අංගොඩ ලොක්කා සමග මගුල් ගෙයක්ම සමූල ඝාතනයට සමයංගේ දෙවැනියා සැලසුම් කරයි..

March 5, 2017 at 11:34 pm | lanka C news
අංගොඩ ලොක්කා සමග මගුල් ගෙයක්ම සමූල ඝාතනයට සමයංගේ දෙවැනියා සැලසුම් කරයි..

බන්ධනාගාර බස් රියකට වෙඩි තබා පාතාල කල්ලි නායක සමයං ඇතුළු පාතාල කණ්ඩායම ඝාතනය කලේ යයි සැකය එල්ල වී තිබෙන ‘අංගොඩ ලොක්කා’ නම් පාතාල නායකයා හා ඔහුගේ කල්ලිය ඝාතනය කිරීම සදහා සමයංගේ ගෝලයන් දෙදෙනකු බන්ධනාගාරයේ සිට කරනු ලැබූ උත්සාහයක් ව්‍යවර්ථ වී තිබේ.

ඔවුන් රදවා සිටි සිර කුටිය පරීක්ෂා කිරීමේදී සොයාගත් ජංගම දුරකථනයකින් මේ තොරතුරු හෙලිව ඇත.

කඩුවෙලදී ඉකුත් 28දා පැවති මංගල උත්සවයකට සහභාගී වී සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයින් පිරිස ඝාතනය කිරීමට සැලසුමක් මෙම දෙදෙනෙ සැලසුම් කර ඇති අතර මෙම ඝාතනය සැලසුම් කර තිබුනේ මංගල උත්සවයට පැමිණ සිටි සාමාන්‍ය මිනිසුන් සමගම මුළු නිවසටම මරනීය ප‍්‍රහාරයක් එල්ල කිරීමටයි.

25 views
Main News