‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…

June 7, 2022 at 10:22 pm | lanka C news
‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…

තමන් අගමැතිධුරය ප්‍රතික්ෂේප කළ නිසා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අගමැතිතුමා මට කිණ්ඩියකුත් දාලා කිව්වා මාව පාර්ලිමේන්තුවට ගත්තේ එතුමා කියලා. ඔව් එතුමා මාව පාර්ලිමේන්තුවට ගත්තා. හැබැයි 2010දී අපේක්ෂකයෙක් සොයා ගන්න බැරිව ඉන්න කොට යුද්ධයට විරුද්ධව ලෝකෙ වටේ රට වටේ ගිහිල්ලා රටේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න කොට යුද්ධය දිනපු අයට තිබුණ ජයග්‍රහණය දැක්කාම මම ඇවිත් බෙල්ල තියපු හින්දා එතුමා මට කෙලෙහි ගුණ දැක්කුවා කියලයි හිතන්නේ.

ඒ නිසා එතුමට මම තව දෙයක් සද්භාවයෙන් මතක් කරන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා කැඳවන්න පැය තුනකට කලින් ගරු ජනපතිතුමා මාව කැඳවලා කිව්වා දැන් භාර ගන්න අගමැතිකම වහාම භාර ගන්න කියලා. මම එතුමට කොන්දේසි හතරක් පහක් දැම්මා.

ඒවා අනුව වැඩ කරනවානම් පසුබිම හැදුවොත් මම භාර ගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඔබතුමා මටත් පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕන”

– ADA

92,953 views

16 Comments to “‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…”

  1. රටේ එකා says:

    ෆොන්සේකා, ශශී මහාරාජගෙන් අවසර ගන්න ගිය ටිකට අගමැතිකම රනිල් අරගෙන. ඉතින් සිරසට තරහ යන එක වැරදිද?

  2. ඇල්වතූර says:

    ආසයි බයයි. පූරුවේ පවයි.

  3. Gamarala says:

    සොරකම් නැතුව රට ඉදිරියට ගෙනයන්න පුලුවන් ජාතික ජන බල වේගය පමණයි.

  4. කොපාරිස් says:

    නරිවාදං!
    Gibberish!

  5. Ms සිල්වා says:

    Balla පිදුරු Kenneth නෑ kana ගොනාට දෙන්නෙත් නෑ
    Ane bola
    If you really have a concern you should have taken the pm post.
    A jealous bug!

  6. සෙරෙප්පු සුප්. says:

    ෆොන්සේක උන්නැහේත් කොන්දේසි දැම්මලු.සජිත් කියන්නෙත් ඕකමයි,අනුර කියන්නෙත් ඕකමයි.මේ ගොල්ලො ඔක්කොම කොන්දේසි වෙන්දේසියෙ දදා ඉන්නව​.අභියෝග බාර ගන්න බයයි.ඒත් තනතුර බාර ගන්න ආසයි.ඒ කියන්නෙ ආසයි,බයයි.ෆොන්සේක උන්නැහේ රනිල් මහත්තයගෙන් පින් අනුමෝදන් ඉල්ලුවට වැඩක් නැහැ.ඒකට සුදුසුම කෙනා අන්න මේ දවස්වල කිරි බෝතලේකුත් කිහිල්ලෙ ගහගෙන මොකද්ද එකක් නාවන්න හැම තැනම කරක් ගහනව​.මුණ ගැහුන නම් පින් අනුමෝදන් කොරාගෙන අර මොකද්ද එක නාවගෙනම එන්න තිබුන​.එයා එක්ක ගියා නම් ස්වර්ගය හරහා නිර්වාණයට යන හැටිත් ඉගෙන ගන්න තිබුන.
    ඒ මොනව උනත් සජිත්ටයි,අනුරටයි තියෙන ලෙඩේම තමයි ෆොන්සේකටත් තියෙන්නෙ කියලයි අපට නම් හිතෙන්නෙ.ඒ කියන්නෙ අධි තක්‍ෂේරු මේනියාව​.එහෙම කෙනෙක් රට බාර නොගන්න එක හොඳයි.මොකද මේක සිල්ලර කඩයක් නෙමෙයිනෙ,රටක්නෙ.
    මේ වෙලාවෙ රට බාර ගන්න අය එක අතකින් වාසනාවන්තයි.කිසිම ශතයක් වියදම් නොකර අර ගෝල්ෆේස් කොල්ලන්ට කියල තමන්ගෙ නමින් ගමක් හදා ගන්නත් පුළුවන්.මොකා ආවත් පක්‍ෂ පාට භේදයකින් තොරව උන් ඒක කරල දෙනව​.අතින් කාල(බුරියානි වෙන්න පුළුවන්)ඒ අතින් උන් රෙස්පෙක්ට්.

  7. Lankan says:

    Seem like Gotabaya has approach you, but u refuse. If u thought about your country u should have take this position. In this case Gotabya had thought about the country. Why didnt you?

  8. Janaka says:

    මේ කතාව සත්‍ය වෙන්ඩ පුලුවන්. නමුත් රාජපක්ශල ප්‍රභාකරන්ට අගමැති දූරය දුන්නත් සරත් පොන්සේකටනම් මේ කපේ අගමැතිකම දෙන්නේ නෑ .මේක මහින්දගේ සුපුරුදු තක්කඩි ගේමක් සජිත් සහ පොන්සේකා විරසකකර සජිත්ගේ පක්ශය කඩා ඉසිරීමට . මුලින්ම හරින්ට වරදාන වරප්‍රසාද දීල සජිත්ගේ පක්ශයෙන් රයිගමයයි ගම්පොලයයි ඉවත්කරා .ජනතාව නුරුස්සන ඒ හාල්පාරුවෝ දෙන්න පක්ශයෙන් ඉවත්වීම සජිත්ට වාසියක් උනා. නමුත් පොන්සේක සජිත්ගේ පක්ශයට ශක්තියක්. සරත්පොන්සේකටත් විශාල චන්ද පදනමක් ඇත්තේ සජිත් සමග සිටියොත් පමනයි. මහින්දට තම පුතුන්ට අනාගතයේ විශාල අභියෝගයක් වන්නේ සජිත් බව මහින්ද දන්නව. මහින්ද හදන්නේ කුමන හෝ උප්පරවැටී දමා සජිත් විනාශ කරන්ඩ .මහින්දට මුදලට බිලීබාගත නොහැකි එකම පුද්ගලයා සජිත් බව හොදටම දන්නවා. තාම තිරය පිටුපස සිට මහින්ද ගේම අත හැර නෑ . මොන ගේම ගැහුවත් නැවත කිසිකලක රාජපක්ශ කෙනෙක් බලයට එන්නේ නැතිබව තේරුම් ගැනීමටවත් මහින්දට දැන් මොලයක් නෑ .

    • DH says:

      හූඇන්පියේ ඉන්නකම් ඕන ගොනෙක් හරි හොදයි. ජොන්ස්ටන්, මිලින්ද මොරගොඩ, දුමින්ද සිල්වා, තෙවරප්පෙරුම, හරීන්, මනූශ ඔය හැම එකාම ඉස්සර අපේ ගොන් හූඇන්පියොන්ට හරි වීරයෝ. පක්ශේ දාලා ගිය ගමන් හොරු වෙනවා. ෆොන්සේකා කරේ තියාගෙන යන්නෙත් අර පක්ශෙට තියෙන අසීමිත අන්ධ භක්තිය නිසා. නැත්නම් ඉස්සර ෆොන්සේකට කිව්වේ ගලවා ගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ කියලා නේද?

      අනේ බොල ෆොන්සේකට හමුදාපතිකමම දුන්නු එවුන් ඌට අගමැති කම දෙන්න බයයි වගේ ගොන් ලෝක වල උබලා ජීවත් වෙන්නේ කොහොමද ඇත්තට?

  9. xs says:

    දැන් රනිල්ට වඩා රාජපක්ෂ ලොකු වෙලා . දැන් මිනිහා සජිත්ගේ පිලට පැනලා තව පිම්මක් පනින්න හදනවා
    දොන් ජුවන් ධර්මපාල කියලා අපහාස කරපු මිනිහගේ මාර්ගයෙන් 2020 ජනාධිපති අපේක්ෂකත්වය ගන්න පාටලී චම්පිකත් හැදුවට හරි ගියේ නැ. දැන් ඕමල්පේ සෝභිත හමුරුවන්ව කඩේ යවනවා.

    බලය ලබා ගන්න ඕනේ දෙයක්

  10. David Milli-banda says:

    Vihilu kiyanne mewata.

    Oi Janaka….. Even the Marcoses have come to power again

Main News