අංක තහඩු නැති පොලිස් යතුරුපැදිකරු ටිරාන් අලස් පසුපස..

April 21, 2017 at 7:05 am | lanka C news
අංක තහඩු නැති පොලිස් යතුරුපැදිකරු ටිරාන් අලස් පසුපස..

පසුගිය හය වෙනිදා සිට දින කිහිපයකදීම අංක තහඩු නැති යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගේ නිවස කුමක්දැයි සොයමින් කොළඹ හෝටන් පෙදෙසේ සෝදිසි කර ඇත.

අපේ‍්‍රල් 12 වන දිනද පැමිණ ඇති මෙම අංක තහඩු නැති යතුරුපැදිකරුවා නැවත ඊයේ දිනයේදීද පැමිණ ඇති අතර එහිදී සැක කාර්යාලයේ ආරක්‍ෂකයින්  විසින් පොලීසිය අල්ලා දී තිබේ.

එහිදී එම පුද්ගලයා පොලිස් මූලස්තානයට අනුයුක්තව පොලිපතිවරයා සමග කටයුතු කරන පොලිස් සැරයන්වරයෙක් බව හෙලිව ඇත.

පසුව කුරුදුවත්ත පොලීසියට ගෙනයන ලදුව ඔහු පවසා ඇත්තේ තමන් රාජකාරියට අමතරව නිවාස ඉඩම් විකිණීමේ තැරැවුකරැවෙකු ලෙස කටයුතු කරන බවත් ටිරාන් අලස් මහතාගේ කාර්යාලය අසල ඉඩමක් විකිණීමට ඇතැයි ලද තොරතුරක් මත සෝදිසි කල බවත්ය.

අන්තර්ජාලයෙනි

71 views