අගමැතිගේ ඉරණම තීන්දු කරමින් විශ්වාස භංගය අපේ‍්‍රල් 04 වැනිදා.. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්..

March 22, 2018 at 2:10 pm | lanka C news
අගමැතිගේ ඉරණම තීන්දු කරමින් විශ්වාස භංගය අපේ‍්‍රල් 04 වැනිදා.. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව අපේ‍්‍රල් මස 04 වැනිදා විවාදයට ගැනීමට අද පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

එදින විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගය ඡුන්ද විමසීමකට ලක් කිරීමකට නියමිතය.

ඒ සදහා රහස් ඡුන්දයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරයි.

0 views

7 Comments to “අගමැතිගේ ඉරණම තීන්දු කරමින් විශ්වාස භංගය අපේ‍්‍රල් 04 වැනිදා.. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්..”

  1. නයා.... says:

    රහස් ඡන්දෙ නම් ලැබෙනකන් විස්වාස නැහැ කරුවල ජයසූරිය එක්ක.

    • ජෙහාන් says:

      කරුවලේ කාවුරු රනිල්ට චන්දෙ නුදුන්නත්
      අර නාට්ටාමි පෙනුමක් තියෙන රටට සත පහක වැඩක් නැති මෝඩයා දුමින්ද චන්දෙ දෙනවා රනිල් තියාගන්න .මිනිහට රටට වඩා මිනිහගේ ඇමතිකම වටිනවාලු .අනුරාධපුරේ ඉන්න අසරණ ගැමියෝ රවට්ටලා මේවගේ එවුන් පාර්ලිඑම්න්තු ආවට ඕකා කොළඹ පැත්තෙන් ආවනම් ඇපත් නෑ.
      ඒවගේම අර මහසෝනා වගේ කැත මිනිහා අපච්චිමලෝ කියන අපතයා අන්න මිනිහත් රනිල් බේරගන්න චන්දෙ දෙනවා ඒවගේම තමයි අනාගත අගමැති බස්කොන්දස්තර උනත් අන්තිම මොහොතේ බයටම රනිල්ව බේරගන්න චන්දෙ දෙනවා ලජ්ජා නැති නිහිනයෝ මුන්නම්

  2. cw says:

    I smell a rat here. If MPs have signed a petition why do we want a secret ballot?

  3. මාතලේ බණ්ඩා says:

    රහස් චන්ද නැහැ.ජන්දෙ එළිපිට.ඩලස්ටයි,වීරවංශටයි,ගොමිමන්පිලයටයි,රත්තරන් මාල හොරාටයි වහකන්නයි වෙන්නෙ.

  4. Saradiel says:

    රටේ විසාල පිරිසක් කිරිබත් කන්න ලෑස්තිවෙලා ඉන්නේ

  5. victor says:

    Ranil is not going to lose as long as the bastards who want to hang on to their ministerial positions over and above the country and the people. These bastards should be discarded to the political waste bin once and for all.

  6. DAYASIRI says:

    ලංකා පුරවැසිකමවත් නොමැති හොර වංචාකාර සිංගප්පූරු කාරයෙකු හිතුමතයට ගෙන්වා මහබැංකු අධිපති කමට පත්කර මහබැංකුව කොල්ලකා වසර තිහකට අධික කාලයකට ලංකා ආර්ථිකය අගාධයට අැද දැමූ රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිව ඉදිරිපත්කර අැති විස්වාශ භංග යෝජනාවට පක්‍ෂව තම චන් දය පාවිච්චි කිරීමට රටට ආදරය කරන මැති අැමතිවරුනගේ හෘද සාක්‍ෂිය බල කරනු නියතය.
    එහෙත් ඊට එරෙහි වන්නෝ වෙත්නම්, ඔවුන් කුමන ආකාරයේ හෝ දූෂණ වංචා සිදුකර අැති දූෂිතයන් බව මනාව ඔප්පු වන බව සක් සුදක් සේ මහජනතාවට මැනවින් පැහැදිලි වනු නියතය.

Main News