අක්කර පහක මහ ඉඩමක මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක්.. ගම්මු වටලා පොලිසියට බාර දෙයි…[Photo]

August 3, 2017 at 6:34 am | lanka C news
අක්කර පහක මහ ඉඩමක මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක්.. ගම්මු වටලා පොලිසියට බාර දෙයි…[Photo]

ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයේ හබරත්තාවෙල ගොවිපොල භූමියක මහා පරිමාණයෙන් රහසිගතව  පවත්වා ගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක්  8-01 වෙනි දින රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් වටලා 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා ගල්කිරියාගම පොලිසියට බාරදී  ඇත.

මෙම වැටලීමේදී කාන්තාවක් ඇතුළු පුද්ගලයෝ හත් දෙනෙකු සමග මත්පැන් නිෂ්පාදනය සදහා  උපයෝගී කරගන්නා ගෝඩා මිලි ලීටර් දස ලක්ෂයක් සහිත ප්ලාස්ටික් බැරල් 52 ක්, මත්පැන් ස්ප්‍රිතු මිලි ලීටර් තුන් ලක්ෂයක් , ගෝඩා රත් කිරීමට  යොදාගත් තහඩු බැරල් 10ක්, පෙරීමේ තඹ දඟර 08ක්, කිලෝ ග්‍රෑම් 50 ක් අඩංගු සිනි මිටි 11 , මත්පැන් පෙරීමට ගන්නා ඩිසියල් පෙට්ටි 45ක්, ගැස් ලිප් 05 ක්, ගැස් සිලින්ඩර් 03ක් හා තවත් පෙරීමට උපයෝගී කරග්නනා ද්‍රව්‍ය   ගල්කිරියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිරියාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අක්කර 05 ක භූමියක ඉදිකර තිබු විශාල ගොඩනැගිල්ලක් බදු පදනම මත ජා ඇල ප්‍රදේශයේ කාන්තාවක් විසින් ලබා ගෙන එම කාන්තාව විසින් ලිඳුල හා තලවකැලේ පදිංචි සැකකරුවන් යොදවා ගෙන මත්පැන් කර ගෙන් ගොස් ඇතැයි පොලිසිය කියයි .පෙරන ලද මත්පැන් ස්ප්‍රිතු ලොරියක මනාව අසුරා ඒ මත එළවලු අතුරා එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් ජාඇල රැගෙන් ගොස් අලෙවි කර ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මත්පැන් පෙරීමට යොදා ගත ගොඩනැගිල්ලට වගා ළිඳකින් ජල සැපයුම ලබාගෙන එහි අතුලත ඉදීකර තිබු ටැංකි වලට පෙරීම සිදුකර ඇත. මත්පැන් පෙරීමෙන් බැහැරලන අපද්‍රව්‍ය විශාල ගැඹුරු වලකට හරවා තිබී ඇත.අවට ප්‍රදේශවාසීන්ට සැකයක් ඇති නොවන ආකාරයෙන් අවට පරිසරයද සකස් කර තිබී ඇති බව පොලිසිය කියයි.

මත්පැන් ජාවාරම මෙහෙයවූ හා ඉඩම් හිමිකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

– දඹුල්ල, මහින්ද උදයසිරි

159 views
Main News