අඛණ්ඩව විරෝධතා කරනවා.. අප කිසිවෙකුට බිය නෑ..- අගරදගුරු

March 7, 2021 at 1:20 pm | lanka C news
අඛණ්ඩව විරෝධතා කරනවා.. අප කිසිවෙකුට බිය නෑ..- අගරදගුරු

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් විරෝධතා ක්‍රියාමාර්ග වල අඛණ්ඩව නිරත වණ බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරයි.

එහිමියන් මේ බව සඳහන් කළේ අද පැවති කළු ඉරිදා සාමකාමී විරෝධතාවයට සමගාමීව කොච්චිකඩේ දේවස්ථානය පැවති සාමකාමී විරෝධතාවයට එක් වෙමිනි.

අදාල ප‍්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අප්‍රේල් 21දාට පෙර ක්‍රියාත්මක නොවුණහොත් ඒ ගැන දැඩි අවධානය යොමුකරන බවත් ඒ හිමියෝ සඳහන් කළහ.

තමන් ඉල්ලා සිටින්නේ වරදකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බවත් පැවසූ අගරදගුරුතුමන් තමන් කිසිවෙක්ට බිය නැති බවද පැවසූහ.

20,476 views

25 Comments to “අඛණ්ඩව විරෝධතා කරනවා.. අප කිසිවෙකුට බිය නෑ..- අගරදගුරු”

  1. Lolla says:

    මමත් කතෝලිකයෙක්……. කාදිනල් තුමෝ ටිකක් වැඩයි වගේ…… අපි සමගියෙන් ඉමු……

  2. Israel says:

    අතී ගරු කාදිනල් හිමිපාණන් දේශපාලුවෝ වගේ කිසිදු වරදක් කළ අයෙකු නෙමෙයි,යාපනයේ යුද්ධය කරන්න රටට සාමය ගේන්න එතුමාත් කටයුතුකළා එකළ රජයට, ලංකාවේ දෙපළ විදේශවලට විකිණීමට එරෙහිව සිටිනවා,කොමෙන්ට් දැක්කාම ඉතා බරපතල කෙලෙහි ගුණ නොදන්න පිළිකුල් සහගත අන්දමින් කාදින්ල් හිමිපාණන්ට විරුද්දව කොමෙන්ට් දාල තිබෙනවා, මේ කොමෙන්ට් දාන්නේ අන්තවාදීන්ද, දේශපාලන අන්තවාදී කුමණ්ත්‍රන කරුවන්ද, එහෙම නැතිනම් විවිධ රැවටීම්වලට අසුවූ අයද, කියලා හිතාගන්න බැහැ.

  3. Jehan says:

    The ones who had insult Cardinal are SJB Party members. They want to pose as government supporters and destroy Buddhist and Catholic friendship. That’s why they insult Hamuduruwos too. I am a Buddhist and voted Gota (and still trust him) and I support Cardinal and the Catholics of this country

Main News