අකිල විරාජ් එජාප මහ ලේකම් ධුරයට.. සුජීව සේනසිංහ නියෝජ්‍ය මහ ලේකම්..

March 22, 2017 at 10:00 am | lanka C news
අකිල විරාජ් එජාප මහ ලේකම් ධුරයට.. සුජීව සේනසිංහ නියෝජ්‍ය මහ ලේකම්..

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් කිරීමට එම පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම යෝජනාව එජාප ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකට ඉදිරිප්ත කිරීමට නියමිත යයිද සදහන්ය.

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා එජාප නියෝජ්‍ය ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත අතර එජාප සහකාර නායකයන් ලෙස මංගල සමරවීර, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් පත් කිරීමටටද නියමිතය.

කබීර් හෂීම් වත්මන් එජාප මහ ලේකම්වරයාට පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ලබා දීමටද සැලසුම් කර ඇත.

173 views
Main News