අගමැතිකමට මහින්ද තරම් සුදුස්සෙක් නෑ.. ඔහුගේ නායකත්වයෙන් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි..
July 1, 2020 at 8:02 am | lanka C news
ඉදිරි නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමට සියලු සුදුසුකම් සම්පුර්ණ කර සිටින එකම කෙනා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .
අලුත් ආණ්ඩුවක් පිහිටුවා රට වැටි තිබෙන තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව ” සෞභාග්‍යයේ දැක්ම ” යථාර්තයක් කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,මෙවර මහ මැතිවරණයට දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත් දා නිකවැරටිය ,කොබෙයියගනේ ,මාවතගම,පරගස්දෙනිය ,පඬුවස්නුවර ප්‍රදේශ වල පැවැති ජන හමු වලට සහභාගී වෙමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපති වෙන කොට රට තිබුන තැන කවුරුත් දන්නවා .ත්‍රස්තවාදය පරාද කරල ඉහළ සංවර්ධනය ඇති රටක් බවට පත් කළා .එහෙම වුනේ දැක්මක් සහිත එඩිතර දේශපාලන නායකත්වය නිසා .
2015 දී කුමන්ත්රණකාරී ලෙස නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා රට බාර ගෙන විශාල විනාශයක් කළා .එදා ඒකට මිනිස්සු කීවේ එළ හරකා මී හරකා එකට ගැට ගැසුණා වැනි ආණ්ඩුවක් කියල .දෙන්න දෙපැත්තට අදිමින් අවුරුදු 5ක් ගත කළා .රට ආපස්සට ගෙන ගියා .
මහින්ද මහත්තය හදල දීපු රටට මොන තරම් අපරාධයක් කළාද ?කොටි ත්රස්තවාදීන් අවුරුදු 30 තිස්සේ මහ බැංකුව විනාශ කරන්න මාන බැලුවා .වෙඩි තියල බෝම්බ පිපිරෙව්වා .සිද්ධ වුනේ මතු පිටින් විනාශයක් විතරයි .යහපාලන ආණ්ඩුව ඇවිත් සතියකින් බැඳුම්කර හොරකම කළා .එයින් රටට වූ හානියේ ප්‍රමාණය කියන්න බෑ .මහ බැංකුවේ කීර්ති නාමයත් විනාශ කළා .
එදා අගමැති – ජනාධිපති දෙපැත්තේ සිට කළ විකාර රුපී ආණ්ඩුවේ වැඩ කවුරුත් දන්නවා .ජනතාව අසරණ වුණා .හැම පැත්තකින් ම වැටුණු රටක් ගෝඨාභය රාජපක්ෂ මහතා බාර ගත්තෙ .
රට හදන්න සුදානම් වෙද්දී කොරෝනා වසංගතය ආවා .ඒ නිසා බොහෝ දේ කඩා වැටුනා .යළි අපි නැගිටින්න ඕනෑ .ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි .එහි අගමැති ධූරයට වෙනත් සුදුස්සෙක් නෑ .එතුමා උතුම් මානව හිතවාදියෙක් .ජනතාව තවමත් ආදරය කරන්නේ එනිසා .අපි එතුමා වටා පෙළ ගැසෙමු යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .
– Khmedia
ඔව්, අගමැතිවරයාට වඩාත් සුදුසු පුද්ගලයා අපගේ ගෞරවනීය සිරිසේන සර් ය.
නිහතමානී හා විශිෂ්ට සරල චරිතයක්
තරුණ පරම්පරාව සහ අපගේ ජේවීපී පක්ෂය ද ප්‍රාර්ථනා කරයි
පොහොට්ටුවෙ සභාපතිට ශුභ පතන ජේපී ඩෑල් එකක් දැක්කමයි. බෛයො කොච්චරටම අනාථ වෙලාද කියනවනං , මෛත්‍රීපාලව තමන්ගෙ පෙරමුණට මහින්ද මහත්තෑං වැද්දගෙන සභාපති කං පුදනකං මීක් සද්දයක් නැතුව ඉදලා , දැන් උකුස්සා ගේ රෙදි ගලොනවා ! පව් නේද බන් .
දෙවරකි ජනපති, තෙවරක් අගමැති, ආයෙත් ඡන්දෙ ඉල්ලනවා රට හදන්න.
මම අපිරිසිදු සිරා.
මැතිවරණයෙන් පසු ඔබ සැමට දැක ගත හැකිය, මම ගු-පෑඩ්-සජිත් වෙත පනින්නෙමි
ඔව්, අගමැතිවරයාට වඩාත් සුදුසු පුද්ගලයා අපගේ ගෞරවනීය සිරිසේන සර් ය.
නිහතමානී හා විශිෂ්ට සරල චරිතයක්
තරුණ පරම්පරාව සහ අපගේ ජේවීපී පක්ෂය ද ප්‍රාර්ථනා කරයි
On studying the contributions that have been made to protect the national interests of the motherland (including it’s sovereignty) by various
contemporary politicians,he appears to be the best.
සිරාගොයියා හරි මිනිසා
අලිවලිගේ එල්ලිලා කොටියට පන්දම් ඇල්ලුවා
රණවිරුවන් පාවාදී පබයෙක් වී රට කෑවා
ලැජ්ජාව ගෑවිලා නැහැ දේශපාලනය නැවත කරනවාලු
වේදිකාවල කතා කරනවාලු
පුරසාරම් දොඩෝනවාලු
බලය ලබාගන්න සිහින මවනවාලු
ඇපත් නැතිකර දමා
දුටු තැන ගනිව් මඩුවලිගේ
They are too old for the job and they cannot see things from their heads as the heads are not functioning properly. They want to keep the power but the heads are not tuned well for the job. The common men are very innocent they believe political crooks. First of all the law is on the hand of foolish politicians. That is the big mistake of our system. People think they are the controllers of law. We need well educated young generation to see through our mistakes. Most of our politicians are corrupted according to the information about 90% of the members. Some are in the Kudu business. This is the pathetic situation we have to resolve.
මහින්ද අගමැති වෙලා සිටියා ඇති.. නව බුද්ධිමත් රට ජාතිය ආගමට ආදරය කරන අවංක දේශපාලකයකුට අගමැතිකම් දීමට කාලය පැමිණ ඇත හැමදාම එකම පුද්ගලයෙක් අගමැති නොකළ යුතුයි වෙනසක් කලයුතුයි
මුදල් වල බලය නිසා එකම දේශපාලකයෝ රොත්තක් රට පාලනය කිරීම නතර කල යුතුයි ..කාලයක් බණ්ඩාරනායක පවුල ඊට පසුව ඩඩ්ලි . JR ගේ පරපුරේ රනිල්…රනිල්ට ප්‍රථමයෙන් ප්‍රේමදාස ,දැන් සජිත් ඒ සදහා පොරකනවා …අපේ රටේ දේශපාලනය බලු පොරයක් වගෙයි ..එකිනෙකාගේ වැරදි කියමින් කුලල් කාගන්නවා රට ජාතියට සිදුවන යහපතක් නම් නැත
ආයෙත් අහලා වියත්තූ මග දාලා , අලිබබා සහ හොරු හතලිහ පාර්ලීමෙන්තු ඇරලා , ආපහු බැරියැ , චීනෙට රට සින්නක්කරේට විකුනලා දාලා පවුල ,ගජමිතුරු කල්ලී ගොඩ දාලා ගන්න. මේ රටේ තණකොල බුදින කකුල් දෙකේ කේප්ප වස්සො ඉන්නකං රාජපක්ශලා ගොඩ ! උන්ට ඔනේ වේලක් ඇරලා වේලක් කාලා හරි රාජපක්ශලව පෝසත් කොරන්න .
correct, sadin bayyas are more dangerous than corona.
Have not we had the educated persons in our past cabinets including professors,PHD holders,Engineers,Doctors,Lawyers etc ? But our motherland was going from bad to worse from day to day. The qualities that should possess by the politicians are patriotism ,loyalty to the motherland and commitment to develop the country ,safeguarding
the resources of the country as well as the national interests of the country.
සුජාත පාර්ලිමේන්තුවක් හදන්න ගරු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මැතිතුමාට ඉඩදෙමු