අක්ෂි කාචයක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරිම ඉදිරි සතියේ දී..

January 22, 2017 at 2:07 am | lanka C news
අක්ෂි කාචයක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරිම ඉදිරි සතියේ දී..

අක්ෂි කාච මිල ඉදිරි සතියේ දී අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියාමන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුල අක්ෂි කාච ජාවාරමක් සිදුවන බවයි.

ඉන්දියාවෙන් රුපියල් 6,000 කට ආනයනය කරන අක්ෂි කාච දේශීය වෙළෙද පොලේ රුපියල් 25000 සිට 30,000 දක්වා අලෙවි කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඇතැම් සමාගම් ආනයනය කරන අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට එම සංගම්වලින් මුදල් ලැබීෙමි ජාවාරමක් ක්‍රියාත්මක බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අක්ෂි කාච මිල රුපියල් 20,000 කින් පමණ අඩු කිරීමට තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙි අතර රජයේ රෝහල්වල අක්ෂි ශල්‍යකර්ම සදහා පැමිණෙන රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීෙමි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත අක්ෂි කාච ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම වැඩපිළීවෙල යටතේ රෝහල්වල අක්ෂි කාච හිඟයක් පවතින්නේ නම් දේශීයව මිලදී ගැනීම සදහා රෝහල් අධ්‍යක්ෂවරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඒ සදහා විශේෂ චක්‍රලේඛයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබෙි.

– නිපුන් ඒකනායක

6 views

One Comment to “අක්ෂි කාචයක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරිම ඉදිරි සතියේ දී..”

  1. sanath says:

    Excellent news

Main News