අඛණ්ඩ ඉන්ධන දෙන්න ඩොලර් බිලියන 04ක් අවශ්‍යයි.. ජනාධිපති හදිසි හමුවක් කැදවයි..
January 16, 2022 at 9:20 am | lanka C news
2022 වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාල ප්‍රධාන ආයතනවල ඉහළ නිලධාරීන් කැඳවා තිබින.
මහ බැංකුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව, මුදල් හා බලශක්ති අමාත්‍යාංශ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) යන ආයතනවල නිලධාරීන් මෙම රැස්වීම පැවැත්වී ඇත.
ප්‍රවාහන හා විදුලිබල යන අංශ දෙකටම අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථමයෙන් මුදල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්විණි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් අවශ්‍ය ප්‍රමාණයන් විස්තර කර ඇති අතර අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම සඳහා නැව්ගත කිරීම් 88 ක් අවශ්‍ය වන බව පෙන්වා දී ඇත.
ඒ අනුව මසකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 150,000ක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් අවශ්‍ය වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙවසා ඇත.
ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමට අමතරව ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක අවශ්‍යතාව පැන නැගී ඇත.
මේ අතර ඉදිරි මාස දෙක සඳහා ඉන්ධන සැපයීම සඳහා මුදල් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහ බැංකුව වෙතින් ඉල්ලීමක් කර තිබේ.
ඉන්ධන සැපයීම සඳහා ගෙවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.
‘ඉන්ධන ආනයන සඳහා ගෙවනු ලබන්නේ අපේක්ෂිත වෙළඳ භාණ්ඩ හා සේවා අපනයන ආදායම සහ සංචාරක ලැබීම් සහ ප්‍රේෂණ ඇතුළත් අනෙකුත් අපේක්ෂිත ගලා ඒම් මගිනි. රජයට සහ මහ බැංකුවට දැන් සැලසුම් සහගත ප්‍රවේශයක් ඇති බැවින්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන, ගල් අඟුරු, ගෑස් සහ පොහොර ඇතුළු සියලුම ප්රමුඛ ආනයන සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කිරීම සඳහා අපි මුදල් ප්‍රවාහ කළමනාකරණය කරන්නෙමු’
ජනතාවගේ ණය , විදේශ සංචාර සහ අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවා වියදම් සැලකිල්ලට ගනිමින් සමස්ත මුදල් පිටතට ගලායාම ද සැලකිල්ලට ගැනේ.
රටේ විදේශ අංශයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ අනිවාර්ය අංගයක් වන හුවමාරු විධිවිධාන සහ ව්‍යාපෘති සහ සාමාන්‍ය ණය ද ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.
මේ සම්බන්ධ වර්ධනය වන තත්වයන් සලකමින් ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) ඩීසල් සැපයීම තීරණය කරන බව CPC සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
ෙමානවිදියට ෙඩාලර් අවන් උන්ඩියල් තමයි යන්ෙන්
හොරා කන එක ගැන විතරක් හිතන කාලකන්නි මන්ත්‍රී ලා ඉන්න පාර්ලිමේන්තුවක් උනහම රටේ පොදු ප්‍රතිපත්ති රටේ ආර්ථිකයට අනුව හැඩ ගස්ස්වල මහජනයාගේ පහසුව ,කාර්යක්ෂමතාව ඇතිව පොදු ප්‍රවාහන සේවය හදන එක සිහිනයක්.
බලයට කෑදර බහිරවයෝ ටික ඉන්නකල් ,උන්ට චන්දෙ දෙන බත් පැකට් චන්ද දායකයෝ ඉන්නකල් , මේ රට හැමදාම හිඟා කයි
ඔය රජයෙ සේවකයන් ට කිඋව නම් රට නිකන් ම සෞභාග්‍යය ට ගෙන යයි.
ඩොලර් වෙනුවෙන් අවුරුද්ද ට දින 365ම දිවා රාත්‍රි වර්ජන නොකර මින් අල්ලස් නොගෙන මින් සේවය කරයි
මුන් රට හප වෙන්නම කාල, දැන් ගන්න දෙයක් නෑ. වටිනා කියන රාජ්‍ය සම්පත් විකුණලා තවත් විකුනන්න දෙයකුත් නා. ගන්න පුළුවන් නය අරගෙන ජෝගි නටල දැන් ඒවායේ පොලිවත් ගෙව්ගන්න බෑ. මේ පහර බල්ලෝ දැනගන්න ඕන $$ ණය අරගෙන Prado ගේනකොට, ළමයිට Rocket යවන්න වියදම් කරන කොට, පිරිවර පිටින් රට සවාරි යනකොට, අදායම මාර්ගය එන ක්‍රම වල මෙලෝ දියුණුවක් නොකර හැමදේම ආනයනය කරනකොට මේවා වෙනවා කියල. මම නම් මෙහෙම වේවි කියල සැහෙන්න කලින් දැනගත්ත. SriLankan Airline එකේ දුන්නේ Dubai වල නිෂ්පාදිත වතුර බෝතල්. මුන් ඇට ඖෂ්ට්රලියාවෙන් ආනයනය කරලා. මිරිස් ඉන්දියාවෙන් ආනයන කරනවා. සැමන් ටින් පිටරටින් ආනයනය කරනවා, ඉදි කට්ටේ ඉදල කන කෑම වෙල දක්වා හැමදේම ආනයන කරනවා. ලංකාව සිම්බාබ්වේ ගාවින් නැවතුනොත් ඇති මේ වගේ නුගත් පාලකයන් එක්ක. අනාගත පරම්පරාවට ඔය පව් ගෙවන වෙනවා
දැන් මුං ඇට තියනවා 450-500 ගන්න. දේශීය බඩු. කහත් දේශීය. දැන් මාකට් එකේ. දේශීය කොරන්න යනකොට කෑ ගහනවා. රටින් ගේන කොටත් කෑ ගහනවා. උද්ගෝශනයක් කරන්න හදුන්නෙත්ති එක්ක එකතුවෙලා
හොදට ලාබ ලබාපු ශ්‍රී ලංකන් එයාර් එක පාඩු පිට පාඩු ගන්න විදිය මහින්ද රාජපක්ෂගේන් අහලා බලපං.
ඥති සංග්‍රහ/ වහල් සංග්‍රහ කොරන්න ගිහින් මුළු රටම වල පල්ලේ.
මේ වෙලාවෙ හැටියට තමුන්ගෙ පවුලේ සහ ගජ මිතුරන්ගේ මුදල් ටිකක් රටට දීලා පොඩි දානමය පිංකමක් කරගන්න පුලුවන් . කල පව් ටිකක් හරි හේදිලා යන්න .
ඉතින් ඇයි Solar power පාවිච්චි කරන ක්‍රමයක් හොයල රට ට කියන්නේ නැත්තේ?
ඩොලර් බිලියන 04 සිනි /සුදු ලුනු / වංචාවේ මුදල් නැවත ලබා ගමු ප්‍රස්නේ ඉවරයි.
අතිගරු ජනාදිපති තුමනි ඉන්ධන අර්බුධයක් පවතින මෙම අවස්තාවේ එයට විසදුමක් ලෙස අලුතින් විවෘත කල අධිවේගි මාර්ගවලට තිරික්කල, ගොන් කරත්ත වැනි දේශීය හරිත ප්‍රවාහන මාද්‍ය ඇතුල් කිරීමට අවසර ලභා දෙන්න.