අංශු මාත‍්‍රයක හෝ ත‍්‍රස්තවාදියෙක් නම් මා එල්ලා මරන්න.. ඇමතිකම් අතහැරියේ කිසිවෙකුට බියේ නොවේ..- බදියුදීන්

June 5, 2019 at 3:23 am | lanka C news
අංශු මාත‍්‍රයක හෝ ත‍්‍රස්තවාදියෙක් නම් මා එල්ලා මරන්න.. ඇමතිකම් අතහැරියේ කිසිවෙකුට බියේ නොවේ..- බදියුදීන්

ත්‍රස්තවාදීන් සමග අංශූ මාත්‍රයක හෝ සම්බන්ධයක් තිබේයැයි ඔප්පු වුවහොත් තමාට මරණ දඬුවම ලබාදෙන්නැයි සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාට විරුද්ධව චෝදනා තිබේ නම් උද්ඝෝෂණ නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැතිඇමතිවරුන් අමාත්‍යධූරවලින් ඉවත්වූයේ කිසිවෙකුට බියේ නොවන බවත්, මුස්ලිම් මන්ත්‍රිවරුන් ඇමතිධූරවල සිටීමෙන් ත්‍රස්තවාදීන් සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලට බලපෑමක් ඇති නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මුස්ලිම් රටවල් තරහ කරගෙන ශ්‍රී ලංකාවට කටයුතු කළ නොහැකි බවත්,එම රටවලින් ඉන්ධන ලබාගැනීමට සිදුවන බවත් බදියුදීන් මහතා පැවසීය.

අයිසිස් සංවිධානය බටහිර රටවල් විසින් ඇතිකළ සංවිධානයක් බවත්,එම සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව අතර සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම කීය.

මේ රටට අයිසිස් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවත්,අහිංසක මුස්ලිම් ජනතාවට දඩුවම් කිරීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා සඳහන් කළෙය.

ඇතැම් පුද්ගලයන්ට ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව විනාශ කිරීමටත්,ලේ වැගිරීම් සිදුකරන තත්ත්වයක් ඇතිකිරීමටත් උවමනා වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

– ada

21 views

16 Comments to “අංශු මාත‍්‍රයක හෝ ත‍්‍රස්තවාදියෙක් නම් මා එල්ලා මරන්න.. ඇමතිකම් අතහැරියේ කිසිවෙකුට බියේ නොවේ..- බදියුදීන්”

  1. Kule says:

    බබා, වරෙන් නලවන්න.

  2. Mahesh says:

    අපි ජීවත් වෙන්නේ මොන තරම් කාලකන්ණි දේශපාලනයක් තියෙන රටකද..?
    • බෝම්බකරුවන් නතර වී සිටියේ රිෂාඩ්ගේ සහෝදරියගේ ගෙදර.
    • බෝම්බ නිෂ්පාදනය කළ බවට සැක කරන කම්හලට තඹ ලබා දී තිබෙන්නේ රිෂාඩ්.
    • පුපුරුවා ගත්තු දෙන්නෙක් රිෂාඩ්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකගේ දුව සහ බෑනා ත්‍රස්තවාදින්.
    • රිෂාඩ්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වන වන ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු ත්‍රස්තවාදින්.
    • යුද හමුදාපතිට සැකකරුවෙකු නිදහස් කරන්න කියලා බල කලේ රිෂාඩ්.
    • රිෂාඩ්ගේ මල්ලිව හමුදාව අත්අඩංගුවට අරන් පොලිසිය උසාවි නොදා නිදහස් කරනවා.
    • රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙකු අත්අඩංගුවට.
    • රිෂාඩ්ගේ උපදේශකයෙකු අත්අඩංගුවට.
    • රිෂාඩ්ගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ දොස්තර ෂාෆි ශිහාඩීන් අත්අඩංගුවට, ඔහුට එරෙහිව සිංහල මවුවරුන් බලෙන් සිසෙරියන් සැත්කම අතරතුර දී වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් .
    නමුත් අද දක්වා ත්‍රස්තවාදි සම්බන්ධතා පිළිබඳ කිසිම ප්‍රශ්න කිරීමක් රිෂාඞ් බදුර්දීන්ගෙන් කරන්නේ නෑ.ඇත්තටම මේ රටේ නීතියක් තියෙනවද…?අපි ජීවත් වෙන්නේ මොන තරම් කාලකන්ණි දේශපාලනයක් තියෙන රටකද..?

  3. Nana says:

    Agree with his many points. But TOTALLY DISAGREE WITH OIL MATTER. Oil is a business for them and ask them not to sell oil to sri lanka. We can buy from other countries and also try other methods for energy. That is better..

  4. Nana says:

    We know you are a clever person, done good things for Industry and Exports. But dont you remember you all were shouting when Wijedasa raised ISIS matter 2/3 years back.. You have used your influence wrongly..

  5. ON THE SPOT says:

    රනිලානේ අහන්න​,
    එක පාර මා මරන්න​.
    විල්පත්තු ගැන කියන්න,
    හෙන ගහන හැටි බලන්න​.

Main News