අගමැතිගෙන් සාක්‍ෂි විමසීම මගහරින්න බැදුම්කර කොමිසම අවසන් කරයි.. බැදුම්කර නාට්ටිය නිමයි..

October 20, 2017 at 2:10 pm | lanka C news
අගමැතිගෙන් සාක්‍ෂි විමසීම මගහරින්න බැදුම්කර කොමිසම අවසන් කරයි.. බැදුම්කර නාට්ටිය නිමයි..

මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර මගඩිය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැදවා ප‍්‍රශ්න කි්රීමට නියමිත මොහොත පැමිණි විටම බැදුම්කර කොමිසම සාක්‍ෂි විමසීම අවසන් කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මාතරදී පැවති ඒකාබද්ද විපක්‍ෂ ජන හමුවකදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

බැදුම්කර කොමිසම සාක්‍ෂි විමසීම අවසන් කිරීමෙන් ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවද කී ඔහු බැදුම්කර කොමිසම රටට පෙන්වන ලද නාවයක් පමණක් වී ඇති බවද පැවසීය.

මහ බැංකුවේ සිදුව ඇත්තේ රාජකීය සොරකමක් බවත් ඊට සම්බන්ධ සියල්ලන්ට ඉදිරි රජයක් යටතේ දඬුවම් දෙන බව දන්නා නිසා ආණ්ඩුව කිසිම මැතිවණයක් නොපවත්වන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

20 views

7 Comments to “අගමැතිගෙන් සාක්‍ෂි විමසීම මගහරින්න බැදුම්කර කොමිසම අවසන් කරයි.. බැදුම්කර නාට්ටිය නිමයි..”

  1. Alapaluwa says:

    මේකද රටේ ජනතාව පුල පුලා බලාසිටියේ? කාලයත් මුදලත් නාස්තිකාර මේ කරපු විනාශයට ජනාධිපතිට මුදල් අවබාවිත කරා කියා නදුදමන්න වටිනවා.ශික් ලැජ්ජයි අපේ රටේ දේශපාලකයන්ගේ වැඩ නිසා අපිට තිබෙන තැනත් දැන් නැතිවෙලා ලංකාවේ කිවම සෝමාලියා sea pirates ලා වාගේ කට්ටිය ඉන්න රටක් කියා තමයි සිතන්නේ එවුන් මුහුදෙන් ගොස් මංකොල්ල කනවා මුන් අමුදවල් දෙනෝදාහක් බලාගෙන සිටිනවිට සුක්ෂම විදියට හොරාකනවා.කමක් නැ හැබැයි මතක තියාගන්න උඹලා සාදාකල් ඔය පුටුවල ඉන්නේ නැ කියා.අන්න එදාට ඔය කාපුවා වමාරන්න වෙනවා.

  2. Nandasoma says:

    ෂෝක් ටෙලි නාට්‍යයක් නේද?

  3. අමිල says:

    දැන් නම් මේ කාලකන්නි රට අත හැරලා ඉතියෝපියාවට හෝ සෝමාලියාවට වත් යන්න හිතෙනවා.

  4. Nim says:

    WETATH NIYARATH GOYAM KA NAM
    KATA KIYAMUDA ME WENASAYA ?
    DEVIYANI MAGE RATA
    RAKADEEWA!!!

  5. john the baptice says:

    දැන් සිරිසේනගේ වෙනස සැපද?

  6. Open mind says:

    එයා ගේ දැනුම පිළිබඳව දුකයි

Main News