අඛණ්ඩව විදුලිය දෙන්න රවි බිලියන 50ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි.. එය සාම්පූර් බලාගාරයට ඇස්තමේන්තු කල මුදලයි..
April 20, 2019 at 3:00 pm | lanka C news
විදුලි බලය උත්පාදනය කිරීම සඳහා සිදුවන වියදම ආවරණය කිරීම සඳහා රුපියල් බිලියන 50ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.
දැනට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් තාප විදුලි බලාගාර වලින් විශාල වශයෙන් විදුලිය ලබා ගනිමින් සිටින නිසා ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු යැයි ඇමැති රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
පවතින ආදායම වියදම පරතරය තුළ අදාළ ගෙවීම් කිරීමට විදුලි බල මණ්ඩලයට යම් කාලයක් ගතවන නිසා මුදල් නොගෙව්වොත් තෙල් සංස්ථාව තෙල් ලබාදීම නවතා දමනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත.
මේ හේතුව නිසා අඛණ්ඩ විදුලි සැපයුමට දැඩි බාධාවක් එල්ල වන බවද පෙන්වාදී ඇති ඇමැතිවරයා විදුලි ඒකකයක යන වියදමට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන බවත් එම පාඩුව අවම කර ගැනීමට රුපියල් බිලියන 50 ක මුදල ලබා ගැනීමට යෝජනා කර තිබේ.
මෙම යෝජනාව එන අඟහරුවාදා දිනයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.
සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් සඳහා යෝජනා වී තිබූ මුදල රුපියල් බිලියන 50ක පමණ වූ මුදලකි.
BANKU MANKOLLA YEN
GATHTHA SALLI
EWARA ATHI.
THAWA GAHILLAK.
ආවොත් කරු ,
පායයි බස්නාහිරෙන් හිරු,
දුන්නොත් බිලියන පනහක්,
දුරුවෙයි අඳුර කරු.