Volkswagen කියා කුට ලේඛන සකසා මහා භාරකාරයා සතු දේපළක් වූ කුලියාපිටිය මහානුගලන්ද වත්ත මංකොල්ල කයි…

January 6, 2017 at 3:22 am | lanka C news | ලංකා සී නිවුස්
Volkswagen කියා කුට ලේඛන සකසා මහා භාරකාරයා සතු දේපළක් වූ කුලියාපිටිය මහානුගලන්ද වත්ත මංකොල්ල කයි…

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල විසින් ජර්මනියේ ප්‍රධානතම මෝටර්රථ නිෂ්පාදකයාවන වොක්ෂ්වගන් Volkswagen AG සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සෙනොක් ඔටෝමොබයිල් සමාගම සමඟ ගිවිසුමකට එලබුන අතර ඒම කර්මාන්තශාලා ඉදිකිරිමට යයි පවසමින් මහා භාරකාරත්වයට අයත් කුලියාපිටිය ලබුයායේ මහානුගලන්ද වත්ත නිදහස් කරදෙන ලෙස මහා භාරකරුගෙන් ඉල්ලීමක් කලේය.

මේ සඳහා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම ආයෝජනයේ ඇති වැදගත්කම මෙන්ම ඒ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියාවන් ලැබෙන බවත් මෙවෙනි ඔටෝමොබයිල් සාමාගමක් ලංකාවේ කර්මාන්තශාලාවක් පිහිටුවීමෙන් නවීන තාක්ෂණය රටට ලැබෙන බවත් ප්‍රකාශ කරමින් මෙම වටිනා ඉඩම ඉල්ලුම් කල අතර දිගින් දිගටම මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත දේශපාලන මෙන්ම වෙනත් බලපෑම් මෙම ඉඩම නිදහස් කර ගැනිමට යොදා ගන්නා ලදි.

එහෙත් මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවේන් නිදහස් කර ගැනිමට BOI මගින් ඉල්ලුම් කල පරමාර්ථය සහ අරමුණ සම්පූර්ණයෙන්ම ව්‍යජ එකක් බව මේ වනවිට මහා භාරකාර දෙපාර්තමේන්තුවට ඒත්තු ගැන්වි ඇත.

මෙසේ කරුණු හෙලිදරව් විමත් සමගම මෙම තොරතුරු මාධ්‍ය වෙත යෑම වැලක්වීමට දේශපාලන බලධාරීන් උත්සහ ගනිමින් සිටන අතර ඉදිරියේදී මේ සඳහා දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කල ලිපි ලේඛන ජනතාවට දැක ගැනිමට හැකිවනු ඇත.

මූලාශ‍්‍ර මෙතනින්

22,676 Viewers

7 Comments to “Volkswagen කියා කුට ලේඛන සකසා මහා භාරකාරයා සතු දේපළක් වූ කුලියාපිටිය මහානුගලන්ද වත්ත මංකොල්ල කයි…”

  1. දඹානේ ලංකා ශ්‍රී says:

    මට තහවුරු කල නොහැකි එහෙත් නිවැරදි යැයි හැඟෙන යමක් ප්‍රකාශ කිරීම උචිත යැයි සිතමි. මෙම විස්තර යම් පමණකට විශ්වාසය තැබිය හැකි ආකාරයන් කිහිපයකින් මට දැන ගැනීමට ලැබුණු දේවල් සම්පිණ්ඩනය කිරීමක් ලෙස පැවසිය හැකියි.

    පසුගිය ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ සමයේ එ.ජා.ප. බටහිර රූකඩ කල්ලිය ඉන්දියාවේ වත්මන් ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාද සහිතව සූක්ෂමව මෙහෙයවූ ඇමරිකානු සහ යුරෝපීය රාජ්‍යයන් විසින් දේශද්‍රෝහී මෛත්‍රී-රනිල් ප්‍රමුඛ පාවාදෙන්නන්ගේ නඩයට ලබා දුන් ඩොලර් මිලියන ගණන් වලට අමතරව ලබාදී තිබෙන්නාවූ එක් පොරොන්දුවක් වන්නේ මෙම වෝක්ස්වැගන් ඇසෙම්බ්ලි යුනිට් එකක් ලංකාවේ ස්ථාපිත කිරීමය. මෙය ඇමරිකානු සී.අයි.ඒ. උපදේශයන්ට අවනතව ඇන්ජලා මැකරල් රජය වෝක්ස්වැගන් සමාගම සමඟ සාකච්ඡාකොට එහි කැමැත්ත මත මෙම ද්‍රෝහී ශ්‍රී ලාංකික පාවාදෙන්නන් නඩයට ලබා දුන් පොරොන්දුවකි. එ.ජා.ප. පාවාදෙන්නන්ගේ අතට බලය ලැබුණු පසු එම සමාගම ලංකාවේ ආයෝජනයන් සැලසුම් ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙර, ඇමරිකාවට වෝක්ස්වැගන් රථ ලබා දීමේදී සමාගම විසින් ඇමරිකානු රජයට සපයා ඇති පාරිසර දූෂණ තත්වයන්ට අදාල විද්‍යාත්මක වාර්ථාව සම්පූර්ණයෙන් වැරදි බව ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් ඔප්පු කොට ඒ සඳහා දැවැන්ත වන්දියක් ලබා ගැනීමට කටයුතු කිරීමට තීරණය කොට ඇත. මේ සමඟම සමාගමේ ක්‍රෙඩිට් රේටින්ග්ස් (මූල්‍ය විශ්වාසනීයත්ව තත්වය) බිඳ වැටුණු අතර, නව ආයෝජන ලබා ගැනීමට පමණක් නොව පවතින ආයෝජන වලටද වැඩි පොළී ගෙවීමට සමාගමට සිදු විය. මෙම තත්වයට මුහුණ දීම සඳහා එම ආයතනය නවතාලිය හැකි සියළු අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන වියදම් කපා හැරීමට තීරණය කලේය. මෙහි ප්‍රථිඵලයක් ලෙස ජර්මන් රජය ලංකා රජයට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට නොහැකිවී ඇත. එහෙත් ජර්මන් රජය දිගින් දිගටම මෙම සමාගමට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත ඉල්ලීම් කරණ අතර, යම් හෙයකින් වත්මන් ජර්මන් රජය පෙරළී නව රජයක් බලයට පත්වුවහොත් විණා (මෙය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත), මෙම ආයතනය වසර කිහිපයකින්, බොහෝ විට මීළඟ මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇත.

    එබැවින් මෙම ආයෝජනය හරහා රජයට සමච්චල් කිරීමේදී තරමක ආරක්ෂාකාරී ක්‍රමවේදයක් අනුගමනය කිරීම උචිතයැයි මගේ හැඟීමය.

    • Boo says:

      ඔබ කතා කරන්නේ ඉටු කරගත නොහැකි වූ වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් මිස මෙහි කියා ඇති වංචනික, රැවටිලිකාර ආයෝජනය ගැන නොවේ.

      ඒ නිසා මේ වංචනික කටයුත්ත ගැන ආණ්ඩුවට හැකි තරමින් පරුෂ ලෙස සමච්චල් කිරීමේ කිසිම වරදක් නොමැත. ඊට බිය විය යුතු නැත, පරිස්සම්ද විය යුතු ද නැත. පරිස්සම් විය යුත්තේ මෙම වංචනික රැවටිල්ල කල් උන් මිස අප නොවේ. ඔවුන් විසින් ඉතාම නින්දනීය ලෙස බොරු චෝදනා ගොතමින් පසුගිය රජයේ නායකයින්ට හොරුන් ලෙස සමච්චල් කිරීම මීටත් වඩා නින්දනීයය.

      මෙය වංචනික ක්‍රියාවකි, මිනිසුන් නොමඟ යවමින් කල රැවටීමකි. මුන් අමු හොරුය, කියන කිසිම දෙයක් විශ්වාස කල නොහැකි තරමේ පහත් වසලයන්ය. මුන්ට දුටු තැන ගල් ගසා එළවීම මිස වෙනත් සුදුසු දෙයක් නැත.

      • don says:

        THANK YOU.

      • CAT says:

        මුන්ට දුටු තැන ගල් ගසා එළවීම නොකිරීම තමයි අපේ ජනතාවගේ ලොකුම දුර්වල කම .
        .ඕනාවට වඩා වත්මන් දේශපාලුවන් ගේ කතා විශ්වාස කිරීම
        රටේ ජනතාව , රටට විනකරන පාලනය ඉවත්කිරීමට කටයුතු කලයුතුයි …..බලා සිටීමට කාලයක් නැත ..අපේ රට අනතුරේ

    • Sahan Rajawala says:

      එහෙම ඉටි ගෙඩියක් නෑ බං. කව්ද උබට ඔය ටොම් පචේ කිව්වේ. ඕකෙ මෙහෙම දෙයක්නම් තියෙන්න පුලුවන්. ජර්මන් තානාදිපති රනිල්ගේ හොද යාලුවා. ඔය යකා රනිල්ට පොරොන්දුවක් දෙන්න ඇති. ජර්මන් රජය වොල්ක්ස්වැගන් සමාගමෙන් මෙහෙ ආයෝජයන කරන්න කියලා ඉල්ලනත් ඇති. නමුත් වොල්ක්ස්වැගන්ලා මෙහෙ එන්නේ නෑ. ඇයි උන් මෙහෙ එන්නේ? මොන හේතුවකටද?. ඉංදියාවේ නියම වොල්ක්ස්වැගන් ෆැක්ටරි දෙකක්ම තියෙනවා. ඉංදියාවේ ශ්‍රමය මෙහෙට වඩා ලාබයි තව. එහේ තඩි ෆැක්ටරි දෙකක් තියාගෙන මෙහෙ එන්න කිසිම හේතුවක් නෑ. ලංකාවට වොල්ක්ස් වැගන් ඕන්නම් ඉන්දියාවේ ෆැක්ටරියෙන් මෙහෙට එවනවා මිසක්. අනික මුල ඉදලම කුලියාපිටියේ අක්කර 30ක් වෙන්කරලා තිබුනේ උබ ඔය කියන කාලේ ඉදන්ම. අක්කර 30ක වොල්ක්ස්වැගන් වගේ තඩි කොම්පැනියක් අහවල් දෙයක් කරන්නද බන්?. උන් අපේ රටට ආවා කියන්නේ එහෙනම් උන හැම රටකම ෆැක්ටරි දාන්න ඕනා එහෙම බලපුවාම.එහෙම හැම රටේම ෆැක්ටරි දලා කාර් හදලා විකුණන්න උන්ට මොලේ අමාරුවක් නෑ. ඒ වෙනුවට කරන්නේ එක එක කලාප වල ලොකුම රට අල්ලලා ඒ රටේ ෆැක්ටරිය දාලා ඊට පස්සේ වටේ තියෙන රටවල් වලට ඉම්පෝර්ට් කරන එක.

  2. Ajith says:

    Mema idama MRge kaalayedith idama paadui kiyala adhikaranaye naduwak damma wikunanna denna kiyala. Ekata pahugiya rajaye gola baalayoi maha barakaara eke lokkekui thama hawul. namuth waasanaawata usaawiyen kiwuwa itha adu gananakata mema idama wikunanne nathiwa departhamenthuwatama meka thiya ganna kiyala.

  3. Champika says:

    මෙය කෝප් කමිටුව මගින් පරික්ශා කල යුතු වන්චාවකි.
    BOI යටතේ ඉඩමට අමතරව ආනයන බදු රහිතව මේ ආයතන ට නොයෙකුත් ගොඩනැගිලි හා උපකරනද ගෙන ඒමට අවසර ලැබෙනු ඇත.

    ඒ නිසා ආයෝජන මන්ඩලයට ගිවිසුමකට එලබීමට කලින් නිපදවන වාහන වර්ග කුමක්ද, මවු සමාගම කවුරුන්ද, මවු සමාගම සමග ඇති ගිවිසුම කුමක්ද යන්න සෙවිය යුතුය.

    නැතිනම් අන්දරේ ගල ඉස්සුවා වගේ රටේ දේවල් (නොකරෙන ) පොරොන්දු පිට හොරකම් කිරීමට ඉඩ දිය නොහැක.

Main News