අගමැතිගේ ඇමරිකා ගිවිසුමට ජනපති විරුද්ද වෙයි..

June 22, 2019 at 6:48 pm | lanka C news
අගමැතිගේ ඇමරිකා ගිවිසුමට ජනපති විරුද්ද වෙයි..

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජනා වී ඇති සහස‍්‍ර අභියෝගතා සහයෝගීතා ගිවිසුමට (මිලේනියම් චැලෙනජ් කෝපරේෂන්) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්ත්වය මත අදාළ ගිවිසුම අත්සන් කිරීම ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බවයි.

අදාළ ගිවිසුම අත්සන් කිරීමට යෝජනා වී ඇත්තේ රටවල් දෙකක් අතර ඇතිවන ගිවිසුමක් ලෙස බැවින් කිසිම ආණ්ඩුවකට වෙනස් කළ නොහැකි වනු ඇතැයිද වාර්තා වෙයි.

මේ තත්ත්වය මත ගිවිසුමට අත්සන් කිරීමට එකඟ විය නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම ගිවිසුම විරෝධතා පල කර ඇත.

ගිවිසුම මගින්ළ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉඩම් තීරුවක්ද ඇමරිකාවට බදු දීමට නියමිත බවට චෝදනා එල්ල විය.

16 views

11 Comments to “අගමැතිගේ ඇමරිකා ගිවිසුමට ජනපති විරුද්ද වෙයි..”

  1. Sun says:

    Thank you Me president for your clear comments about current happenings. We all know from the dirty experience in politics, it is hard to find the genuine people on the soil as
    as a result of overgrown corruption in the country as well as in the world. Running for money concept. All the leaders round the world are same no difference. But all know theirs are under boiling pressure. No care about human being but talking in duality. Where are we now . Lost the routes but we know still , we want to find this sincere nature of our country my dear friends. Not money, no big building, but the inner happiness, freedom.

Main News