Whatsapp වාරණය ඉවත් කෙරේ.. Facebook වාරණය ඉදිරියටත්.. ජනාධිපතිගේ නිවේදනය මෙන්න..

March 14, 2018 at 3:50 pm | lanka C news
Whatsapp වාරණය ඉවත් කෙරේ.. Facebook වාරණය ඉදිරියටත්.. ජනාධිපතිගේ නිවේදනය මෙන්න..

ශ‍්‍රී ලංකාවේ සිට වට්ස්අප් සන්නිවේදන ජාලයට පිවිසීමට පනවා ඇති වාරණය අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සබාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා මේ බව තහවුරු කලේය.

මේ අතර තව දුරටත් වාරණය කර ඇති ෆේස්බුක් ජාලය සිකුරාදා දිනයේ සිට වාරණය ඉවත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සදහන් කලේය.

ඒ සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකාවට අද දිනයේ පැමිණීමට නියමිතය.

මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම මූලික කරගෙන සමාජ ජාලා වාරණය ක‍්‍රියාත්මක කරවනු ලැබුනේ පසුගිය 07 වැනිදා සිටයි.

මේ සම්බන්දයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය විසින් කටයුතු කරන ලදී.

වර්ගවාදය, ආගම්වාදය හෝ විවිධ අන්තවාදයන් පදනම් කරගත් ප‍්‍රචණ්ඩකාරී චර්යාවන් වේගයෙන් පැතිර යාම කෙරෙහි සමාජ මාධ්‍ය සිදුකරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් ද තහවුරු වී ඇති තත්ත්වයක් තුළ, ශ‍්‍රී ලංකාවේ ජාතික සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස තාවකාලිකව පනවන ලද සමාජ ජාල වාරණය හේතුවෙන්, කලහකාරීත්වය සහ ප‍්‍රචණ්ඩත්වය සීග‍්‍ර ලෙස පැතිර යාම පාලනය කිරීමට හැකිවිය.

දැනට ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපතිතුමා, රටෙහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක‍්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශය ඊයේ (13) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට කටයුතු කෙරිණි.

තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිතුමා, අද දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට වට්ස්ඇප් (Whatsapp) සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී ඇත.

එහෙත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් හෙට (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එමගින්, හැකි ඉක්මනින් ෆේස්බුුුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටී.

එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

– ජනාධිපති මාධ්‍ය අංශය

18,517 Viewers

9 Comments to “Whatsapp වාරණය ඉවත් කෙරේ.. Facebook වාරණය ඉදිරියටත්.. ජනාධිපතිගේ නිවේදනය මෙන්න..”

  1. PISSU PUSHA says:

    This is another lie like walkswagen

    • අරුණ says:

      මෙන්න විසදුමට…….විසඳුමක්
      https://vk.com/

      Install our official mobile app and stay in touch with your friends anytime and anywhere.
      vk කියන්නෙ ෆෙස් බුක් වගේම එකක් එක රුසියන් එකක්

  2. සකර්බර්ග් says:

    “හිටං” යන වචනය ටයිප් කරන එවුන් ඔක්කොගේම ෆේස්බුක් අකවුන්ට් බ්ලොක් වෙන ෆීචර් එකක් අපි අප්‍රේල් පළවෙනිදා ෆේස්බුක් වලට අළුතෙන් ම හඳුන්වා දෙනවා කියලා කියපුවාම ෆේස්බුක් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකාව එකඟ වුනා හිටං.

  3. manjula says:

    Thu nodakin

  4. අමිල says:

    අනේ ලොකු දෙයක්. නැතිනම් Whatsapp එක පාඩු නිසා වහන්න වෙයි

  5. කොනප්පු බණ්ඩා says:

    ඇයි සිකුරාදා? සතියේ වෙන දවසක් නැද්ද?

  6. podi hamuduruwo says:

    koma hari maha nuwara prasnen aanduwa adagenama newa. fb magulak adagena chanda laksa 10k nam sure ahimikaragaththa. ha balamu nedda kiyala eelaga chandedi… saadu saadu thawa pohottu pipiyan…….//

  7. Hemal says:

    ඔය මොන ඇප් එකක්වත් තාම හරියට වැඩ නැත…..රජයට අපගේ බලවත් අප්‍රසාදය…..

    • Asaranaya says:

      අනන් මනන් නැතුව මහාමොලකාර බැන්කු හොරු ඇල්ලුවොත් නරකද

Main News