අගමැතිකමක් ගැන කියලා මාව නැතිකලා.. දැං පාරට බහින්න විදිහක් නෑ..

February 21, 2018 at 3:50 pm | lanka C news
අගමැතිකමක් ගැන කියලා මාව නැතිකලා.. දැං පාරට බහින්න විදිහක් නෑ..

අගමැති ධුරයක් ලබා දෙන බව පවසමින් තමන්ගේම හිතවතුන් තම ඇගේ කුණු ගෑවේ යයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කර ඇත.

ඔහු මෙසේ සදහන් කර ඇත්තේ කොලඹ පිහිටි ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ නිවසේදී ශ‍්‍රිලනිප ඇමති පිරිසක් සමග කතාබහ කරමින් සිටියදීය.

තමනට අගමැති ධුරයක් ලැබෙන බව සියළු මාධ්‍ය ඔස්සේ උදේ හවා ප‍්‍රචාරය කිරීමෙන් පසු දැන් තමනට එලියට පහලියටවත් බහින්නට බැරි තත්වයක් උදා වි ඇති බවද ඇමතිවරයා සදහන් කර ඇත.

මුණ ගැසෙන ඔ්නෑම කෙනෙක් අහන්නේ අගමැතිකමට කුමක් වූයේදැයි කියා බවත් තමනට මේ ප‍්‍රශ්ණය මහා කරදරයක් වී ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කර තිබේ.

67 views

25 Comments to “අගමැතිකමක් ගැන කියලා මාව නැතිකලා.. දැං පාරට බහින්න විදිහක් නෑ..”

  1. Amal says:

    වෙනත් වචනවලින් කියනවා නම් අද රනිල් සිටිය දී ම නිමල් සිරිපාල හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත් කිරීමට පූර්වාදර්ශයක් තියෙනවා. එබැවින් ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට අවශ්‍යතාවක් නැහැ. මෛත්‍රිපාල කළ යුත්තේ නිමල් සිරිපාල හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත් කර රනිල්ට අවශ්‍ය නම් ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට කීමයි. රනිල්ට එවිට තම 2015 ජනවාරි තමා අගමැති ලෙස පත් කිරීමටත් විරුද්ධ ව තර්ක කරන්න වෙනවා. එය රනිල්ට එරෙහිව රනිල් යනුවෙන් ඉතිහාසයට එක් වේවි.

  2. Nandasoma Suriyaarachchi says:

    අද සමස්ත ආණ්ඩුවම මොන්ටිසෝරියක් බවට පත්වෙලා……
    තරහ වෙනව…. යාලු වෙනව… එහෙට පනිනව… මෙහෙට පනිනව… ඔයා හරි හොඳයි කියනව… තව ටිකකින් නරකායි කියනව…. බොරුවට මගුල් ගෙවල් අරගෙන දීග කනව, .. …. බොරුවට රජ වෙනව….. කැකිල්ලෙ රජ්ජ්රුවො නඩු විසඳනව…..තව ගොඩායි……

Main News