අක්කර 15,000 දීමට විරුද්ද බව මහින්ද චීනයට දන්වයි.. චීනය පිලිගනී..
December 21, 2016 at 11:20 am | lanka C news
හම්බන්තොට වරාය ව්‍යාපෘතියට ඉඩම් අක්කර 15,000 ක් ලබාදුන්නොත් අනිවාර්යයෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය මතුවන බව චීන රජයට සහ චීන සමාගමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය චීන සංචාරයේදී පැහැදිලි කර දුන් බව එම සංචාරයට එක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති එකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේ ද කීවේය,
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරය පිළිබඳ වැරදි මත රාශියක් පතුරුවා හැර තිබෙනවා. එතුමා බීජිං නගරයේ හා තවත් නගරවලදී සහභාගි වූ සාකච්ඡා සියල්ලටම මමත් සහභාගි වුණා. එතුමා කිසිම අවස්ථාවකදීවත් ආණ්ඩු වෙනස් කිරීම්, ආණ්ඩු පෙරළීම් ගැන කිසිදු වචනයක් චීන රජයට හෝ චීන නියෝජිතයන්ට ප්‍රකාශ කළේ නැහැ.
හිටපු ජනාධිපතිවරයා කුමන රටකට ගියත් එතුමාගේ ස්ථීර ප්‍රතිපත්තියක් තිබෙනවා. රට තුළ පක්ෂ දේශපාලනය කරනවා. නමුත් විදේශගතව ගොස් විදේශීය නායකයන් සමඟ කරන සාකච්ඡාවලදී එතුමා හඬ නඟන්නේ රට වෙනුවෙන්. ජාතික ස්ථාවරයක් ඔහු ඉදිරිපත් කරන්නේ. අපේ ආර්ථිකයට, අපේ ජනතාවට ශුභ සිද්ධියක් වන සියලු දේවලට පූර්ණ අනුග්‍රහය හා සහයෝගය ලබාදෙනවා.
ආයෝජන රටට පැමිණීම, අපේ ජාතික සම්පත් විකිණීම යන මේ දෙක අතර පැහැදිලි වෙනසක් එතුමා තුළ තිබෙනවා. විදේශ ආයෝජන රටට ගලා එනවා නම් එතුමා කැමැතියි කියන ස්ථාවරයයි අඛණ්ඩව පෙන්නුම් කළේ.
චීන සංචාරයේදී කළ සාකච්ඡාවලදී ඉතා පැහැදිලිව එතුමා මේ අදහස චීන නියෝජිතයන්ට හා චීන සමාගම් වෙත ඉදිරිපත් කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරම්භයේදී අක්කර 750 ක් ලබාදෙනවා. ඉන්පසු පියවරෙන් පියවර ජනතාවගේ අවශ්‍යතාවට අනුකූලව ව්‍යාප්ත කිරීම පිළිබඳව සාකච්ඡා වුණා.
මේ ආණ්ඩුව අක්කර 15,000 ක් එක්වර දෙන්න යනවා. එතුමා පැහැදිලිව චීන රජයට හා චීන සමාගමට කිව්වා 15,000 න් පටන් ගත්තොත් අනිවාර්යයෙන් හම්බන්තොට ජනතාවගෙන් විරෝධයක් මතුවන බව.
අක්කර 15,000 හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබාදෙනවා නම් පවුල් දහස් ගණනකට ඉඩම් අහිමි වී අවතැන් වෙනවා. ඔවුන්ගේ එදිනෙදා ජීවිතය අවුලකට පත්වෙනවා. අක්කර 15,000 කෘෂිකර්මය වෙනුවෙන් වෙන් කළ ඉඩම්. ඔවුන්ගේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තයට භාවිත කරන ඉඩම් මෙලෙස චීන සමාගමකට දීම තුළින් ඒ ජන ජීවිතයේ විශාල අවුලක් ඇතිවෙනවා. ඒ නිසා ඇතිවන විරෝධය වළක්වන්න බෑ.
අක්කර 15,000 ක් කියන්නේ වර්ග කිලෝමීටර් 40 ක ගණනක්. මේ වර්ග කිලෝමීටර් හතළිස් ගණන තුළ ගිවිසුම අනුව ආරක්ෂක කටයුතු සියල්ලම ඒ චීන සමාගමට භාරවෙනවා.
ඒ කියන්නෙ රටක් තුළ තවත් රටක්. එවැනි තත්ත්වයක් කිසිසේත් අවශ්‍ය නැහැ. නීත්‍යනුකූලව ජනතාවට සෙතක් සැලසෙන පරිදි ආර්ථිකයට ජීවයක් ප්‍රාණයක් ලබාදීම සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම අවශ්‍ය නැහැ.
බියගම, කටුනායක වෙළෙඳ කලාප සකස් කළේ අක්කර දහස් ගණනක් විදේශීය සමාගම්වලට ලබාදී නොවෙයි. ඒ කලාපය ස්ථාපිත කර ඊට බලපාන රෙගුලාසි නිර්මාණය කළා. එහි සියල්ලක්ම සිදුකෙරෙනුයේ ශ්‍රී ලංකා රජයේ අධීක්ෂණය යටතේ. පාලනය කිරීමේ අයිතිය විදේශීය රටකට හෝ විදේශීය සමාගමකට ලබාදුන්නේ නෑ.
හම්බන්තොටත් ඒ ක්‍රමයටයි කරන්න තිබුණේ. නැතිනම් ගෙඩිය පිටින් අක්කර දහස් ගණන් චීන සමාගම්වලට ලබාදීමෙන් ජනතාවගේ සුබසිද්ධියට හේතුවන්නේ නෑ.
මෙවැනි වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය, ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැහැ. පක්ෂයේ නිර්මාතෘ වූ බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රථම පියවර වුණේ ත්‍රිකුණාමලය හා කටුනායක කඳවුරු ශ්‍රී ලංකා රජයට ලබාගැනීම. ඉන්පසු සිරිමාවෝ මැතිනිය තෙල් සංස්ථාව ජනසතු කළා. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් අක්කර දහස් ගණනක් පවරා ගන්න මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ පුද්ගලීකරණය කරපු සමාගම් නැවත පවරා ගත්තා. මේ වගේ ඉතිහාසයක් ශ්‍රී ල. නි. ප. යට තියෙන්නේ. එහෙම නම් ආණ්ඩුවේ සිටින ශ්‍රී ල. නි. ප. මැති ඇමැතිවරු ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන්නේ කොහොමද? ශ්‍රී ල. නි. ප. අනන්‍යතාව අද එතන නෑ. තනතුරු දරන මැති ඇමැතිවරු කරන්නේ එ. ජා. ප. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.
එය සක්සුදක් සේ පැහැදිලියි. ශ්‍රී ල. නි. ප. යට පටහැනි ප්‍රතිපත්ති අද අනුගමනය කරන්නේ.
කුඩා රටක් වන අපට මේ අන්දමින් ඉඩම් අන්සතු කිරීමට භෞතික හැකියාවක් නෑ. එසේ කිරීමෙන් ජනිතවන ප්‍රතිඵල අහිතකරයි.
ප්රශ්නය – චීනයට ගිය අවස්ථාවේ චීන සමාගම සමඟ කළ සාකච්ඡාවේදී එම සමාගමේ ස්ථාවරය වූයේ කුමක්ද?
පිළිතුර – චීන සමාගම පැහැදිලිව කිව්වා ජනතාවගේ කැමැත්ත හා සමාජයීය ස්ථාවරභාවය ඉතා වැදගත් බව. පළාතේ ජනතාවට වාසිදායක තත්ත්වයක් ඇතිවන බවට හැඟීමක් ඇතිවුණොත් පමණයි එම ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයා හැක්කේ කියලා ඒ අය පිළිගන්නවා.
ක්ෂණිකව දැක්වූ ප්‍රතිචාරය වුණේ ජනතාවගේ අදහස් උදහස් වැදගත් බවයි. ඒ සමාගම ඒ කරුණු ප්‍රතික්ෂේප කළේ නෑ. ජනතාවගේ පැහැදීම අත්‍යාවශ්‍ය දෙයක් බව ඔවුන් පිළිගත්තා. අපි පෙන්වා දුන්නේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ජනතාවගේ පැහැදීම අත්‍යාවශ්‍ය බව. ආරම්භයේදීම පවුල් දහස් ගණනක් ඉඩම්වලින් එළවා දමා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ දැරුවොත් අනවශ්‍ය ප්‍රශ්න රාශියක් උද්ගතවන බව අපි පෙන්වා දුන්නා.
අපි යෝජනා කළ පරිදි මෙය කළා නම් ප්‍රශ්නයක් නෑ. එමඟින් ප්‍රදේශයේ ජන ජීවිතයට ප්‍රශ්නයක් ඇතිවන්නේ නෑ. එදා අපේ රජයක් යටතේ කරන්න ගිය වැඩපිළිවෙළ හා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අතර ඇත්තේ විශාල වෙනසක්.
– දිවයින
Well said sir – Honda pahadilikireemak
Mahinda Rajapaksha is our Brave Leader
He Love to Sri Lanka & Sri Lankan people
His vision is clear – Win the Sri Lanka & Win the Sri Lankan people
Theruwan Saranai Sir
Jayawewa !
පුලුවන්නම් කියපල්ලා මේකත් මහින්ද මැතිතුමේගේ Plan එකක් කියලා චීනය සමග එකතුවී කරපු.
Varthamaana aanduve janaadhipathi agamathi dedenaatama vadaa yamak MR thumaata karanna puluvan bava penavaa neda? Oonaama karunakadi Dan venne loetama ahenna kandak vilidaala Mee patiyek vadana eka vitharai.
A GREAT LEADER & LEADERSHIP
A TRUE LEADER WITH A NATIONAL INTEREST & VISION
INCREDIBLE PERSONALITY
Chineta 15000 kiyala, Trinco Americawatath saha North eka Dravidayantath denna hadanne.
Sinhala rata hansi.
සමහරක් ජන හරක්ට අමතක වූවත් කෘතවේදී සැබෑ ජනහදවත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් යටතේ කිසිඳු දිනෙක මේ මාතෘ භූමියේ එකදු බිම් අඟලක් හෝ විදෙස් රාජ්‍යයන්ට පවරා නොදීමට කටයුතු නොකරන බවට හොඳාකාරවම දන්නවා ඇත. මහින්ද රාජපක්ෂ මැතිතුමා මාතෘ භූමිය වෙනත් විදෙස් රටවල පවානොදී එරටවල් සමඟ පැවැත්වූ සමීප සබඳතාවය නිසා එතුමාගේ සුපැහැදිලි අදහස් වලට එම රටවල උසස් නිලයන් පවා හිස නමනු ඇත,ගරු කරනු ඇත.එතුමන් එදා සුවිශාල චීන රාජ්‍ය සමඟ පැවැත්වූ සමීප සබඳතාවය නිසා ඉහත කරුණු කාරනා වලදීත් චීනයත් එතුමාගේ පැත්තේය.
රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මෛත්‍රී යුගයක් කියාගෙන ආ උන්දලා රටට ගිනි පිඹීමටම කටයුතු සම්පාදනය කරන අතර තුර දුර දක්නා නුවණින් යුතුව එදත්,අදත්,සැමවිටම කටයුතු කරන මහින්ද රාජපක්ෂ මැතිතුමන් කරනුයේ මේ ලංකා භූමියට උරුම වීමට නියමිත අතුරු අන්තරා වලින් මාතෘ භූමියත්,ඇගේ සෙවනේ වෙසෙන අපත් රැකගැනීමට තව තවත් කටයුතු කිරීමය.
ඉතින්…මෙවැනි නිරිඳුන් තවත් ලොව සිටීදැයි ඔබත් ඔබගේ හෘද සාක්ශියෙන් ම අසා දැනගත හොත් හොඳය.