‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…

June 7, 2022 at 10:22 pm | lanka C news
‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…

තමන් අගමැතිධුරය ප්‍රතික්ෂේප කළ නිසා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අගමැතිතුමා මට කිණ්ඩියකුත් දාලා කිව්වා මාව පාර්ලිමේන්තුවට ගත්තේ එතුමා කියලා. ඔව් එතුමා මාව පාර්ලිමේන්තුවට ගත්තා. හැබැයි 2010දී අපේක්ෂකයෙක් සොයා ගන්න බැරිව ඉන්න කොට යුද්ධයට විරුද්ධව ලෝකෙ වටේ රට වටේ ගිහිල්ලා රටේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න කොට යුද්ධය දිනපු අයට තිබුණ ජයග්‍රහණය දැක්කාම මම ඇවිත් බෙල්ල තියපු හින්දා එතුමා මට කෙලෙහි ගුණ දැක්කුවා කියලයි හිතන්නේ.

ඒ නිසා එතුමට මම තව දෙයක් සද්භාවයෙන් මතක් කරන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා කැඳවන්න පැය තුනකට කලින් ගරු ජනපතිතුමා මාව කැඳවලා කිව්වා දැන් භාර ගන්න අගමැතිකම වහාම භාර ගන්න කියලා. මම එතුමට කොන්දේසි හතරක් පහක් දැම්මා.

ඒවා අනුව වැඩ කරනවානම් පසුබිම හැදුවොත් මම භාර ගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඔබතුමා මටත් පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕන”

– ADA

92,971 views

16 Comments to “‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…”

  1. Anivaryenma Field Marshal Fonseka Sir thamai Janadhipathikamata galapenne. wena aya hari yanne na. Api oba samagai uthumanani. Pohottu buruwo ganata obathuma watenna epa

  2. පිම්ටියා says:

    ෆොන්සේකා කොන්දේසි කියලා ඇවිල්ලා කියන්න ඇත්තේ 1} මට රකක් කරන්න තේරෙන්නේ නැ. 2) මට ජාත්‍යන්තර සම්බන්ධතා අඩුයි. 3) අම ආර්තිකවිද්යාව දන්නෙම නැ. 4) මට වැඩිය රනිලා මේකට ගැලපෙනවා ඌටම අඩගහලා ඕක හේත්තු කරන්න කියලා වෙන්න ඇති. එකනේ දැන් පිං ඉල්ලන්නේ.

  3. Nobee Perera says:

    Anay yako USA jeewatun atara in nay gotabaya unaware Singapore Elisabath hospital ekata yawapu Nissan.,

Main News