අක්මීමන අයෙකුට කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ..

October 29, 2020 at 12:40 pm | lanka C news
අක්මීමන අයෙකුට කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ..

අක්මීමන පස්මාලුව ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කරන්නේ මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වීමට වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් තහවුරු වී නැති බවයි.

මිනුවන්ගොඩ, පෑලියගොඩ, ඩොක්යාඩ් පොකුරුවලට මෙම ආසාදිතයා සම්බන්ධකම් නොදක්වන බව ද ඔහු සඳහන් කළේ ය.

නමුත් ඔහුගේ සහෝදරයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී නිවසට පැමිණි අයෙක් බවද වෛද්‍යවරයා පැවසීය.

ඔහුගෙන් වෛරසයක් ආසාදනය වූයේ දැයි පරීක්ෂා කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

32,244 views

3 Comments to “අක්මීමන අයෙකුට කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ..”

  1. සමන්ත says:

    කොරෝනා කවදාවත් සමාජ ගක වෙන්නේ නෑ. සමාජ ගතවුනේ චීනේ මුලින්ම හැදුනු කෙනාට විතරයි. පස්සේ එය වුහාන් පොකුරට සම්බන්ධව මුලු ලොකයේම ගියා මිලානෝ ඉතාලි පොකුර වගේ උප පොකුරු සමගින්. වසන්ගත රෝගි අංශය පවසන පරිදි කොරෝනා සමාජගත වෙන්න අහසින් කොරෝනාවෙක් ඇගට වැටෙන්න ඕනෙ. නැත්නම් හැම එකම මේ පොකුර ඒ පොකුර කිය කියා කියනවා. අන්තිමට වුහාන් පොකුරට හැම දේම සම්බන්ධ වෙනවා. අද වෙනකම් වසංගත රෝගි අංශයට අනුව කොරෝනා කිසිම රටක සමාජගත වෙලා නෑ මොකද හැම එකක්ම එකකට එකක් සම්බන්ධව චීනයේ වුහාන් පොකුරට සම්බන්ධ නිසා.

    • Dilan says:

      චීනය වුහාන් වලින් පාලනය කරගෙන චීනේ ඉතුරු ටික බේරා ගත්තා.
      හැබැයි මුළු ලෝකෙටම බෝ වෙන්න වැඩේ කෙරුවා

  2. ගමරාළ says:

    ලන්කාවෙ ඉන්නව ආත්මාර්තකාමී අමු පිස්සෝ රැලකුත්.. අද අතයවශය සේවා සදහා වත් පාරෙ යන්න නැහ.. ගෙදර ඉන්න සනුහරේම වාහනයෙ දාගෙන බස්නාහිර පලාතෙන් පිට යන්න ට්‍රිප් යන්න දගලනව… හැම චෙක් පොඉන්ට් එකක්ම චොක බ්ලොක්… මුන්ට කොරොන නෙමෙයි මහසොහොන කීවත් තේරෙන්නෙ නැහ..

Main News