අකුණුසැර වැදීමෙන් ධීවරයෙකු මරුට….

September 24, 2021 at 7:02 pm | lanka C news
අකුණුසැර වැදීමෙන් ධීවරයෙකු මරුට….

යාපනය වඩමාරච්චි නැගෙනහිර වෙත්තිලකේනි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට අකුණුසැර වැදීමකින් එහි සිටි ධීවරයෙකු මිය ගොස් ඇතැයි මරුදන්කේනි පොලීසිය පවසයි.

ඊයේ සවස ඇදැහැලුනු වර්ෂාවත් සමග ධීවරවාඩියේ තිබූ ට්‍රැක්ටරයක අකුණුසැර වැදීමෙන් අසල සිටි ධීවරයාටද අකුණුසැර වැදී ඇති බවට මූලික පරික්ෂණවලදී හෙලි වී ඇත.

අකුණුසැර වැදීම හේතුවෙන් බරපතල තත්වයේ සිටි ධීවරයා මරුදන්කේනි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස අකුණුසැරවැදීමෙන් මිය ගොස් ඇත්තේ වෙත්තිලකේනි ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ කේ.සුදර්සන් නැත්තෙකු වන බවද මරුදන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,642 views

3 Comments to “අකුණුසැර වැදීමෙන් ධීවරයෙකු මරුට….”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    උදේ හවස අහල පහල ගෙවල්වල ජීවත්වන මිනිස්සුන්ට ලවුඩ්ස්පීකර් දාලා හිරිහැර කරන, ලංකාව පුරා මිනිසුන් හූරගෙන කන, සියලුම ආගම්වල ගෙරි පූජ්‍ය / පූජක හැත්තටයි උන්ගේ ඈම්ප් , බෆල් , ලවුඩ්ස්පීකර් සේරටමයි එකපිට හෙණ හත බැගින් වැදේවා !!! 🙏🙏🙏

  2. Sumana says:

    අනෙ අපිව අමාරුවෙ දාන්න එපා සර්ලා මඩම්ලා .අපිමොනවද ලියන්නෙ මෙවගෙ අපෙම සර්ලා කිව්වාම .මෙරටෙ මිනිස්සු කොච්චර රසායනික විශ වලින් මලත් මෙ ආන්ඩුවට විරුද්දව අපි පාවිච්චි කරපු ප්‍රදාන සටන් පාටය “අපිට විශ රසායන දියවු “කියල අපෙ කොල අලි සහ සජිත් බබා එක්ක කොහොමශ අපි උද්ගොශන කරන්නෙ.
    මිට දවසට ඩොලර් 10ට ලියන ගෞමි ඊයාරාජ්

    Reply

  3. Hena Kandaya says:

    Wimalaweeraya kiyua wage, hena wadune Rajapaksalata banalada danne naha? Soya baliya yuthuil