අකුණක් වැදී 6 හැවිරිදි දරුවෙක් මරුට…

November 1, 2021 at 8:02 am | lanka C news

අයහපත් කාලගුණික තත්ත්වයක් තිබිය දි මිදුලට වි සෙල්ලම් කරමින් සිටිය දි හදිසියේ නොසිතු ලෙසින් පුපරා ගිය අකුණු සරකින් කම්පනයට පත්ව අසාධ්‍යය තත්ත්වයට පත් හය හැවිරිදි දරුවෙක් රෝහල් ගත කළ පසු පෙරේදා ( 30 දා ) පස්වරු මිය ගොස් ඇති බව ආනමඩුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත මහවැව ඉහළ මහවැව විසු දියගු ආරච්චිලාගේ ඉදුසර සංජීව ( 6 ) නමැති දරුවෙකි.

මෙම දරුවා හා පවුලේ උදවිය ඉහල මහවැව පදිංචිව සිටි නමුත් ඔවුන් මෑතක දි වගා කටයුතු කර ගෙන යාම පිණිස ආනමඩුව ඌරියාව ගම්මානයේ ඉඩමක් මිල දි ගෙන එහි වගා කටයුතු සදහා පැමිණ ඇති බවත් මෙම ඉඩම වෙත පැමිණ එම කටයුතුවල නිරතව සිටි බවත් පෙරේදා ( 30 දා ) පස්වරු මෙම ප්‍රදේශයට විටින් විට අධික ලෙසින් වර්ෂාව ඇද හැලෙමින් විදුලි කොටමින් පැවැති බවත් එම අවස්ථාවේ දි දරුවාගේ දෙමාපියන් එම ඉඩසේ ඇති කුඩා පැල්පතකට වි සිටිය දි වර්ෂාව අඩුවෙමින් තිබිය දි මෙම දරුවා තවත් දරුවෙකු සමග මිදුලට බැස සෙල්ලම් කරමින් සිටිය දි පුපුරා ගිය අකුණු සරකින් මෙම දරුවා සිහි විසඥව ඇද වැටිම නිසා වහාම ඔහුව ආනමඩුව මුළික රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.

පසුව දරුවා පුත්තලම මුළික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දි ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.

මිය ගිය දරුවාගේ මරණ පරික්ෂණ කටයුතු පුත්තලම මුළික රෝහලේ දි සිදු කිරිමට නියමිතව ඇති බවත් පොලිසිය කියයි.

ආනමඩුව පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

10,047 views

3 Comments to “අකුණක් වැදී 6 හැවිරිදි දරුවෙක් මරුට…”

  1. Bison says:

    Had the boy been given cardiorespiratory resuscitation he would have been made alive.

  2. Saradiel says:

    මව පියාගේ නොසැලිකම අනික් අයටත් හොද පාඩමක් නිවන් සැප ලැබේවා

  3. මෝ says:

    ලංකාවේ හදිසි අනතුරුවලින් මිය යන ගනන දිනපතාම ඉහල යනවා.ඒත් කිසිකෙනෙක් ඒ ගැන ගන්නා පියවරක් නෑ.අනික සාමාන්‍ය ජනතාවට ප්‍රතමාධාර පිලිබද දැන්වත්කිරීමත් අන්තරාය,කාරී ස්තාන,පිලිබද ඉතා දැඩිව අවවාදාත්මක පුවරු සහ නීති කඩන්නන්ට දැඩි දඩ නියම කිරීමත් කල යුතුයි.වෙරල සහ ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ශක,කන්ඩායම් ස්තාපනය කර යුතුයි.

Main News