අංක නැති යතුරුපැදියක් දමා ගිහින් ගමක් කැළඹෙයි..

May 4, 2019 at 12:40 pm | lanka C news
අංක නැති යතුරුපැදියක් දමා ගිහින් ගමක් කැළඹෙයි..

වවුනියාව, දුම්රියපොළ පිටුපස ගුඩ්ෂෙඩ් මාර්ගය ආසන්නයේ අංක තහඩු නොමැතිව නවතා තිබු යතුරුපැදියක් හේතුවෙන් ප්‍රදේ‍ශයේ නොසන්සුන්තාවයක් ඇතිවිය.

වවුනියාව දුම්රියපොළ පිටුපස ගුඩ්ෂෙඩ් මාර්ගයේ අයිතිකරුවෙකු හා අංක තහඩු නොමැතිව නව යතුරුපැදියක් නවතා තිබෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් , පොලිස් විශේෂ කාර්ය බලකායෙන් හා යුධ හමුදා නිළධාරීන් අදාළ ප්‍රදේශයේ දැඩි සෝදිසි කිරීමක් සිදුකරනු ලැබීය.

සෝදිසි කිරීමේදී ආරක්ෂක අනාවරණය කරගනු ලැබුවේ අදාළ යතුරුපැදියේ අයිතිකරු යතුරුපැදියේ අංක තහඩු නොමැති බැවින් යතුරුපැදිය මාර්ගය ආසන්නයේ නවතා මත්පැන් රැගෙනඒම සඳහා පයින් නගරයට ‍ ගොස් තිබු බවයි.

අනතුරුව යතුරුපැදි හිමිකරු යතුරුපැදිය සොයා පැමිණි අවස්ථාවේ අදාළ පුද්ගලයා ප්‍රශ්න කිරීම වෙනුවෙන් පොලීසිය වෙත රැගෙන ගිය අතර ආරක්ෂක අංශ එහිදි පැවසුවේ පවතින වාතාවරණය හමුවේ යතුරපැදි නවතා තබන්නේ නම් දුරකථන අංක ආදි විස්තර අලවා යන ලෙසට දැනුම්දී ඇති අවස්ථාවක එලෙස නොකොට අංක තහඩු නොමැති යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයාට පොලිසිය තරයේ අවවාද කළ අතර සැකකරු ප්‍රශ්න කිරීම ‍‍වෙනුවෙන් පොලීසියට රැගෙන යන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,738 Viewers

One Comment to “අංක නැති යතුරුපැදියක් දමා ගිහින් ගමක් කැළඹෙයි..”

  1. Ajith says:

    යාපනයට වෙනම නීතියක් ද? ඒ ලංකාව නොවෙයිද?

Main News