රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ..- අගමැති

May 19, 2022 at 11:20 am | lanka C news
රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ..- අගමැති

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

447,498 views

46 Comments to “රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ..- අගමැති”

  1. ක්‍රිමිනල් says:

    Mokatada enda hadanne ?

    • බයිලා says:

      දැක්කද රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව, කිව්ව ගමන් චක්‍රලේඛනයත් ගහලා, මෙහෙම වැඩකරන අය ඉන්නවා නම් රට දියුණු නොවෙයිද?

  2. JR says:

    අන්න හරි… 👍 මුලින්ම තෙල් පුච්චගෙන නිකං වැඩට යනව කියල ඇවිත් මේස උඩ නිදිකිරන සේවක රික්තයට හම්බ කරලා කන්න උගන්නන්න ඕනි… ප්‍රා.ලේ. කාර්යාල වල කිසිම වැඩක් නැතිව නිකං පඩි සහ ජරාව කන සෙවකයො කොච්චර ඉන්නවද.? අනෙක් ආයතන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. අත්‍යාවශ්‍ය සෞක්‍ය සේවය වගෙ ඒව හැර සියලුම රජයේ සේවකයන් අවම කලා නම් ණය ටික ගෙවුව වගෙ තියෙයි…

    • නිමල් says:

      පරිපාලන නිලධාරීන් කියනවා පසුගිය කාලයේ නුසුදුස්සන් පත්කිරීම නිසාලු මෙහෙම උනේ කියලා, නින්දෙන් නැගිටලා වාසි පැත්තට හෝයියා. පරිපාලන කියන නිලධාරී සෙට් එක විෂය දැනුම නැති ගොබ්බ සෙට් එකක්, උනුත් වගකියන්න ඔන මේ විනාශයට, ඉහල තනතුරුවට පත්කල යුතුතේ විෂය දැනුම සමග කළමණාකරන දැනුම ඇති අය මිස පරිපාලන දැනුම තිබෙන අය නොවන බව අලුත් අගමැතිතුමා දැනගත යුතුයි නේද? නැත්නම වැලෙ වැල් නැතිවෙයි

  3. Aniwa says:

    “පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බව”

    Utter lies as usual, who is he trying to fool?We all knew he would become Sataka, Mara, Maina or Gota fied but no one would have expected that to happen this soon.

    • මහින්දසිංහ​ says:

      යකඩෝ, මූ මාර තැම්බිල්ලක්නේ තම්බන්න හදන්නේ.

      • LION says:

        මහා බැංකු මගඩියේ මහා හොරා අගමැති කිරිම තරම් විහිළුවක් තිබේද ? රට තවත් අගාදයට යෑමක් හැර රටට යහපතක් සිදුවේද ? රාජපක්ෂ කුරහන් සාටක පවුලේ සියලුම දේපල ,බැංකු ගිණුම් රජ සන්තක කරලා රටේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කල යුතුයි ..රනිල්ගේ. සිරිසේනගේ සහ යහපාලන ,පොහොට්ටුවේ මැති ඇමැතිලාගේ දේපල රජ සන්තක කර රටේ ආර්ථිකය යථා තත්වයට පත් කලයුතුයි ..රටේ බදුමුදල් සොරාගෙන රට බංකොලොත් කලේ ජනතාව නොවේ රටේ දේශපාලකයෝ .ඔවුන් මේවාට වගකිවයුතුයි ..බටලන්දේ වධකයා දැන් බයිලා ගහනවා

    • Damian says:

      Aniwa බුරුෙවා් ලෝකෙ දිහා බලාපිය ලිං මැඩි ජෙප්පා.

      • Lalin says:

        කොවිඩ් සමග ලෝකෙ හැම රටක්ම වගේ ආර්ථික පසුබෑමකට ලක් වෙලා තියෙන බව ලිං මැඩි ජෙප්පන්ට තේරෙන් නෑ. උන්ගෙ නායක ලපේ, පාලනයටවත් හවුල් වෙන්න බය මේකට විසඳුම් දෙන්න උන්ට බැරි නිසා. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් 7 පට්ටයක් ඉල්ලුවා වගෙ ජනාධිපති කමම ඉල්ලලා වැලලෙන්ඩ හැදුවෙ ඒකයි. නොලැබෙන බව ෂුවර්නෙ

  4. rata rakimu says:

    Moota pissu. He doesnot know what he is doing and talking. What the hell where are solution for problems. You just give patch up bro.

  5. Rathna says:

    ඔක කියන්නද මෙ රාජකිය හොරා අගමැති කරෙ. ඔන්න මෙ ගොන් තකයගෙ දැක්ම. මුන්ට ඔනෙ බලයෙ ඉන්න විතරයි. රටට ඇති වැඩක්ම නැති පින්ගුත්තරයො රැලක්

  6. යහපාලනය හා පොහොට්ටු කැපිල්ලට ගොදුරූ වූ බයියා says:

    අයියෝ සාමි, රට බෙරලා දෙන්න. බෙහෙත්ටික ගේන්න. ආහාර ටික ගේන්න. අයිටී ඒජන්සි වගේ ආයතන වහලා දාන්න. ඒවාගේ පඩි කපන්න.

    • දේශඅප්‍රිය says:

      ඇත්ත තමයි මේ සුදුඅලියා, රටට කල සහ කරන විනාශය, ඇයි විගණනය කරන්නේ නැත්තේ, කරපු ප්‍රොජෙක්ට් සහ වැරදුනු ‌ප්‍රොජෙක්ට් ගැන සහ විනාශ කරපු අයියෝ සල්ලි. රගන්න දක්ෂයි රටටන්න දක්ෂයි. රට වලට

  7. prasantha says:

    Moo pissek : He think the sky is falling on his head :

  8. නිහලා says:

    රජයේ ඉහල නිළධාරීන් තෙල් පුච්චගෙන වැඩට එන්නේ නැහැ. ‌හොඳ එවනුත් ඇති. පර්මිට් ගන්නවා, ඒත් තමන්ට රජයෙන් වාහනයක් තෙල් එක්ක ගන්නවා, නැත්නම් වාහනය නැතිව තෙල් වලට කියලා සල්ලි ගන්නවා, සමහර අය පර්මිට් එක අරගෙන රජයෙන්ම ගෲප් ට්‍රාන්ස්පෝර්ට් ගන්නවා, මෙවා හොඳ වැඩද? සමාන්‍ය සේවකයින් බස් වල වවුල්ලු වාගේ එන්න ඔන, ගෲප් ට්‍රාන්ස්පෝර්ට් එකට වද්දගන්නේ නැහැ ගැප් එක නැතිවෙනවා කියලා. වැඩ කරන්න නොවේ අවශ්‍ය, පිම්බිලා ඉන්න. ඉහල නිලධාරින්ටත් බස්වල කෝච්චිවල එන්න තියන ලැජ්පාව මොකක්ද? ‌මේවා ගැන අවධානය යොමු කරන්න. සීනියර් කමට තනතුරු වලට ආව අය ආයතන ප්‍රධානීන් සහ ලේකම්වරු කිරීමේ වරද තමයි මේ ගෙවන්නේ. අවධානය යොමු කරන්න. සාධාරණ නිලධාරීන් හදුනාගන්න. අංකුර කඩන නිලධාරීන් හදුනාගන්න. රට දියුණු වේවි.

    • එක්සත් ජාතීන් says:

      රජයේ මැති ඇමැතිවරු ඉහල නිලධාරීන් බස් වල කෝච්චි වල වැඩට එන දාට රට දියුණු වේවි.

  9. Power says:

    නියමයි. ඔන්න ඔහොම කොන්දක් ඇතිව දැන්වත් තීරණ ගන්න. නිකං ඉදගෙන පඩි කෙලින රාජ්‍ය සේවකයන් මේ රටට අවශ්‍ය නැහැ. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරලා, ඔවුන්ගේ රැකියා අහිමි නොකර ඔවුන් නිවැරදිව වැඩ කරන ආයතන වලට යොමු කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් නගර වල තැපැල් කන්තෝරුවකුයි, උප තැපැල් කන්තොරුවකුයි දෙකක් තියනවා. හැබැයි උප තැපැල් කන්තෝරුවෙන් සත පහක වැඩක් නෑ. නිකං පඩි කෙල කෙල ඉන්න තැනක් විතරයි. අන්න එහෙම කන්තෝරු වහලා දාලා ඒකේ සේවකයන් නගරයේ තියෙන ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් නගරයක තිබෙන කාර්යාලයකට අනුයුක්ත කරන වැඩපිළිවෙලක් සකස් කරන්න.

    • පිවිතුරු says:

      අපි වැඩ නැති උපතැපැල් කන්තොරුවේ උන් මහ තැපැල් හලට ගෙනාවත් වැඩ නැති නිසා කවුන්ටර් වලින් එලියේ දිව එලියට දාගෙන ඉන්න දාමු. මුද්දර අලවන්න හරි උදව්වක් වෙයිනේ

    • Kamala 🤗 says:

      👍

    • nilu says:

      Our support Ranil!

  10. Sampath says:

    Must get stolen money back as soon as possible.

Main News