අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

November 17, 2021 at 10:00 am | lanka C news
අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය දීර්ඝ කාලීන විසඳුම් සොයන බවත් කෙටිකාලීන විදේශ ණය ලබාගෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසන්නට සිදු වුයේ කොමිස් වලට ඉන්ධන ලබා ගත් නිසා බවට විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ යැයිද කී අමාත්‍යවරයා අඩු මිලට ඉන්ධන ලබා දෙන සැපයුම්කරුවෙකු සිටින්නේ නම් ඉදිරිපත් කරන්නැයි ආරාධනා කරන බවද කීය.

එවැන්නෙකු ඉදිරිපත් කරන්නේ නම් ඔහුගෙන් ඉන්ධන ලබා ගැනීමට සූදානම් බවත් එසේ නැතිනම් විපක්ෂ නායකවරයා බොරු කීම ගැන ජාතියෙන් සමාව යුතු ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කරන ලදී.

අද වන විට ගෑස් ඇතුළු යම් යම් ආනයන භාණ්ඩවල හිගයක් ඇතිව තිබෙන්නේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ යාමෙන් යැයිද කී අමාත්‍යවරයා සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම අඩුවීම මත ආනයන සීමා කරන්නට වී ඇතැයිද පැවසීය.

50,900 views

23 Comments to “අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..”

  1. IMF says:

    අර ඔබතුමා මීට මාසෙකට විතර කලින් කියුවේ දකුණු ආසියාවේ විශාලතම තෙල් පිරිපහදුව ලංකාවේ තිරිකුනාමල ප්‍රදේශයේ දානවා කියලා. ඒ සමාගමේ ඉල්ලීමකට නෙවෙයි නේ මේක වහලා දාන තැනට වැඩ කරේ. ? ඔබතුමා කියන්නෙම පල් බොරු ආඩම්බරකාර කතා නිසා මිනිස්සු එහෙම හිතනවා. තව ටික දවසකින් මේ වැහිලා තියන පිරිපහදුව තුට්ටු දෙකට කවුරු හරි වික්කත් ප්‍රශ්නයක් නෑ. වැහිලා නිකන් අපරාදේ තිබ්බ පිරිපහදුව විකුනලා රටට ඩොලර් ටිකක් ගත්තා කියලා තවත් ආඩම්බරකාර කතාවක් කියන්න ඔබතුමාගේ දෙපත්කටට හොඳට පුළුවන් කියලා රටේ මිනිස්සු දන්නවා.

  2. Darshana abayakoon says:

    අපිට අද ඩොලර් නැතු ඇති හැබැයි අමතක කරන්න එපා අපිට තියෙන දකුනු ආසියාවේ උසම ලයිට් පත්තු වෙන කුලුණ. ලොකේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගනේ, ජාතියන්තර වරාය ගුවන්තොටුපලවල් දෙක දෙක තියෙනවා. කිලොමීටර් ලක්ෂ ගණන් කාපට් කරපු පාරවල්, ජොගින් ට්‍රැක් විතරක් නෙවෙයි අපි චන්ද්‍රිකා අභ්‍යාව කාශෙට යවපු ජාතියක්. ඒ දැවැන්ත සංවර්ධනය අපේ දොර කඩට ගෙනත් දුන්නේ මහින්ද මහත්තයා කියල අමතක කරන්න එපා.

    • පලඩෝ යන්න says:

      උබ කඩේ යනවද බොක්ක. රු.5000ක් දෙන්නම් ශොපින් එකකට දැම්ම බඩු ටිකක් ගේපන්. නැත්තං කඩල ගොට්ටක් තමා 5000ට ගන්න වෙන්නේ…..😅

      හැමිනෙන්න ණය වෙලා, ලොකු ලොකු ඒවා හදන්නේ මොකටද යකෝ. උන්ට වාසි නිසා…… ලොකු ලොකු ඒවා හැදුවට කමක් නෑ යකෝ ලංකාවේ සල්ලි තිබ්බ නම්….කාලකන්නී අමන මෝඩ දේශපාලනේ නොදන්න හැත්තක් මේරටේ ඉන්නකොට ඉතින් කියලා වැඩක් නෑ බං……🥲

  3. Snap says:

    ගමන්පිලයෝ මිනිස්සු උබලව පත් කලේ සුරංගනා කතා කියන්න nemi ප්‍රශ්නවලට විසදුම් හොයන්න කෝ උබේ තෙල් නිදිය thama හාරන්න බැරි උනාද කරන්න බැරි නං බාර දීලා පලයන් සුරංගනා කතා නොකියා

  4. 0.00069 BIYYO says:

    කෑගහනව විතරයි, මිනිසුන්ව චූන් කරන්න. අන්තිමට ආන්ඩුව ගේන හැම පනතටම අත උස්සනව. බොරැ පඩ ෂෝ. මෙයාට රාජපක්ෂ අසූචි වලින් තොර ලෝකයක් නැහැ 😂😝😜
    නියම දේශප්‍රේමීන් ඉන්නෙ ජේවිපි එකේ විතරයි .උං රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම පක්ෂය .බොරු කතා වලට සංවේදී වෙලා රට වලපල්ලට නොදා රට බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  5. John the baptice says:

    මේ රජයේ ඔබ ඉන්න එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ. තනතුරට රට පාවාදෙන්න එපා,

  6. LalithM says:

    අසාර්ථක ව්‍යාපෘති වලට ණය ගෙන විනාශ කල මුදල්වලට ගෙවන පොලිය සහ වාරික සමග පාලකයින් සොරාගත් මුදල් වල අවසාන ප්‍රතිඵලය. අගමැති ඒ කාලේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කියපු හැම ව්‍යාපෘතියම අසාර්ථක වගේම කොමිස් කොල්ලකාපු ඒවා. ඒවාට ඒ අය වගකියන්න ඕන.පුතාලට ඉතාලි බෙල්ට් සපත්තු කාර් රේස් වලට වියදම ගත්තේ සොරාකන ලද මුදල් නොවේද ? 69 ,ලක්ෂයක් රැවටුව සොරමුල වගකියන්න ඕන.

  7. Pora says:

    Most of our foreign debts are in the form of ISBs. They are the ones causing a big impact on dollar reserves because you have to settle the face value at once when they mature. They are easy to obtain at high interest rates without any conditions from private sources.Moreover you cannot reschedule them. IMF or WB loans you can discuss with them and reschedule.

  8. ලලිත් says:

    රට රැකියාවලට යන්න කැමති අයට යන්න අවස්ථාව දෙන්න. එතකොට රටට විදේශ විනිමය එනවනේ. ගෑණු රට යවන එක නවතලා පිරිදි පුහුණු ශ්‍රමිකයින් යවන්න. ඉන්දියාව, චීනය එහෙම තමා විදේශ සංචිත රැස් කර ගන්නෙ.

Leave a Comment

Main News