අගමැතිකම බ්‍රෝකර්ට-ජනපතිකම ජෝකර්ට-ජනබලය කොලඹට…

September 4, 2018 at 6:48 pm | lanka C news
අගමැතිකම බ්‍රෝකර්ට-ජනපතිකම ජෝකර්ට-ජනබලය කොලඹට…

අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

උතුර කොටියාට – මුහුද චීනාට
අහස ඉන්දියාවට – ආර්ථිකය සිංගප්පූරුවට
ආරක්ෂාව පාතාලයට – පොලීසිය කවටයාට
අගමැතිකම බ්‍රෝකර්ට – ජනපතිකම ජෝකර්ට
මේවාට අකමැති නම් – ජන බලය කොළඹට

ඔබ ඔබේ දරුවාට ඇත්තටම ආදරෙයි නම්
දරුවාට හෙටක් තිබිය යුතුයි සිතනවා නම්
සැප්තැම්බර් පස් වන දින
ඔබ සිටිය යුත්තේ කොළඹ නගරයේ පමණමයි.

හෙට දිනයේ දී අපේ පාක්ෂිකත්වයෙන් ඔබ්බට ගිහිල්ලා මේ ආණ්ඩුවෙන් රිදුනු තැලුණු පොඩිවුණු අතිවිශාල ජනතාවක් අපත් සමග එකතු වෙන්නට සිටින නිසා අපට ජාලයන් හරහා පණිවුඩ ලබා දීම දුෂ්කර වී තිබෙනවා.

ඒ නිසා මාධ්‍ය හරහා අප ඔවුන්ට ඉතා වැදගත් පණිවුඩයක් අප ලබා දෙනවා. හෙට දවසේ කොළඹ නගරය පුරාම ආණ්ඩුව මරඋගුල් අට වන්නට ඉඩ තියෙනවා. එනම් ආණ්ඩුවෙන් සැලසුම්සහගතව යම්කිසි පොදු දේපළකට පහර දෙන්නට ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙකුට පහර දෙන්නට කිසියම් පෙළඹවීමක් කරලා අපේ අය ගැටුමකට මැදිකරවන්නට ඉඩ තියෙනවා. ඒ හරහා මේ උද්ඝෝෂණයේ අප විසින් ගොඩනගන රූපරාමු වෙනුවට ආණ්ඩුව විසින් ගොඩනගන රූපරාමු මාධ්‍යයේ ප්‍රචාරය කර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව යෙදෙන්නට පුළුවන්.

එනිසා හෙට දිනයේ මේ වැඩබැරි පරගැති බොරු පිරි ආණ්ඩුවට එරෙහිව  පාරට බසින සියලුම දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ ඉතාම ප්‍රඥාවෙන් කටයුතු කරන්න. කවුරුහරි රාජ්‍ය දේපළකට පහරදෙනවනම් පුද්ගලයෙකුට පහර දෙනවා නම් ගල් ගසනවා නම් ඒ කිසිවකටවත් ඔබ සම්බන්ධ වෙන්න එපා.  නායකත්වයට ඒ බව දැනුම් දෙන්න. ඊට අමතරව ඔබ සතු ජංගම දුරකථනයෙන් ඒ සිද්ධිය මුල සිට අගටම වීඩියෝ කරන්න. එය අපට තිබෙන හොඳම සාක්ෂිය බවට පත්කර ගැනීමේ හැකියාව තිබෙනවා.

250 views
Main News