අඛණ්ඩ විදුලිය දීම දැඩි අර්බුදයක.. තවත් 128 MW මිලට ගන්න අනුමතයි..

February 26, 2020 at 8:40 am | lanka C news
අඛණ්ඩ විදුලිය දීම දැඩි අර්බුදයක.. තවත් 128 MW මිලට ගන්න අනුමතයි..

මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුම විසන්ධියකින් තොරව ලබා දීමට තවත් මෙගාවොට් 128 පමාණයක් පෞද්ගලික අංශයෙන්ද දී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයනට ඇමැති මණ්ඩල විසින් අනුමැතිය ලබා දී ඇත.

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් මෙම ප්‍රමාණයක විදුලි ධාරිතාවක් මිලදී ගත යුතු බවට විදුලිබල මණ්ඩලය විසින් කරන ලද දැනුම්දීමක් අනුව රජය විසින් මෙසේ අනුමැතිය ලබා දී තිබේ.

ජල විදුලි බලාගාර වල ජල මට්ටම වේගයෙන් පහත යාම නිසා විදුලිය සඳහා ජලය නිකුත් කරන ප්‍රමාණයද ජල කළමනාකරණ ලේකම් කාර්යාලය විසින් අඩු කර ඇත.

වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා විදුලිබල මණ්ඩලය දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.

6,411 Viewers

2 Comments to “අඛණ්ඩ විදුලිය දීම දැඩි අර්බුදයක.. තවත් 128 MW මිලට ගන්න අනුමතයි..”

  1. AWAMANGALA says:

    hama daama tender daala horaa kapiyaw.. maaruwen.. maaruwata. molayak nathi kaalakanni, deshapalane karanakota..rataiy , janathawaiy dekama winasaiy. me parasne hama awuruddema thiyanawa. wisandumak hoayanna kisima ekekta onekamak naha. meka wasiyata haroogena.. pathwena hama amathiyektama one keeyak hari pocket ekata daa ganna. mee naaki haththata aluth adahas ennema naha. deshapalaneta enne horaama kanna balagena nisa mun wena deyak gana hithannema naha. munge passata paiyn gahala eloola…ugath tharuna..wadak karanna puluwan pirisak deshapalaneta genna one. naththam me lassana rata peni..peneema winasha wela yanawa.

  2. බන්ඩා says:

    පසුගිය වසර පහට යහපාලන රනිල් හොරා හෝ සිරිසේන පඹයාගේ රජය එක මහා පරිමාන විදුලි බලාගාරයක් වත් පටන් ගත්තෙ නැහැ. නමුත් විදුලිය ඉල්ලුම දිනපතා වැඩි වෙනවා. ඉතින් විදුලිය කපන්න වෙන එක අරැමයක්ද?

Main News