අක්කර 25ක ඔක්සිජන් ෆැක්ටරියක් කඩිනමින් හදයි..

June 3, 2021 at 8:02 am | lanka C news
අක්කර 25ක ඔක්සිජන් ෆැක්ටරියක් කඩිනමින් හදයි..

ජනාධිපති කාර්යය සාධක බලකායේ උපදෙස් පරිදි කොවිඩ් 19 වසංගතයේදී රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන වෛද්‍ය ඹක්සිජන් දේශීයව නිෂ්පාදනය කිරීමට  අවශ්‍ය සියලු පහසුකම් වලින් යුත් කර්මාන්ත ශාලාවක් ඉදිරිකිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් අක්කර 25 ක භූමියක් ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබා දීමට 06-02 දින ගිවිසුම් අත්සන් කරන ලදී.

රජයේ තක්සේරුකරුගේ තක්සේරුව වටිනාකමට යටත්ව ඒ සදහා අත්තිකාරම් මුදල් වශයෙන් රු.මිලියන 500 ක මුදලක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එම කාර්යාලයේදී ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.සොයිසා මහතා හා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී සේනාධීර මහත්මිය ඇතුලු නිළධාරීන් මෙන්ම ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ඇතුලු නිළධාරීන් සහභාගී විය.

ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාවද ගොදුරු වී ඇති අතර රෝගීන් සංඛාව ඉහළ ගිය හොත් දැනට දේශීයව සපයන ලද ඹක්සිජන්  ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය බලධාරීන් විසින්  පුරෝකථනයන කොට ජනාධිපති කාර්යය සාධක බලකාය වෙත දන්වන ලදී.

දැනට පවතින සමාගම් විසින් දිනකට මෙට්ට්‍රික් ටොන් 90 පමණ ඹක්සිජන් නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී පවතින ඉල්ලුමට පිළියමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගමට ඹක්සිජන් නිෂ්පාදනය සදහාද අවතීර්ණ වන ලෙසත් හිඟයකින් තොරව සෞඛ්‍ය අංශ වෙත ඉදිරියේදී ඉල්ලුමට අනුව ලබා දීමට ක්‍රියා කරන ලෙසත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි හා ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් දැනුම් දෙන ලදී.

ඒ අනුව  ජනාධිපති කාර්යය සාධක බලකායේ කමිටුව විසින් ගත් තීරණයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම ජාතික කර්තව්‍යය සිදු කරනු ලබයි. ජාතික LP ගෑස් සැපයුම්කරු ලෙස LP ගෑස් බෙදා හැරීමට අමතරව ඔක්සිජන් නිෂ්පාදනය කොට  බෙදාහැරීමේ කර්ත්‍යවයද සිදු කිරීමට නියමිතය.

එමෙන්ම ලිට්රෝ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය  විසින් ගත් තීරණයන්ට අනුව  කෙරවළපිටියේ අක්කර 25 ක භූමි ප්‍රමාණය තුළ ඹක්සිජන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

– midea unit

29,342 views

8 Comments to “අක්කර 25ක ඔක්සිජන් ෆැක්ටරියක් කඩිනමින් හදයි..”

  1. senaka says:

    මේ මොකටද ? ඔක්සිජන් කන්නද ? ලෙඩේ හදාගන්න එක වළක්වනවා මිසක් ඔක්සිජන් ෆැක්ටරි ??? ඊළඟට මිනීපෙට්ටි ෆැක්ටරියක් හදයි

  2. සකු says:

    පන්සල් වල බෙරිහන් දෙනව කියන කාලකන්නි යට මේ කියන්නේ.
    පලමුව මේ කාලකන්නි යට කියන්න ඕනේ
    ගෙවල් හදන්න ඉඩම් ගන්න කොට
    ආගමික ස්තාන ළඟ , පාසල් ළඟ හා රෝහල් ලගා හා ක්‍රිඩාංගන ළඟ මිනිස්සු ඉඩම් ගන්නෙ නෙහේ හා ඒ ඉඩම් ලාබයි. මේවා සාමාන්‍ය දෙනුම.
    තමුසෙ ට එක්කො ඉන්න ඉඩම කුනු කොල්ලෙට ලෙබෙන්න එතී.

    දෙවෙනි එක මේ සද්ද වලට අකමෙතී නම් තමුසෙට 5ස් වේලම ආගම කියන මාරදානට හරී ආමර් වීදියේ හරි කලවන්චි කුඩි හරි ගිහිල්ල පදින්චි වෙයන් නෙත්නම් තෝ වෙන රටක පදිංචි යට පලයන්

    • සාධාරණ කොටා says:

      විහාරස්ථාන කියන්නෙ නිහඬ බව තිබිය යුතු ස්තානයන්. ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවක බුදුන්වහන්සේම නිශ්ශබ්දතාවයේ අගය පෙන්වාදී තිබෙනවා. එහෙත් වර්තමානයේ බොහෝ විහාරස්ථානයන් වලින් සිදු කෙරෙන්නේ මිනිස්සුන් සූරාගෙනකෑමත් , රැවටීමත් , ශබ්ද දූෂණයත්. එවන් දුෂ්ශීලයන් එම විහාරස්ථාන වලින් එලවා සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වැඩමකිරීම ගමේ මිනිස්සුන් සතුයි. එවන් තක්කඩියන් ගැන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැණුවත්කල යුතුයි. කවුරු හෝ කියනවා නම් පන්සලේ ලවුඩ්ස්පීකර් කරච්චලය කරදරයක් කියලා , එහෙම කියන්නේ කරදරයක් නිසා වෙන්න ඇති. මේ රටේ නීතිය අනුව පන්සල්වල උනත් මහා ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දමන්න බෑ. පල්ලි අවට අයගේ වැඩක් පල්ලිවල එව්ව ගැන කතා කරන එක. පන්සල්වල ඉන්න ආතක් පාතක් නැති ඩේටා කාඩ් ඇබිත්තයො තමා ඔහොම කමෙන්ට් දමන්නෙ . ඉගෙනගත්ත මොලේ තියෙන අය ඔහොම ගොන් විධිහට හිතන්නෙ නෑ ( අපේ ගෙදර තියෙන්නෙ පන්සලෙන් දුර. ඒ නිසා අපිනම් කණක් ඇහිලා ඉන්නවා. අපේ ගමෙත් පන්සල කිට්ටුව ඉන්න මිනිස්සු පුදුම පවක් ගෙවන්නෙ )

    • රුහුනෙ එකා says:

      උට ලොකු අම්මාරුවක් තියෙනව.මම දැකල තියෙනව පිරිත් දානවට විරුද්දව comment දානව.උට පේන්නෙ නැ කොනකපාල ලා උදෙ 5 පල්ලි වල දවසට 5සැරයක් කැගහනව

    • මිලේච්ජයා says:

      උන් හයියෙන් පිරිත් , කවිබණ රෙකෝඩිං දාලා ආවාසේ කැරම් ගහනවා නැතිනම් දාං අදිනව ඇති

  3. අපි තමා හොඳටම කරේ..නැද්ද ? says:

    ඉතා හොඳ තීරණයක්. ඉසයරහට කොහොමත් කන්න බොන්න නැති වෙනවා. එහෙත් කොරෝනා මෙහෙන් පොහොර නැතුව සාගතයක් එනවා. රටින් කන්න ගෙන්නත් ඩොලර් නැහැ. . ඉතින් ඔක්සිජන් ටිකක් ගහගෙන ඉන්න පුළුවන්.

  4. sunimal says:

    සිංහල නව වසර කාලය පාලනය නොකරීමේ වරද කනගාටුයි.

Main News