අගමැතිගෙන් සජිත්ට එකවර යෝකරයක්-ගුග්ලියක්.. ජනාධිපතිවරණයෙන් ජය ගන්න හැටි ලිඛිතව පෙන්වන්නැයි කියයි..
September 13, 2019 at 9:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලදහොත් එය ජයගන්නා ආකාරය තමන්ට ලිඛිතව පෙන්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති බව වාර්තාවෙයි.
ජනාධිපතිවරණය ජය ගන්නා උපක්‍රම, එක් එක් ස්ථරයන්ගෙන් පක්ෂවලින් අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයන් ආදී ලෙස ජනාධිපතිවරණය ජය ගන්නා සැලැස්ම පැහැදිලිව සටහන් කරන ලෙස ද දන්වා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමැති සජිත් ප්‍රේමදාස අතර පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවලදී මෙම දැනුම් දීම සිදු කර ඇති බව ද වාර්තා වෙයි.
එම සාකච්ඡාවේ දී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් ඡන්දවලින් ජනාධිපතිවරණය ජය ගැනීම කිසිසේත්ම සිදු නොකළ සිදුකළ නොහැකි බවයි.
එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ද සහය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇත.
අපි රනිල්ට රනිල් අපිට. අපි පරගැති යූඑන්පී
අපි රනිල්ට රනිල් අපට, අපේ පුකට යවාගන්න තදට
එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම කෙනෙක් ජයගන්නේ නැහැ බෞද්ද කතෝලික හින්දු චන්ද ගොටාබයට එය ඉස්තිරයි