අගමැතිකම බාරගන්නැයි ඇමති රාජිතට ජනාධිපති ආරාධනා කරයි..

April 2, 2019 at 10:00 am | lanka C news
අගමැතිකම බාරගන්නැයි ඇමති රාජිතට ජනාධිපති ආරාධනා කරයි..

ආණ්ඩුවේ අගමැති ධුරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමනට දෙවරක් ආරාධනා කල බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් පිටුපස දොරෙන් අගමැතිකම් බාර ගැනීමට සූදානම් නැතැයි ජනාධිපතිවරයාට දැන්වූ බවද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අමතිමන් ඔහු මෙම අදහස් පල කලේය.

කතානායක කරු ජයසූරිය මහතාටද අගමැතිකම බාරගන්නා ලෙස අවස්ථා 10කදී ජනාධිපතිවරයා ආරාධනා කල බව එජාප ඇමතිවරුන් අවස්තා කිහිපයකදීම පවසා ඇත.

55 views
Main News