහලය ආක්‍රමණය කර ඇති සුළු ජාතීන් සහ ආගමිකයන්ගෙන් ද, සිංහලය තුල ඉන්නා ජාතිද්‍රෝහි කලු සිංහලයන්ගෙන් ද අප මාතෘභූමිය බේරා ගැනීමට දැන් කාළය එළඹී ඇත

  5. සකලජන says:

    උපරිමයෙන් බලය බෙදුවම, උපරිමයෙන් නිදහස හම්බෙලා, උපරිම කැමැත්තෙන් වෙන්වෙලා යනවා…
    එතකොට උපරිමයෙන් බලේ බෙදපු උන්ගේ වළවල්වලට උපරිමයෙන්ම හෙනත් වදිනවලු!

  6. SALMAL says:

    රට බෙදෙන ව්‍යවස්ථාවෙන් ඇතිවන ව්‍යසනය – කැටලෝනියාවෙන් ඉගෙනගමු !
    http://www.yuthukama.com/2017/10/Catalonia.html

  7. yatawara says:

    මෙන්න ලෝකයේ තියෙන ෆෙඩරල් රාජ්‍ය 26,
    1853 Argentine Republic Provinces of Argentina 23 provinces 1 autonomous city R
    1901 Commonwealth of Australia States and territories of Australia 6 states 3 federal territories (of 2 are
    self-governing) and 7 external territories M
    1920 Republic of Austria States of Austria 9 Länder or Bundesländer R
    1970 Kingdom of Belgium Divisions of Belgium 3 communities, 3 regions M
    1995 Bosnia and Herzegovina Divisions of Bosnia and Herzegovina 2 entities, one of which is itself a
    federation of 10 cantons 1 District [t 3] R
    1889 Federative Republic of Brazil States of Brazil 27 federative units (of which one is a federal district
    and the others are states)[t 4] R
    1867 Canada Provinces and territories of Canada 10 provinces 3 territories M
    1975 Union of the Comoros Autonomous Islands of the Comoros 3 islands R
    1995 Federal Democratic Republic of Ethiopia Regions of Ethiopia 9 regions 2 chartered cities R
    1949 Federal Republic of Germany States of Germany 16 Länder or Bundesländer R
    1950 Republic of India States and territories of India 29 states 7 Union Territories, including a National
    Capital Territory R
    2005 Republic of Iraq Governorates of Iraq 18 provinces R
    1963 Malaysia States of Malaysia 13 states 3 federal territories M
    1821 United Mexican States States of Mexico 32 federal entities, which are 31 states and its capital
    Mexico City R
    1979 Federated States of Micronesia Administrative divisions of Micronesia 4 states R
    2015 Federal Democratic Republic of Nepal Provinces of Nepal 7 provinces R
    1963 Federal Republic of Nigeria States of Nigeria 36 states 1 federal capital territory R
    1956 Islamic Republic of Pakistan Provinces and territories of Pakistan 4 provinces 4 federal territories
    including a federal capital territory R
    1918
    1991 Russian Federation Federal subjects of Russia 46 oblasts, 22 republics, 9 krais, 4 autonomous
    okrugs, 3 federal-level cities, 1 autonomous oblast[21][22] R
    1983 Federation of Saint Kitts and Nevis The islands St. Kitts and Nevis 2 islands M
    2012 Federal Republic of Somalia Federal Member States of Somalia 18 regions[23] R
    2011 Republic of South Sudan States of South Sudan 32 states R
    1956 Republic of the Sudan States of Sudan 17 states R
    1848 Swiss Confederation Cantons of Switzerland 26 cantons[t 5] R
    1971 United Arab Emirates Emirates of the UAE 7 emirates M
    1776[t 6] United States of America Political divisions of the United States 50 states 1 federal
    district; 16 territories[t 7] R
    1863 Bolivarian Republic of Venezuela States of Venezuela 23 states 1 federal district, 1
    federal dependency R

  8. පේනවා පේනවා says:

    විසිහත වැඩිකරලා 28 කොරන්නයි අපි me වෑයං කොරන්නේ. උබලා සමයන් කතා කොරනවා. ප්‍රබා අවුරුදු 30 කොරලා බැරි උණු දේ සංහිදියාවෙන් අපි දෙනවා.සුළු දිය අපේ පැත්තේ. එහෙනම් මල්පහම කාපියව්. අම්මා උනත් බටහිරෙන් කියනවා නම් විකුනාපියව්.

  9. LION says:

    චන්ද්‍රිකා එදා (1993) සිටම ලංකාව දෙකඩ කිරීමේ ව්‍යාපෘතියේ පතාක යෝදියෙකි. ඇගේ කතෝලික සැමියා කතෝලික පල්ලිය කවදත් කළ සේ දෙමළ කැරලිකරුවන් හා හාදකම් පැවැත්වීය. කතෝලික පල්ලිය ගැන සැකයක් නොහිතන සාමාන්‍ය කතෝලික ජනතාවට පමණක් නොව සමස්ථයක් ලෙස සිංහල ජනතාව මොවුන්ට රැවටී සිටි බව ඒ කාලයේම දිටිමි. 1994 දී අප විසින් අපගේ ප්‍රථම දේශපාලන විග්‍රහය ඉදිරිපත් කරන ලදී. ඒ ප්‍රැන්සිස්කුකරණය අවසන් වී ඊළඟ වටයේ පළාත් සභා චන්දයෙන් චන්ද්‍රිකා බස්නාහිර මහඇමති ධුරයට පත් වූ අලුතමය. “චන්ද්‍රිකා වනාහී දේශපාලන වශයෙන් ගණිකාවකි. රනිල් වනාහි දේශපාලන වශයෙන් නපුංසකයෙකි” – ඒ විග්‍රහයයි. විසි වසරකට පසු සංශෝධනය කෙරේනම් ඒ විග්‍රහයෙන් සංශෝධනය කළ යුතුව ඇත්තේ “දේශපාලන වශයෙන්” යන කොටස පමණි. ඒ විග්‍රහය තවමත් වලංගුය.

    (1994 කළ ඒ විග්‍රහය වෙනුවෙන් අප ආචාර්ය නලින් ද සිල්වාට ණයගැති බව මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු මහජන එක්සත් පෙරමුණෙන් ඒ චන්දයට ඉදිරිපත් වී පරාජය විය.)

    ඉතිං, 2000 දී පැකේජයක් කියා හොර මගඩියක් කර වේලුප්පිල්ලෙඉ පිරබාහරන් නම් ත්‍රස්තවාදියා අවුරුදු 10 කට උතුරු-නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක කිරීමට පිඹුරුපත් සකස් කළ මේ තැනැත්තිය සම්පන්තන්ට 13 නොව නිට්ටඹුවේ බණ්ඩාරනායක සමාධිය දෙනවාය කීවත් පුදුමයට කාරනාවක් නැත. උතුම් මිනිසෙකු වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නමට ඈ දැන් කරන නිගා දකින එතුමා වලෙන් නොනැගිටින්නේ අර වල උඩ තබා තිබෙන මහ ගල් ගෙඩිය නිසාම පමණක් බව සිතමි.

Main News