අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරන්න ජනාධිපති කැබිනට් පත්‍රිකාව දමයි..

March 11, 2018 at 6:48 pm | lanka C news
අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරන්න ජනාධිපති කැබිනට් පත්‍රිකාව දමයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කිරීමෙන් පසුව එය අනුමත කිරීම පසුවට කල්දැමූ බව දැනගන්නට ඇත.

ඉකුත් පෙබරවාරි 27දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ කමිටුව අහෝසි කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබිණි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව එදින රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම මහත්වරුන්, කළමනාකරණ කමිටුව අහෝසි නොකරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි. පැය එකහමාරක පමණ කාලයක් තිස්සේ පැවැති එම සාකච්ඡාවේදී ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමා කැබිනට් මණ්ඩලයේදී කළ දැනුම්දීම ලිඛිතව ලබාදෙන බවකි.

ජනාධිපති කළ ඒ දැනුම්දීම ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එනම් මාර්තු 6 වැනිදා කැබිනට් සන්දේශයකින්ම කර තිබේ.

මේ අතර පසුගිය සිකුරාදාත් (9දා) ආර්ථික කමිටුව රැස්වී ඇත.

– mawbima

26 views

7 Comments to “අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරන්න ජනාධිපති කැබිනට් පත්‍රිකාව දමයි..”

  1. PISSU PUSHA says:

    It is mega robber who broked Central Bank, So, this is is another unit for robbery

  2. Ashwaya giya pasu istaalaya wasaa damai.

  3. Dubba says:

    මළ කෝලම් !!!

    • Asaranaya says:

      කොහොමකලත් “පාලපතියා” පින්ගුත්තර රානි අලයට බයයි,
      නොදකින වගෙ නොවැ දෙයියනෙ දකිනකොට
      කට සැරවෙන්නෙ ඔහු ඈතින් සිටිනවිට,
      දන්නෝ දනී කැබිනෙට්ටුවේ බොහෝවිට,
      හෙලුව වසාගන්නකෝ බන් පෙනෙයි මට

  4. මාතලේ බණ්ඩා says:

    අගමැතිගේ ආර්ථික උපදේශක පාස්කරලිංගමි වයස අවුරැදු 85+ ජනාධිපති ලේකමි ඔස්ටින් ප්‍රනාන්දු වයස 85+ අනේ මන්ද

  5. Raawana says:

    thawath adyanaya karanne monawada janathaawa paadama kiyala dunnata passe.oya peralana poth walata ahu wenna epaa. meyaa kal maranna hari dakshaya.kamitu pihituwa innawa misak karana ken gediyak nehe.oya kehemmal kamituwa ahosi karala denwath homben yana janathaawata denena yamak karanna.eya kaageth engata gunayi.

  6. Gadol says:

    “ශ්‍රීලන්කන් ඉංගිරිසි දරුවන්” වුනු ජේ ආර් සහ ඔහුගේ බෑණාගෙන් මේ රටට වත් සිංහලයට වත් සිදු වුනු සේවයක් නැති තරම්…!
    සිද්ද උනේ රටට, ජනතාවට හානියක් විතරයි….!

    රටට දෙවියන්ගේම පිහිටයි…!

Main News