අගමැතිගේ ආරක්‍ෂක රථයක් ත‍්‍රීවිලයක හැපේ.. පහක් රෝහලේ..

February 6, 2018 at 8:02 am | lanka C news
අගමැතිගේ ආරක්‍ෂක රථයක් ත‍්‍රීවිලයක හැපේ.. පහක් රෝහලේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් සහිත ඩිෆෙනඩර් රථයක් සහ ත‍්‍රීවීලයක් ගැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත‍්‍රි 10.00ට පමණ කොළඹ-හලාවත මාර්ගයේ කටුනේරිය ප‍්‍රදේශයේදීය.

අනතුරින් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කල විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙක් හා ත‍්‍රිවීලයේ ගමන් ගත් සිවු දෙනෙකි.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පුත්තලමේදී පැවති ජන රැළියක ආරක්ෂාවට සෙබළුන් පිරිසක් සහිත ඩිෆේන්ඩර් රථයක් මෙම අනතුරට මුහුන පා ඇත.

9 views

5 Comments to “අගමැතිගේ ආරක්‍ෂක රථයක් ත‍්‍රීවිලයක හැපේ.. පහක් රෝහලේ..”

  1. kolla says:

    රටේ කිසිදු ත්‍රස්තවාදී තර්ජනයක් නොමැති වෙලාවක ඇති විසාල ආරක්ෂකයින් තොගයක් මහජන මුදල් කාබාසිනියා කරමින් පාවිච්චි කරලා ඒ මදිවට පාරේ යන දුප්පත් අහිංසකයොත් හප්පල දානවා . නිකං හම්බුවෙන බැඳුම්කර අරක්කු බිලා නේ ඔය රැස්වීම් වලට ගිය අය එනවා ඇත්තේ .මහ හොරකම් මදිවාට මහ අපරාධ .

    • Ane mage kata says:

      Thamange paksaye rasveemvalata rajaye vaahana, rajaye hamuda bhatayan yodaa ganeema rajaye mudal paksa katayuthuvalata bhavitha kireemaki. Rajya depala avabhavithayaki. Rajaye Visesa kaarya Balakaaye Police niladhaariyaata saha Sivil vasiyanta vandigaveema Ranilge paudgalika vagakeemaki.

  2. Notthischange says:

    Three wheeler ekaka hapila defender eke unta barapathalai… yako. me defender walata mokata boruwata salli wiyadam karanawada. three wheel tikak dammanam iwarane…

  3. දේශප්‍රේමියා says:

    ඩිෆෙන්ඩර් එක්ක ත්‍රීවීල් එකක් හැප්පුනාම ඩිෆෙන්ඩර් එකේ ඩ්‍රයිවර්ට කොහොමද තුවාල වෙන්නේ….
    මේවා දැවෙන ප්‍රශ්න…

    • Kosthapal Pasindu says:

      Defender Driver is in Critical condition. Took took passengers have minor injuries. What a funny story. Police in Sri Lanka are like small children..neh?

Main News