රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ..- අගමැති

May 19, 2022 at 11:20 am | lanka C news
රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ..- අගමැති

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ ද ඇතැම් වරප්‍රසාද කපා හරින බවද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.

පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.

හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.

447,476 views

46 Comments to “රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා.. එන සතියේ කන්නවත් සල්ලි නෑ..- අගමැති”

  1. GulSiri Lal Nanda says:

    By mistake of political thta wrong estimate of UNP- Ranil Wicks being an appoimant as Primer to seek some positive steps to move the nation forward . I do not relized what is this man speaking time being having any senes of knowleadge of overcome crisis….?

  2. 225 ම එපා says:

    පළාත් පාලන ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා චක්‍රලේඛය වලංගු නොවේ. ඒ අය දුවන්නෙ පෙට්ට්‍රල් ඩීසල් වලින් නෙමෙයි වතුරෙන්.

  3. john the Baptice says:

    මේකද මේ මොළ 7 තේ අලුත් අගමැති ලැජ්ජයි.

    • මහදැනමුත්තා says:

      බටලන්දේ වධකයාගේ කෙරුවාව ගැන දැන් ජනතාවට අමතකද ? අපිට ජිවත් වෙන්න මහා පොළවක්වත් මේ කපටි බැංකු හොරා ඉතුරු කරාවිද ? තරුණ තරුණියනි මේ පල් හොරු කිසිවිටකත් විශ්වාස නොකරනු ..ජනතාවට පඩි ගෙවන්න මුදල් නැතිලු ..මැති ඇමැතිලාගේ ගිනිගත් ගෙවල් හදන්න මුදල් තියනවා ..නැවතත් රාජපක්ෂ පවුලේ සොහොන් බිම් අලුත් වැඩියා කරගනියි
      රටේ ජනතා බදු මුදලින් ..විදේශවලින් ණය ගන්නේ දේශපාලුවන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ..ඔවුන්ගේ තණ්හාවේ කෙළවරක් නැහැ ..රටේ පිඩිත ජනතාවගේ කදුළු මැද දේශපාලකයෝ සුර සැප විදිනවා ..මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි ..වසර 74 වරින් වර පත් වූ දේශපාලන පක්ෂ අපේ රටට කරපු අපරාධය නතර කිරීමට දැන් කාලයයි ..මේ සිස්ටම් එක change කිරීමට කාලයයි

  4. Jay says:

    උඹ ආවෙි ඒවා වවිසදන්න නේද ?උබලත් වාහන විකුනලා අපි කන කටිට කන්න ලෑස්ති වෙයවි

  5. Jay says:

    මේකෙ ලියල තියන ඒවා කියෙව්වම ලංකාවෙ ජීවත්වන අයගෙ දැනුම ගැන දුක හිතෙනවා. මම දැනට ජීවත් වෙන්න ලංකාවෙ නෙමෙයි. මම ඉන්න රටෙත් පෙට්‍රල් මිළ දෙගුනයකට වඩා වැඩිවෙලා. උද්දමනයේ වැඩිවීම නවත්වන්න බැහැ. නිව්ස් වල කියනව ආහාර හිඟක් ගැන.

    • ගිරවා says:

      Jay උබ විදේශීය රටක වැසිකිලි පිරිසිදු කරනවද ? ලෝකයේ කිසිම රටක අපේ රටේ වගේ රටේ බදු මුදල් සොරා කන දේශපාලකයෝ නැහැ ..අපේ රටේ ජනතාවට ආර්ථික ගැටළු ඇතිකළේ රට පාලනය කල පාලකයෝ.විශේෂයෙන් රනිල්, සිරිසේන සහ මහින්ද ඇතුළු කුරහන් සාටක පවුල් සමාගම

  6. Felix says:

    Podi Unta Gil Boola Gahanna Kiya Denawa Wage, Surangana Katha Pappa

  7. කමල් says:

    පාර්ලිමේන්තුවත් රැස් වෙන්න එපා කිව්වේ නැතෙයි. ලොකු පාඩුවක් නේද?

Main News