අකුණක් වැදී ගල්කොරියක කම්කරුවෙකු ජිවිතක්ෂයට…

November 2, 2021 at 7:17 pm | lanka C news
අකුණක් වැදී ගල්කොරියක කම්කරුවෙකු ජිවිතක්ෂයට…

නාවලපිටිය ග්‍රින්හුඩ් ප්‍රදේශයේ ගල් කොරියකට (02) දින පස්වරුවේ පතිත වු අකුණු සැරක් හේතුවෙන් එම ගල්කොරියේ සේවය කල කම්කරුවෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි , ගල්කොරියේ බැකෝ යන්ත්‍රයක ක්‍රියාකරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අකුණු සැර පතිත විමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය බොහිල් ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.රොබින්සන් (19) හැවිරිදි තරුණයෙකි.

නාවලපිටිය ප්‍රදේශයට (02) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පතිත වු අකුණු සැරක් ගල්කොරියේ ඉහල පිහිටි ගලකට පතිත වි ඇති අතර, ඉන් ගල් කැබලි කිහිපයක් කැඩි විසි වි ගොස් ගල්කොරියේ පහල සිටි මිය ගිය තරුණයාගේ හිස මතට වැදි ඇත.

තවත් විසි වු ගලක් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට වැදි බැකෝ යන්ත්‍රකරුද තුවාල ලබා ඇත.

අනතුරෙන් බැකෝ යන්ත්‍රයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,635 views

3 Comments to “අකුණක් වැදී ගල්කොරියක කම්කරුවෙකු ජිවිතක්ෂයට…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  2. wimalasena H.D. says:

    ane paw ara kamkaru tharunayaa. othan inda thibune naasthikaara pagaakaara kattakalu kabarakataa navalapi-
    tiye mahindanandaya. u merunoth api kiribath kanda ready.

  3. බිංකුණ්ඩා says:

    හෙණ වදින්න ඕන එවුන් පැත්තක ඉඳිද්දි එදා වේල හොයා ගන්න ගල් කඩන අහිංසකයෙකුට තමයි ඒකත් වදින්න

Main News