අකිල විරාජ්ගේ පාට පාට හීනය ඉවරයි.. පාසැල් සිසුන්ගේ සුදු නිල ඇදුම වෙනස් නොකරන පන ජනපති කියයි..
June 17, 2017 at 6:48 pm | lanka C news
පාසැල් සිසුන්ගේ නිල ඇදුම කිසිසේත්ම වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ලය හෝ රජය කිසිම ආකායක තිරණයක් ගෙන නැති බවද ජනාධිපතිවරයා කියා සිටියේ මහනුවරදී පැවති උත්සව සභාවක් අමතමිනි.
කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කියා සිටියේ පාසැල් සිසුනට සුදු ඇදුම වෙනුවට විවිධ වර්ණයන්ගෙන් යුතු පාසැල් නිල ඇදුම් හදුන්වා දීමට කටයුතු කරන බවයි.