අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති අත්අඩංගුවේ..

May 3, 2020 at 4:40 pm | lanka C news
අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති අත්අඩංගුවේ..

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය  දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිව්දෙනෙක් (03) දින මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.

ලොරි රථයකින් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හිතවතුන් යැයි පවසෙන සිව්දෙනා (03) දින පස්වරු 1 ට පමණ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොල පසු කර යාමට ලොරි රථය ධාවනය කිරිමේදි එම පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ලොරි රථය පරික්ෂා කිරිමේදි එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇදිරි නිති බලපත්‍රයක් නොමැති බවට තහවුරු විමෙන් පසු  ලොරි රථයේ ගමන් ගත් සියළු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට යාම සෞඛ්‍යය අංශ විසින් තහනම් කර ඇති අතර , ශ්‍රි පාදස්ථානයටද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට ගමන් කිරිම නල්ලතන්නිය පොලිසිය විසින් පවත්වා වසංගත තත්ත්වය මත තාවකාලිකව නතර කර ඇත.

සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුව් සිව්දෙනා ගමන් ගත් ලොරි රථයේ තිබි ගමන් මළු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් සිව්දෙනෙක් අකුරැස්සේ සිට මස්කෙලිය දක්වා ආරක්ෂක අංශවල අවධානය යොමු නොවි පැමිණ ඇති බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

295 views

12 Comments to “අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති අත්අඩංගුවේ..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අවාරයේ ඔහොම ගිහින් කරන්නේ හිමේ ඇතුලේ ගරන එක. මේ අය ගාව තිබ්බේ ඇඳුම් බෑග් විතරක් උනාට මෙයාලගේ ටීම් එකක් කැලේ ඇතුලේ ගරනවා වෙන්න පුළුවන්. රටේ කරදර තත්වය නිසා හොඳ අවස්ථාවක්. දැරණියගලින් , ඒරත්නෙන් , පලාබද්දලින් තියෙන ප්‍රධාන පාරවල් වලින් නැති උනාට ඒ ගම්මාන සහ අසල ගම්මාන වලින් පිවිසෙන්න අතුරු කුඩා පාරවල් තියෙනවා. එව්වයින් වන්දනා කරුවන් යන්නේ නෑ. ගමේ අය පමණයි එව්වයින් කැලේට යන්නේ. මාසෙකට හමාරකට හතරපස් දෙනෙකුට ඕනෑ කරන දේවලුත් අරන් රිංගා ගත්තහම ඕනෑ දෙයක් මේ කාලේ කරන්න පුළුවන්. මේ අයගේ ජංගම දුරකථන අංක ඔස්සේ පරීක්ෂාවක් කරන්න… මේ අය යන්න ඇත්තේ වැඩේ නැගලා යනවද කියලා බලා එන්නත් පුලුවනි..

  2. kawinda says:

    No use. They will return home with no harm.

  3. Dilan says:

    Aniwaa mee sabhapathi pohottuwe wenda athi..

    • Shanika says:

      Polis ayiyalaata job eka karala athwelaa wage….. nathnam Jaffna paththata transfer ekak wath yanda hithunada danne naha?

  4. කොවිඩ් 19 says:

    අකුරැස්සෙ ඉඳං ගුවනින් තමයි මස්කෙලියට ගිහිං තියෙන්නෙ , අනිච්චං .

  5. අපි says:

    ඇයි කියන්නෙ නැත්තෙ මු පොහොට්ටුවේ එකෙක් කියලා..පනික්කියා ගෙ news රෙදි නැතිව කඩේ යන්නේ..

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      මොකේ උනත් අපට මොකෝ බං.අල්ලල කර ඇඹුව නම් තමා හොඳ​.පාදඩ වරත්තුවො.

  6. Just says:

    Very good action by the Police.

  7. bua says:

    no problem it is a politician.

    what if it was a doctor of gmoa?

  8. Innoka says:

    Seems like the police did not receive their share.

  9. ranjan says:

    මූ මහා පාදඩයෙක් .කෙල්ලෙක් දූෂණය කොට චෝදනා ලැබුවෙක් .නිදන් හැරීමට ගොස් ඇතිබවයි ආරංචිය .මූව ආරක්ෂා කරන්නේ මොකාද යන්න සොයා බැලිය යුතුයි .ජනාධිපති තුමනි ඔබගේ අවධානය පිණිසයි .

Main News